ඉන්දියාව සමග ගනුදෙනු කළ යුත්තේ නරියාත් සමග ගමරාළ ගනුදෙනු කළ ආකාරයටයි – මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති
Posted on March 16th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
එදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර බලය ලබාගත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එහෙත් ඔහුට එදා ඉන්දියානු කොන්ත්‍රත්තුව ඉටු කිරීමට ඉඩක් නොලැබුණු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
2019 වනවිට ගෝඨාභය මහතාටද ඉන්දියානු කොන්ත්‍රත්තුව ලැබුන බවත්, එම කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට මිලින්ද මොරගොඩ වැනි ඒජන්තයන් යැවූ බවත් උන්වහන්සේ පවසති.
මිලින්ද මොරගොඩ දිනක් තමන් වහන්සේව හමුවී අදානිගේ හොඳ ගැනත් ඉන්දියාවට පොරොන්දු වූ දේ නොකර සිටීමට නොහැකි බවත් පැවසූ බවද උන්වහන්සේ සඳහන් කරතිි.
ඉන්දියාවත් සමග ගනුදෙනු කිරීමේ දී ගමරාළගේ දියණිය නරියාට දුන් කතාව වැදගත් වන බවද, ඉතිහාසය තුළ ඉන්දියාවත් සමග සැමදා ලංකාව වැඩ කළේ නරියත් සමග වැඩකරන ලෙස බව ද මැදගොඩ අභයතිස්ස හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.
උන්වහන්සේ මේ බව පැවසුවේ කැලණිය, නාමල්වත්ත මහා විහාරීය සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවේ දීය.
වීඩියෝව නරඹන්න…