‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීමට කඩිනම් සාකච්ඡා… ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රටට ඉගැන්වූ මිනිස්සු අද ඉන්දියානු අත්පත්කර ගැනීමේ ක්‍රියාන්විතයේ ප්‍රබල සාමාජිකයන් වෙලා – විමල් වීරවංශ (වීඩියෝ)
Posted on February 8th, 2024

උපුටා ගැන්ම ලංකා ලීඩර්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම සඳහා කඩිනමින් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත්, ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් විවිධ රටවල ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීම සඳහා වෙනම නිලධාරියෙකු හා කාර්යාලයක් ද ස්ථාපිත කර ඇති බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

දැන් එම නිලධාරියා හා ඉන්දියානු නියෝජිතයන් අතර කඩිනම් සාකච්ඡා පැවැත්වෙන බවද, මෙම ගිවිසුම මීට පෙර අත්සන් කිරීමට දැරූ උත්සාහය රටේ දේශමාමක බලවේගවල මැදිහත්වීම මත වැළකී ගිය බවද ඒ මහතා පවසයි.

ජතික නිදහස් පෙරමුණ විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විමල් වීරවංශ මහතා පැවසුවේ එට්කා ගිවිසුම යනු ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළත්, සාමාන්‍ය වෙළෙඳපොළත් යන දෙකෙහිම ශ්‍රී ලාංකිකයන්ට පවතින අවස්ථාව ඉන්දියානුවන්ට හිමිකර දීමේ ගිවිසුමක් බවය.

මෙමගින් මෙරට රැකියා වෙළෙඳපොළට කිසිඳු බාධාවකින් තොරව ඉන්දියානුවන් සඳහා විවෘත වන බවත්, රැකියා වෙළෙඳපොළේ පමණක් නොව වෙළෙඳාමත් ඔවුන්ගේ ග්‍රහණයට මේ හරහා නතුවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ හරහා ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ඉන්දියානු කොළනියක් බවට පත්වන බවවද පෙන්වා දෙන විමල් වීරවංශ මහතා, ආර්ථික වශයෙන් රට හතරගාතෙන් වැටී ඇති මොහොතේ මෙරටට පිහිට වෙන බව පවසමින් ඉන්දියාව තම ව්‍යාප්තවාදය මෙරට පතුරවමින් සිටින බවටද චෝදනා නගයි.

රට මෙම ආර්ථික අවපාතයට වැටී ඇති මොහොතේ ඉන්දියානු ආධිපත්‍ය ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනමය වශයෙන් ද පතුරවමින් සිටින බවත්, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රටට ඉගැන්වූ මිනිසුන් ද අද කට පියාගෙන සිටින්නේ ඉන්දියානු අත්පත්කර ගැනීමේ ක්‍රියාන්විතයේ ඔවුන් ද ප්‍රබල සාමාජිකයන් බවට පත්ව සිටීම නිසා බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

(20+) Video | Facebook

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress