රනිල්, සජිත් සහ අනුර කවුරු ජනාධිපතිවරණයේ දී ඡන්ද අතර පෙරමුණට ආවත් රටේ ඉරණම තීරණය කරනු ලබන්නේ දැනටමත් ඔවුන්ව මෙහෙයවන ප්‍රතිගාමී බලවේග – විමල් වීරවංශ (වීඩියෝ)
Posted on September 4th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

චීනය විසින් ‘බෙල්ට් ඇනඩ් රෝඩ්’ ව්‍යාපෘතියෙන් ආයෝජනය කළ රටවල් සෑම එකකම පාහේ රෙජිම් චේන්ජ් ව්‍යාපෘතිය ඉතා බලසම්පන්න ලෙස සිදුවෙමින් ඇති බවත්, ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය, මියන්මාරය, පාකිස්ථානය ඇතුළ රටවල මෑතකාලීනව සිදුවූ සිදුවීම් ඒ සඳහා උදාහරණ සපයන බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

හිරු ‘සලකුණ’ වැඩසටහනට එක් වෙමින් ඒ මහතා පවසන්නේ  මෙම ක්‍රියාදාමය පිටුපස අමෙරිකා එක්සත් ජනපදය  සිටින බවයි.

මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියට අමෙරිකාව විසින් පැවරූ තවමත් අවසන් කිරීමට නොහැකි වූ කාර්යක් පවතින බවද, එනිසා ධුරයෙන් ඉවත්වුනද තවදුරටත් ඇය මෙරට රැඳී සිටින බවද ඒ මහතා මෙහිදී හෙළිකර සිටියේය.

ලංකාවේ ජුලි 9 දා සිදුවූයේ ප්ලෑන් A එක නොව ප්ලෑන් B එක බවත්, ප්ලෑන් A එක බංග්ලාදේශයේ සිදුවෙමින් පවතින බවත් ජුලියා චන්ග් මැතිණියට මෙරටින් යාමට කළින් ප්ලෑන් A එක මෙරට තුළ සිදුකිරීමට අවශ්‍යතාවය වී ඇති බවත් පවසන විමල් වීරවංශ මහතා, මෙවර ජනාධිපතිවරණයෙන් පසු බංග්ලාදේශයේ ඇතිවූ වතාවරණය හා සමාන විනාශකාරී වාතාවරණයක් මෙරට තුළ නිර්මාණය වීමේ වැඩි ඉඩක් පවතින බවත් පෙන්වා දෙන ලදී.

ජනාධිපතිවරණයේ දී ජයගන්නා පුද්ගලයා තෝරාගැනීමට දෙවැනි මනාපය ගණන්කරන කාල සීමාවේදී රට ගිනි තැබීම සඳහා තෝරාගත හැකි බවද විමල් වීරවංශ මහතා මෙහිදී කරුණු අනාවරණය කළේය.

වත්මන් ජනාධිපතිවරයා, විරුද්ධ පක්ෂ නායකයා හෝ අනුර කුමාර දිසානායක යන කවරෙකු ජනාධිපතිවරණයේ ඡන්ද අතර පෙරමුණට පැමිණියත් රටේ ඉරණම තීරණය කරනු ලබනු ඇත්තේ දැනටමත් ඔවුන්ව මෙහෙයවන මේ ප්‍රතිගාමී බලවේගයන් විසින් බව විමල් වීරවංශ මෙහිදී අනාවරණය කළේය.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න… 

https://lankaleader.com/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress