මහරගම නගර සභාවේ අපේක්ෂකයෙක්ගෙන් පළමු වරට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සහ වෙබ් අඩවියක්
Posted on April 15th, 2025
තුසිත බාලසූරිය
මෙවර එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ මහරගම නගර සභාවේ ගොඩිගමුව උතුර කොට්ඨාසයට තරඟ කරන තුසිත බාලසූරිය විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය දිනන මහරගම හදන දැක්ම නමින් වෙබ් අවකාශයට මුදාහැර තිබෙනවා. මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙක් වෙබ් අවකාශය හරහා තම ප්‍රතිපත්ති හා දැක්ම එළිදක්වන පළමු අවස්ථාව මෙය වන අතර පහත යොමුව ඔස්සේ ඔබට එම ප්‍රතිපත්ති ප්‍රකාශනය බාගත හැකියි.
දිනන මහරගම හදන දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි මුලික කරුණු පහක් වෙත අවධානය යොමු කර ඇති අතර එහි පළමු වැන්න වන්නේ පවිත්‍ර පරිසර පද්ධතියක් හා විධිමත් හා අලංකාර ග්‍රාම නගර වටපිටාවක් නිර්මාණය කරන සැපැති දිවියක් යන සංකල්පයයි. එහි දෙවැන්න සුවැති දිවියක් ලෙස නම් කර ඇති අතර එහි අවධානය යොමු කර ඇත්තේ නවීන සෞඛ්‍යාරක්ෂණ ක්‍රම උපයෝගී කරගෙන සනීපාරක්ෂක පද්ධතියක් පිහිටුවීමයි.
සුරැකි දිවියක් යන සංකල්පය ඔස්සේ වැසිකිලි වැනි පොදු පහසුකම් සංවර්ධනය කිරීමටත් එම පද්ධතිය උසස් ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යාමටත් යෝජනා කෙරෙන අතර මංමාවත් ඉදිකිරීම, පිළිසකර කිරීම හා විදුලි පහන් පද්ධතිය නඩත්තු කිරීම වැනි අංශත් ඊට අයත්වනවා. බහුතරයක් බෞද්ධාගමිකයන් වෙසෙන මහරගම පුරවරයේ දිවිගෙවන සෙසු ජාතීන් හා ආගම් අතර සහජීවනය පවත්වා ගනිමින් යහපත් දේ පවත්වාගෙන යාමට සරු දැහැමි ප්‍රජාවක් සංකල්පයද දිනන මහරගම හදන දැක්මේ අන්තර්ගතයි.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩිම අවධානයක් හිමිව ඇත්තේ සුහුරු පරිපාලනයක් බිහි කිරීම උදෙසා වන සංකල්පය ජනගත කිරීමටයි. නගර සභාවල ඇති කල්මැරීම, අල්ලස, වංචාව හා හොරකම මුලිනුපුටා දමමින් ස්මාට් ක්‍රමවේද ඔස්සේ ජනතා ගැටලු විසදීමට උවමනා යෝජනා රැසක් තරුණ ජවය ගොඩිගමුව උතුරින් ජයග්‍රහණය කිරීමෙන් පසු මහරගම නගර සභාවෙහි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂයේ වයස අවුරුදු 35ට අඩු තරුණ කෝටාව නියෝජනය කරමින් දේශපාලනයට පිවිසෙන තුසිත බාලසූරිය පන්නිපිටිය ධර්මපාල විදුහලේ ආදි සිසුවෙක් වන අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවි නිර්මාණය පිළිබඳවද, කොළඹ දේශපාලන පීඨයෙන් ආණ්ඩුකරණය හා ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳවද වැඩිදුර අධ්‍යාපනය ලබා තිබෙනවා.
මෙම වෙබ් අඩවිය හා දිනන මහරගම හදන දැක්ම නමින් වන ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ ඔබ මාධ්‍ය ආයතනයේ ප්‍රචාරණයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.
Thusitha Balasooriya
853/3, Sooriya, Ranawaka Garden, Pannipitiya.
Western, Colombo, Sri Lanka.
Telephone: +94 112842510
Mobile: +94 774955553/ 706955553
Web: www.sooriya.org
Facebook: https://web.facebook.com/ThusithaBalasooriyaOfficial
Instagram: https://www.instagram.com/thusitha_balasooriya_official/ Linkedin: https://www.linkedin.com/in/thusithabalasooriyaofficial/