ගෝඨාගේ විලාපය කෘතිය අසම්පූර්ණයි…. රෝග නිධානය වහලා… යුද අපරාධ චෝදනා වලට ස්වභාවික යුක්තිය ඉටුකරගන්නා තුරු යුද අපරාධකරුවන් රාජ්‍ය සේවයෙන් ඉවත්කළ යුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස
Posted on March 10th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ‘ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ කෘතිය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මගතා ලංකා ලීඩ් වෙබ් අඩවියට පවසා සිටියේ එම පොත අසම්පූර්ණ බවය. 

ඔහුගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්,

“පලාගිය ජනාධිපතිතුමන් සඳහන්කර තියෙනව ශවේන්ද්‍ර සහ කමල් මානව හිමිකම් කඩකලා යන චෝදනාවට කොපමණ සංවේදීව හිටියද යන වග මෙහි සම්පූර්ණ වගකීම පලාගිය ජනාධිපතිතුමා දැරිය යුතුයි. එතුමාට හරිමග ගැනීමට නොහැකිවන ලෙස උපදෙස් දුන්න නීතිය පිළිබඳ මහාචාර්‍යවර කේවට්ටාචාරීතුමා එහි මූලික වගඋත්තරකරුවෙක්. එතුමා තමයි ගෝඨාභය මැතිතුමාට උපදෙස් දුන්නෙ කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්ව, සරත් වීරසේකර ආදී 47 දෙනෙකුට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා එලෙසම පවතිද්දි ලබා දී ඇති ඳඬුවම් වලින් මුදවා ගැනීමට මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව ‘එන්ගෙර්ජ් කරගත යුතුයි’ කියල. එබැවින් අප විසින් ගෝඨාභය ජනාධිපතිතුමා වෙත ‘අපේ යුද විරුවන් පලමුව යුද අපරාධ චෝදනා වලින් නිදහස් කරගත යුතුයි, ඒ සඳහා ස්වාභාවික යුක්‍තිය නියමය භාවිතා කල යුතුයි’ කියන යෝජනාව එතුමා එදා පිළිගත්තෙ නෑ. එදා ඒ කේවට්ටාචාරීතුමාගේ එන්ගේජ් තියරිය පිළිනොගෙන අප පෙන්වාදුන් පිළිවෙත අනුගමනය කරානම් ‘මානව හිමිකම් කඩනොකරනු’ යන කඹයෙන් අපේ හමුදාවේ සහ පොලීසියේ අත් ඇඹරීමට හැකියාවක් ලැබෙන්නෙ නෑ. ගෝඨාභය අප දුන්න උපදෙස පිළිබඳව කිසිදු සඳහනක් ඔහුගෙ කෘතියේ සඳහන් කර නැහැ. එබැවින් එම කෘතිය හුදු විලාපයක් පමණයි. යහපාලන රජය 2015 දී පිළිගත් අපේ යුද විරුවන් යුද අපරාධ කරුවන්ය යන පිළිගැනීම අදටත් වලංගුයි.

යුද අපරාධ චෝදනාලාභීන් රාජ්‍ය සේවයේ ඉහල තලවල සිටීම රටේ පැවැත්මට අහිතකර බවත්, ඔවුන්ව වහා එම තනතුරුවලින් නිදහස් කළ යුතු බවත් අප මීට පෙරත් පෙන්වා දුන්න. මෙය සත්‍යක් බව ගෝඨාභය මහතාගේ කෘතියෙන් ඔප්පුවී තියෙනව. තවදුරටත් රාජ්‍යයේ කටයුතු වලට බාහිර බලපෑම ඇතිවීම වැළක්වීම සඳහා ගෝඨාභය මහතා නිර්දේශ කර ඇති ක්‍රියා මාර්ග වලට අමතරව මේ යුද අපරාධ චෝදනා ඇති අය රාජ්‍ය සේවයෙන් නිදහස් කළ යුතුයි. නොඑසේනම් ඔවුන්ව හැසිරවීමේ හා එන්ගේජ් කරගැනීමේ හැකියාව පවතිනව. නැවතත් ඔවුන්ව ගෞරවාන්විතව රාජ්‍ය සේවයට ගත යුත්තේ ‘ස්වභාවික යුක්තිය නියමය’ පරිදි ඔවුන්ට ඇති සියළු යුද අපරාධ චෝදනා වලින් ඔවුන්ව නිදහස් කර ගත් පසුවයි. ඒ සඳහා මූලික වාර්තා ලෙස අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ පෙරමුණ ගැනීමෙන් පත්කළ යුද විශේෂඥ වරුන්ගේ වාර්තා හත, අප විසින් 2017 දී ජිනීවාහි මානව හිමිකම් කොමිසමට බාරදෙන ලද විරුවන්ගේ විත්තිවාචකය සහ නෙස්බි සාමිවරයාගේ හෙළිදැක්වීම් භාවිතා කළ හැකියි. ඒ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට මේ දිනවල ජිනීවාහී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට රජය විසින් යෝජනා කළ යුතුයි. ජිනීවා ගොස් මෙවර පාර්ලිමේන්තුවට පත්ව ඇති මංත්‍රීවරුන් ඔවුන් සේවය කරන්නාවු පක්ෂය කුමක් වුවද මේ සඳහා විශේෂ උනන්දුවකින් එක පාර්ෂවයක් ගෙන කටයුතු කළ යුතුයි.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress