අගමැති, ජාතික චෙස් ශූරයාගේ ජාත්‍යන්තර ජය අගයයි….
Posted on February 11th, 2024

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2024 ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ (අවුරුදු 18න් පහළ) රන් පදක්කම දිනාගත් එල් එම් සුසල් ද සිල්වා දරුවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඇගයීමට ලක්විය. ඒ, මෙම යොවුන් ක්‍රීඩකයා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී 2024.02.09 දින හමු වූ අවස්ථාවේදීය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම යොවුන් ක්‍රීඩකයා, රටට ගෙනදුන් කීර්තිය ඉහළින් අගය කළ අග්‍රාමාත්‍යවරයා, ඔහුට ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා ආශිර්වාද කළේය.

මෙම අවස්ථාවට එම යොවුන් ක්‍රීඩකයාගේ මව, Youth Circle of Sri Lanka හි සභාපති මහීම් දිසානායක, සණස  ව්‍යාපාර  පුළුල් කිරීම් ප්‍රධානී (සණස ජීවිත රක්ෂණ සමාගම) තුසිත් වීරවර්ධන, සණස පුහුණු කිරීම් ප්‍රධානී (සණස ජීවිත රක්ෂණ සමාගම) සාලිය සිල්වා යන අයද සහභාගි වී සිටියහ.

සුසල් ද සිල්වා,වයස අවුරුදු 15 දී,(2021) ශ්‍රී ලංකාවේ ලාබාලතම ජාතික චෙස් ශූරයා බවට පත් වි, 2022 දී අඛණ්ඩව දෙවන වරටත්, 2023 දී තුන්වන වරටත් ඔහු ජාතික ශූරතාව දිනා ගත්තේය. ඔහු, ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි පැවති ජාත්‍යන්තර චෙස් තරඟ ගණනාවක්ද ජයග්‍රහණය කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress