මෙරටට එරෙහිව ක්‍රියාත්මක වන ඉන්දියානු ආක්‍රමණය පරාජයට පත්කිරීම සදහා සකලවිධ වූ බලවේග ඒකරාශී විය යුතුයි – නීතිඥ නුවන් බැල්න්තුඩාව
Posted on March 8th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

මෙරටට එරෙහිව ක්‍රියාත්මක වන ඉන්දියානු ආක්‍රමණය පරාජයට පත්කිරීම සදහා සකලවිධ වූ සියලු බලවේග ඒකරාශී වියයුතු බවත්, ඉන්දියානු රජය සමග වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බව හා එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට රටට අහිතකර ආර්ථික, ආරක්ෂක හා වෙළෙඳ ගිවිසුම් ගණනාවක් අත්සන් කරමින් පවතින බවත් ඒකාබද්ධ ජනතා ක්‍රියාකාරී සභාවේ සමකැඳවුම්කරු නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ඉන්දියාවට බොහෝ කාලයක සිට ඉන්දියානු භූ දේශපාලනික අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අත්පත්කර ගැනීමේ උවමනාවක් තිබූ බවද, ඉන්දියානු සාගරය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන භූ දේශපාලනය තුළ අමෙරිකා එක්සත් ජනපදයේ උවමනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා චීනයට එරෙහිව මෙම කලාපය තුළ ඉන්දියාව බලවත් කිරීමේ උවමනාවක් අමෙරිකාවට ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් නුවන් බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ උවමනාවත්, අමෙරිකාවේ වුවමනාවත් සඵල කිරීම සඳහා මෙරට දේශපාලකයන් ද කටයුතු කරමින් සිටින බවයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න… 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress