සෙන්දිල් තොණ්ඩමන්ගේ නැගෙනහිර පළාතේ ඉඩම් කොල්ලයට මහජන විරෝධය
Posted on February 25th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

නැගෙනහිර පළාතේ මහ ඇමැති සෙන්දිල් තොණ්ඩමන් තම බලය පාවිච්චි කරමින් නැගෙනහිර පළාතේ ඉඩම් මහා පරිමාණයෙන් හිතවතුන් අතර බෙදාදෙන බව සහ මුදලට විකුණන බවට පළාතේ මහජනයා පැමිණිලි කරති.

ඊට අදාළව විස්තර සහිතව සහ මහජන අත්සන් සහිතව පෙත්සමක් එම ජනතාව විසින් ජනාධිපතිවරයාට යොමුකර ඇත.

එම ඉඩම් කොල්ලය නිසා මහාපරිමාණ වන සංහාරයක් සහ පරිසර විනාශයක් ද සිදුවන බව ද වාර්තා වේ.

ඒ අනුව මහජනයා උද්ඝෝෂණය කරන්නේ වහාම සෙන්දිල් තොණ්ඩමන් ආණ්ඩුකාර තනතුරෙන් ඉවත් කරන ලෙසය. (LANKA LEADER )

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress