අනුර ජනාධිපති වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදලා විධායකය අහෝසි කරනවා..
Posted on March 1st, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

තම ආණ්ඩුවක් යටතේ නව ව්‍යවස්ථාවක් සම්මාදනය කර විධායක ජනාධිපති ධුරයද අහෝසි කිරීම ද සිදු කරන බවද ඔහු පැවසීය.

ඉදිරි මැතිවරණ පරාජය පිළිබඳව බියට පත්ව ඇති පාලකයන් විවිධ උපක්‍රම භාවිතා කිරීමට පටන් ගෙන ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉදිරි ජනාධිපතිවරණයට කවුරුන් ඉදිරිපත් වුවද එය ජාතික ජන බලවේගයට අභියෝගයක් නොවන බවද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress