දෙසැම්බර් 12 දිනට යෙදී තිබුණ <ශ්‍රී ලංකා දිනය> කොට උඩ ගියේ ඇයි? (දේව ශාපයක්ද? රටේ භූගෝල විද්‍යාවට ද්‍රෝහි වීමේ විපාකද?)
Posted on December 11th, 2025
C. Wijeyawickrema LL.B., Ph.D.
හැඳින්වීම
මිනිසාගේ ඉතිහාස කතාව යනු වතුරේ ඉතිහාස කතාව යයි කියැවේ (story of water is history of man/woman). ජලයට හා ගින්දරට කීකරු සේවකයෙකු මෙන්ම නපුරු ස්වාමියෙකුද විය හැකිය. හිතට එකඟව ක්‍රියා නොකරණ, අධ්‍යාත්මයක් නැති ගේම්කාරයින්ට බරපතල පාඩම් ඉගැන්වීමට ස්වභාව ධර්මය දෙවරක් හිතන්නේ නැත.
ජය මංගල ගාථා, පිරිත් නූල් අරහං, දළදා මාළිගාව රැවටීමට තැත්කල ආණ්ඩුවක් විසින් ප්ලෑන් කල ශ්‍රී ලංකා දින ජරමරය කොට උඩ යාමට පෙර ලියූ මෙම ලිපියෙන් යෝජනා කලේ දෙසැම්බර් 12 දාට ගෙවල් වල සුදු කොඩි දමා [තමන් රැවටී කරගත් මෝඩ කම ගැන] සිංහල බෞද්ධ ජනයා රටෙන් සමාව ගන්නා ලෙසටය.
පසු ගියදා සිදුවු විපත්තිය (නැස්පත්තිය) විසින්, JRJ-RP ලාගේ අධර්මිෂ්ට පාලන කාලයේදී (1978-94) මෙන් වර්තමාන අධර්මිෂ්ට පාලක නඩය, පාපිසිද, එසේ නැත්නම් කදිරගමාර්ලා 159 ක් ද, යන්න විසඳුවේ සාපයක් හරහාය. මේ නිසා මෙම ලිපිය කාලය කා දැමීමක් නොවන්නේ සමනලී ෆොන්සේකාට හෝ වෙන කවර හෝ පංචස්කන්ධයකට නැවත කවදාවත් මෙම ශ්‍රී ලංකා දින රැවටිල්ලට අත ගැසීමට ඉඩ නොදිය යුත්තේ කුමක් යන්න පෙන්වා දෙන නිසාය.
If the Tamils’ cry for separatism is given up, the two communities could solve their problems and continue to live in amity and dignity. – M.C. Sansoni, CJ-(Sessional Paper No. 7 of 1980).
-Sinhala people have no other land [place to go] – Wigenswaran-CM, NP
Where Tamils live (Source map: Tamilnation.org website 1/25/2010
Source: What and which zone of agreement? Lankaweb – October 29th, 2013
*1. “You can fool some of the people all of the time, and all of the people some of the time, but you can’t fool all of the people all of the time.”
Abraham Lincoln (?)
*2. අනුර කුමාර: අපිටත් අවුරුදු පහකට දීලා බලන්න… පහේ පන්තිය දක්වා ලමයින්ට පයින් යා හැකි දුරකින් පාසැලක් අපි දෙනවා..
නිවේදිකාව: ඕක ඇත්තටම ක්‍රියාත්මක කරනවා??
අනුර කුමාර: ඔව් ඔව් මම සහතික වෙනවා!!
නිවේදිකාව: අනිත් අතට ඔබ තුමන්ලාව ටෙස්ට් කරලා බලන එකත් අපි කර ගන්න මෝඩ කමක් වෙන්න බැරිද?
ඉහතින් දැක්වෙන්නේ දනට අවුරුදු 10-15 ට පෙර ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් හා JVP අනුර කුමාර අතර සිදුවූ වීඩියෝ සංවාදයක් සේපාල් අමරසිංහ විසින් සිය ඉරිදා මසාලාවේ (23/11/1025) කල උපුටා දැක්වීමක කොපියකි.
*3. 1967 දී පේරාදෙණියෙන් පිටවීමට පෙර සිටම හා 1978 දී ලංකාවෙන් පැන ගැනීම අතරතුර, අල්ලාගත් හා යටත්වූ JVP කැරළිකරුවන්ගේ ශාක්ෂි 1971 දෙසැම්බර් මාසයේ සටහන් කර ගත් සිවිල් නිලධාරීන් 200 දෙනාගෙන් තාමත් ජීවත්ව සිටිනා අයෙක් වශයෙන් මගේ නිගමනය වූයේ එහි නායකයින් අහිංසක තරුණ-තරුණියන් 1971 අප්‍රේල් මාසයේදී යුදමුදාවට/පොලිසියට බිලිදුන්නාය යන්නය.
*4. 2022 ගෝල්පේස් අරගලයේදී ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක මා 1971/1977 දී සිතුවා වැනිම සිස්ටම් චේන්ජ් එකකි. එහෙත් එය හුදෙක් බොරුකාරයින්ගේ කුමන්ත්‍රණයක් බව පෙන්වා දෙමින් එය ඇරඹී සතියක් ඇතුලත මා විසින් ලංකාවෙබ් වෙබ් අඩවියට ලියුවේය. අන්තිමේදී JVP විසින් එය හයිජැක් කර පාර්ලිමේන්තුවට ගිනි තියන්නට සුදානම් විය. (ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, දෙවන භාගය : 1948-2024, පිටු 274-310).
*5. ලංකාවට සිදුවූ මුල්ම ආක්‍රමණය මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනයයි. ඒ වෙනකම් කාලා බීලා , දඩයම් කරලා, අහවල් එක කරමින් සිටි ජනයාට මිහිඳු හාමුදුරුවෝ දුක කියල එකක් ගෙනාවා.!!
(එක් පොසොන් දිනයකට පසු දා මධ්‍යම රත්‍රියේදී රනිල් වික්‍රමසිංහ විසින් UNP එකෙන් රත්මලානට චන්දය ඉල්ලා පැරදුන උපුල් ශාන්ත සන්නස්ගලව සිය නිවසට ඇතුල් කර ගනිද්දී කිව්ව කතාව), [Forum # 1 with Vimal]
*6. *…දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ…*
…නිසි කලට වැසී වසීවා
කෙත් වතු සාර වේවා
ලොව දන සතුටු වේවා
නිරිඳු සැම කල් දැහැමි වේවා…*
මෙම රාජා භවතු ධම්මිකෝ යන රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය හා බද්ධවූ ශ්ලෝකය අන්තිමටම සඳහන් කරන්නට හේතුව නම්, ගෝනි බිල්ලෙක් මෙන් ඔළුව වසාගෙන අභිනව පාර්ලිමේන්තුව ආරම්භ කරන්නට රන්වල ආ වේලාවේ එය රටටම අරහං කිරීමෙන් සිදුකල ශාපයත්, රටේ දැන් සිදුවන ගංවතුර හා නායයාම් විනාශයත් අතර සම්බන්ධයක් නැතැයි කියන පිරිසක්ද සිටින නිසාය. ලෝකයේ කාලගුණ විපර්යාස නිරන්තරයෙන් සිදුවන නමුත්, මේ තරම් විනාශයක් මුළු රටටම ගෙනාවේ කුමක් නිසාද යන්නට පිළිතුරක් දෙන්නට කෙනෙක් නැත. කලින් දළදා මාළිගාවට වෙඩි තැබූ අය විසින්ම කඩිමුඩියේ එය ජනයාට විවෘත කර දළදා මාළිගා භූමියේ සිට මුළු මහනුවර නගරයටම කල ගඳ ගැස්වීමේ ජරමරයේදී රටේ සමස්ත සිංහල බෞද්ධ ජනයාම කර කියා ගත හැකි දෙයක් නැතිව අසරණව සුසුම් හෙළුවේය.
ලංකාව සිංහල බෞද්ධයින්ගේ රට කියන්නේ කවුද කියා කලෙකට පෙර ප්‍රශ්න කල විජේදාස රාජපක්ෂ නොබෝ දිනක සේපාල් අමරසිංහ සමඟ කල විඩියෝ වකදී කියා සිටියේ මේ ගංවතුර විනාශය අදුර්මිෂ්ඨ පාලක පිරිසකගේ දුර්දාන්ත ක්‍රියා නිසා සිදුවූ දේව සාපයක් බවය. ගඟක මෝය කටට උඩින් අඩි 10 ක වතුරක් මූදේ සිට රට තුලට යන්නේ කෙසේදැයි ඔහු විමසයි. පසු ගිය දිනක සේපාල් අමරසිංහ සමඟ පැවැත්වූ සාකච්චාවකදී <බස් ගැමුණු> විසින් කියා සිටියේ දැනට මාසයකට පමණ කලින් මිහින්තලේ රජ මහා විහාරයේ බෝ ගසක් කඩා වැටීම දුන් සංඥාව වූයේ නිරාගමිකයින් පිරිසක් විසින් බුද්ධාගමට කරණ හානිය නිසා නුදුරු අනාගතයේ සිදුවීමට නියමිත විනාශය යන්නය.
සිංහලේ (ලංකාවේ) එකම ක්‍රිස්තියානි රජු (1551-1597)
1551 දී දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ රජු වීමත් සමඟ ඇරඹුණ ලංකාවේ ඉතිහාසය, එක් අතකින් සුද්දන් හා කළු සුද්දන් යන පාලක කල්ලියත්, අනිත් පැත්තෙන් පන්සලත් (හා ගමත්) අතර ඇතිවූ නොනවතින අරගලයක කතාව නොවේද කියා මට සිතුනේ, බටහිර අධ්‍යාපනය ලැබූ විශ්ව විද්‍යාල ආචාරීන්-මහාචාරීන් විසින් එය – පෘතුගීසි-ලන්දේසි-ඉංග්‍රීසි- නිදහස්- සමය යනාදී වශයෙන් වශයෙන් බෙදා විස්තර කිරීම හේතුවෙන් මෙම අරගලයේ ජාතික වැදගත්කම වැළලී ගොස් ඇති බව පෙනී යාම නිසාය බුද්ධාගම ආරක්ෂා කිරීමට 1815 ගිවිසුමෙන් දුන් පොරොන්දු කඩකිරීම, 1818 ප්රකාශණයෙන් අන් ආගම් මහනුවර හා උඩරට පැතිරවීමට බලය දීම හා 1857 දී ලන්ඩන් රාජ්‍ය ලේකම් විසින් බුදු සමය හා ආණ්ඩුව අතර ඇති සබඳකම් ක්‍රමයෙන් අඩුකල යුතු යයි නියෝග කිරීම වැනි කාරණා මෙහිදී අමතක කල නොහැකිය.
1841 දී වලානේ සිරි සිද්ධාර්ථ නාහිමියන් විසින් රත්මලානට පැමිණ පරම ධම්ම චේතිය පිරිවෙන ආරම්භ කිරීම <තක්සේරු> කල යුත්තේ, 1818 හෝ 1848 කැරැළි සමඟ නොව, 1832 කෝල්බෲක් ලිබරල් අධ්‍යාපන යෝජනා හා 1835 දී මැකෝලි සාමි විසින් ඉන්දියාවේ දුඹුරුපාට බ්‍රිතාන්‍යයින් (Black whites, කළු සුද්දන්) බිහිකිරීම සඳහා ගෙනා ප්‍රසිද්ධ Education Minute එක හා 1873 පානදුරා මහා වාදයද සමඟය. මේ වනාහී වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිඳුන් (1698-1778) විසින් ඇතිකල බුද්ධ සාසන පුනරුදය යලි පණ ගැන්වීමේ ආරම්භයය.
සිංහල බෞද්ධයාට අබසරණයි!!
======================
අඛන්ඩ අරගලයේ අවධි හා ඒවාට මූලිකවූ භික්ෂූන් වහන්සේලා
*1 – බුද්ධාගම කියන්නේ බොරුවක් යයි පැවසුණු අවධිය, 1798-1873
(වාරියපොළ සුමංගල/මිගෙට්ටුවත්තේ ගුණානන්ද)
*2 – බුද්ධාගම පණ අදිමින් සිටි අවධිය, 1840–> (වලානේ සිරි සිද්ධාර්ථ)
*3 –ඕල්කොට්–අනාගාරික ධර්මපාල අවධිය, 1880-1915–> (හික්කඩුවේ ශ්‍රී සුමංගල)
*4 –ඩොනමෝර් අවධිය 1931-
*5- විද්‍යෝදය සමාජ සේවය (කළුකොඳයාවේ පඤ්ඤාශෙඛර)
*6 – විද්‍යාලංකාර සේවය 1946–>විද්‍යාලංකාර ප්රකාශණය/භික්ෂුවගේ උරුමය
(යක්කඩුවේ ප්‍රඥාරාම/ වල්පොල රාහුල)
*7– පංච මහා බලවේගය 1956-59 (හේන්පිටගෙදර ඥානසීහ/බද්දේගම විමලවංශ/කොටගම වාචිස්සර/ කලල්ඇල්ලේ ආනන්දසාගර)
*8- අඳුරු යුගය– 1960->
1978 පෙඩරල්කාරයින් බලවත්වීම හා නිල් කොල රතු පක්ෂ මාරුවෙන්
මාරුවට රට විනාශ කිරීම
*9– අධර්මිෂ්ඨ සමාජය 1978-2005(මාදුළුවාවේ සෝභිත, ගැටඹේ පන්සලේ නාහිමි)
*10– සෝම හාමුදුරුවන්ගේ භූමිකාව 2000-2003
*11 – පිරිත් නූල් කඹ යුගය 2004-2010 (ඇල්ලේ ගුණවංශ/අතුරැලියේ රතන)
ජාතික හෙල උරුමය
*12– බොදු බල සේනාව 2012 මැයි (ගලබොඩ අත්තේ ඥානසාර)
*13– අස්ගිරි ප්රකාශනය 2017 ජූනි 20 (හා ජූලි 4 නිවේදනය)
*14– නිරාගමික-මාක්ස්වාදී-සමලිංගික-ඊළම්-ශාරියා ආක්‍රමණ (2024->
(ගලගොඩ අත්තේ ඥානසාර, අම්පිටියේ සුමනරතන, බලංගොඩ කස්සප, ගලගම කුසලධම්ම, karma tv)
මූලාශ්‍ර: LankaWeb – අස්ගිරි විප්ලවය (7/30/2017); ලංකාව කළු සුද්දන්ගේ පාලන සමය: 1948-2025 (පලාත් සභා මර උගුල -ජන සභා විසඳුම).
===============
බංගවේවා පන්ති සටන (1935-2025)
ලංකාවේ සිවිල් සේවකයෙකුව සිටියදී (1866-72), යත්තරමුල්ලේ උන්නාන්සේගෙන් පාලි භාෂාව ඉගෙනෙගත් රීස් ඩේවිඩ්ට (1843-1922) මෙන් කාල් මාක්ස්ට හෝ එංගල්ස්ට ත්‍රිපිටකය ගැන යම් හෝඩුවාවක් ලැබුණා නම්, 1935 සිට ලංකා කොලනියේ ආරම්භවුණ බංගවේවා දේශපාලන බොරුව බිහි නොවන්නට හොඳටම ඉඩ තිබුණි. සාදුකින් පෙලෙනවුන්ව අන්තිම සටනකට සැරසෙන්නට දක්කා ගෙන යන, මැයි දින පෙලපාලි වලදී යූනියන් පාරේ සාප්පු වලට ගල් ගසන්න, පසු කලෙක එසේ කර කොළඹ සිට ගෙවල් බලා ගමට යන පෙළපාලි කරුවන්ට කළුවරේ ගස් වලට මුවාවි ගල් ගසන කාලකන්නි සමාජ කල්ලි රට විනාශ කලේ මේ ආගම් අබිං යන ඇදහීම නිසාය. මේ කූඩැල්ලන් මෙට්ට උඩ රඳවා ගැනීමට උඩකැන්ඳවල සිරි සරණංකර (1902-66) වැනි භික්ෂූන් ගත් උත්සාහ අසාර්ථක විය.
පන්සල් සරණං ගච්චාමි!!
1964 වන විට NM-Colvin-Leslie යන අය දළදා මාළිගාවට මල් වට්ටි අරගෙන ගියේ බොරුවටය. මා දන්නා මිත්‍රයෙක් රෝහණ විජේවීරව බර්ලින් බෞද්ධ විහාරයට යාමට එකඟ කර ගත්තේ පැය ගණනක වාද-විවාදයකින් පසුව වුවත්, ඔහු හා සෝමවංශ අමරසිංහ, විමල් වීරවංශ ගෙඩි පිටින්ම ආගම අබිංකාරයින් නොවීය. සෝමවංශ සිය අවසාන කාලයේදී, මරණයට පසුව පාංසුකූලය දීම ගැන තමන් සමඟ කතා කල බව ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කලේය. ඔහුගේ හා JVP දේශපාලනයට ක්‍රිස්තියානි පල්ලියේ බලපෑමක් සිදුවුවා නිසැකය. ඔහුත්, ලයනල් බෝපගේත් ආලයෙන් අන්ධවූයේ එවන් පසුබිමක් යටතේ විය හැකිය. LSSP, CP වෙනුවට 1965 සිට විජේවීර සමඟ මතුවූ මාක්ස්වාදී දේශපාලනයේදී පන්සල් හරහා ඔවුන් ලබාගත් රැකවරණය අසීමිතය. හිස බූගා සිවුරු පොරවා ගැනීම දක්වාම 1971 දී සිට පන්සලෙන් ඔවුන් ලබාගත් උදව් උපකාර අන්තිමේදී රටේ සිල්වත් ධර්මධර භික්ෂූන් ඝාතනය කිරිමෙන් නිමවූ අවස්ථා තිබුණත් (1988-89), JVP ට පිරිත් කියා ආවඩන භික්ෂු නිකායක් පවා සදා ගන්නට 2019 වනවිට පන්ති පහට ගොස් සිටි JVP අරටුව සමත් විය.
විශ්ව විද්‍යාලවල ඉන්නා JVP භික්ෂු පංචකන්ධ පෙලපාලි වලදී හැසිරෙන්නේ වල් සතුන් මෙන්ය. මෙම <JVP නිකායේ> බොහෝ දෙනෙක් එසේ හැසිරුණු සිවුරු ධාරීන් විය හැකිය. සිවුර කියන්නේ හොරුන්ට හැංගී සිටිය හැකි කැළයක් යයි කාගම සිරිනන්ද හාමුදුරුවෝ නිතර නිතරම පෙන්වා දෙන්නේ මේ නිසාය. පේරාදෙණි සරසවි භූමියේ තිබූ ලලිත් ඇතුලත්මුදලිගේ පිළිරුව බිමට ගලවා දමා කුඩු කලේ මහපොල ආධාර ලබාගත් JVP හා පෙරටුගාමී පක්ෂ වලට අයත් ගිහි පැවිදි සිසුන්ය!
රනිල්ගේ පාරේ යන අනුර කුමාර
අගමැති හෝ ජනාධිපති වශයෙන් ලිබරල් රනිල්ට කරගන්නට නොහැකිවූ බොහෝ දේ, මාක්ස්වාදී අනුර කුමාර වඩාත් ඉහළින් කරගෙන යන්නේය. ඉන්දියන් පාලම, ඉන්දියාවට රට පාවාදීම, ඇමෙරිකාවට දොර ඇරීම, එක්ටා ගිවිසුම, ඇමෙරිකාව හා ඉන්දියාව සමඟ හොර ආරක්ෂක ගිවිසුම්, ඉඩම් කුණු කොල්ලයට විදේශිකයින්ට දීම හා විශේෂයෙන් සමලිංගික ප්‍රවර්ධන කටයුතු උදාහරණ කීපයකි. සිංහල බුද්ධාගමට අපහාස, නින්දා, හිරිහැර කිරීම අතින් අනුර කුමාරලා රනිල්ට ඉදිරියෙන් සිටින්නේ ඔවුන්ගේ නග්න හැසිරීම අනුවය. රෝසි සේනානායක කොළඹ නගරාධිපති කාර්යාලයේ තිබූ බුදු පිළිමය ඉවත් කලේ රනිල්ගේ කාලයේය. දෙහිවල නගර සභාවේ JVP කාරයා එය ඉවත් කලේ ගොන් කමටය. ත්‍රිකුණාමළයේ බුදු පිළිමය පොලිසිය විසින් උදුරා ගෙන ගියේ කොටිවාදී දෙමළ මන්ත්‍රීලා සතුටු කිරීමටය. ලෝකයේ කොහේවත් ආගමික පිළිමයක්, රූපයක් හෝ ගොඩ නැඟිල්ලක් ආරක්ෂා කරන්නේ එය ගලවා පොලිසියට ගෙන යාමෙන් නොව එහි ආරක්ෂාවට භටයින් යෙදවීමෙනි. මේ සම්බන්ධයෙන් බොරුකතා දියවන්නා හෝටලය ඇතුලේ කීමෙන් ආණ්ඩුව දේව උදහසට පාත්‍ර වන්නේය.
රනිල්ගේ පාලන කාල හා ජෝන් අමරතුංග
රනිල්ගේ එක් කැබිනට් මණ්ඩලයක බලවත් තනතුරු බොහොමයක් දී තිබුණේ ක්රිස්තියානීන්ටය. ජෝන් අමරතුංග (පොලිස් ඇමති?) ගේ කාලයේදී ක්‍රිස්තියානි පූජකයා පොලිසියේ පුටුවේ ඉඳගෙන සිටිද්දී පැමිණිල්ලට අදාල භික්ෂුවට සිදුවූයේ හිටගෙන ඉන්නටය. එහෙත් ප්ලෑනක කොටසක් වශයෙන් බුද්ධාගමට පහර දීමක් රනිල් ගෙන් සිදු නොවීය. පක්ෂ රැස්වීමක් ආරම්භවීමට පෙර ආගමික වතාවත් කරනවා වෙනුවට ඒවා ගෙදරදී කරගෙන එන ලෙස ඔහු අවවාද කලා පමණය! අස්ගිරියට ගොස් එහිදී බැන්ඳ පිරිත් නූල ඊලඟ පන්සලට යාමට කලින් ගලවා දමා යෑමක් සිදු නොවීය.
සුනිල් සෙනෙවි-හරිනි-බිමාල්- ආනන්ද විජේපාල
අවුකන (පිළිමය) කියන්නේ අව්ව කන නිසා, හොඳ වේලාවට බුදු හාමුදුරුවෝ කොස් ගහක්, දෙල් ගහක් වෙනුවට බෝ ගහ තෝරාගත්තා, නැත්නම් මිනිස්සු බඩගින්නේ යනාදී නිරාගමික බෞද්ධ විරෝධී පිරිසක් විසින් ක්‍රිස්තියානි සම්භවයක් ඇත්තෙකුට බුද්ධාගම භාරදීමත්, බුද්ධ සාසන වෙනුවට ආගමික හා සංස්කෘතික යයි අමාත්‍යාංශයේ නම වෙනස් කිරීමත්, අබෞද්ධයින් බෞද්ධ ආයතන වලට පත්කිරීමත් මතක් කරන්නේ මහින්දගේ අගමැතිව සිටි දි. මු. ජයරත්න නමැති මහල්ලා විසින් සම්බුද්ධ ජයන්ති ස්මරණ සභාවට ලෙබ්බේ කෙනෙක්ව පත්කිරීමේ උච්චතම අවස්ථාවය.
මිහින්තලේ හා යාපනේ තිස්ස රජමහා විහාර වලට කරණ හිරිහැර, මඩකලපුවේ මංගලාරාම විහාරයේ අම්පිටියේ සුමනරතන හිමියන් ඝාතනය කිරීමේ තර්ජනය, ආනන්ද යන බෞද්ධ නමක් ගත් පොලිස් ඇමති විසින් කරණ කුඩම්මාගේ සැළකිලි ලෙස සිතේ. එය හොඳින්ම එලිවූයේ ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාව පොලිසිය විසින් පැහැර ගෙනයාමෙන්ය. අන්තිමේදී එය උදාසීනව සිටි සිංහල බෞද්ධයින් අවදි කිරීමට උපකාරීවූ වෙස්වලාගත් භාග්‍යයක් විය (blessing in disguise).
නිරාගමික යනුද ආගමකි!
වෙන රටවලදී මෙන් නොව ලංකාවේ නිරාගමිකයින් යනු බෞද්ධ විරෝධීන්ට තවත් නමක් පමණය. 1935 සිටම මාක්ස්වාදීන් මෙසේ ක්‍රියාකලේය. 1964 සිට ඔවුන් වංක බෞද්ධයින් විය. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට ගැරහීම රෝහණ විජේවීර ඝාතනයෙන් පසුව බිහිවූ jvp කාරයින්ගේ ජීවන ක්‍රමය විය. AKD ජනාධිපති වූයේ බහුතර ජනතාවගේ චන්දයෙන් නොවේ. රනිල්-සජිත් ගැටුම නොවේ නම් ඔහු දිණන්නේද නැත. මාළිමාවක් හරහා මහානායක හිමිවරුන් පවා රවටා ගන්නට AKD ලා සමත් විය. ඔහුට තවත් මහින්ද කෙනෙකු වීමට නොහැකි වුවත් ගෝටාට ගිය චන්ද ඔහුට හරවා ගන්නට හැකිවිය. එහෙත් ඔහුගේ හැසිරීම් රටාව ඔහු නොදැනම ඔහුගේ අභ්‍යන්තර බෞද්ධ විරෝධී සර්පයා එලියට දමමින් සිටී.
The origins of TOTALITARIANISM යන Hannah Arendt විසින් (1951) ලියන ලද කෘතිය (JVP මාළිමා ආණ්ඩුව පිහිටු වූවාට පසු) කියවූ විට මා පුදුමයට පත්වුයේ එහි පෙන්වා දෙන හිට්ලර්, ස්ටාලින්ලා බලය අල්ලාගත් ආකාරයත් jvp බලය ඩැහැගත් ආකාරයත් අතර ඇති සමානකම දැකය. බොරු කියා චන්ද දායකයා රැවටීම, බලය ලබාගත් පසු තමන් එසේ බොරු කියා බලය අල්ලාගත් කියමින් ජනයාට කෝචැක් කිරීම (උගන්ඩා කුමාරි?), තමන් සමඟ ලගින් සිටි පාක්ෂිකයින් ද්‍රෝහීන් ලෙස සළකා විනාශ කිරීමේ හිට්ලර්, ස්ටාලින්, සදාම් හුසේන්, කිම් ඉල් සුන් උපක්‍රමය ක්‍රියාවට නැඟීමට නොහැකිව ලතවීම (නන්දන ගුණතිලක, කැලුම් ජයසුමන යනාදීන්), පක්ෂයට සම්බන්ධයක් නැති ආණ්ඩුවට විරෝධය දක්වන අය මර්ධනය කිරීම හෝ බිය ගැන්වීම (ගම්වල සිටි දැණුම් දීමේ jvp ඒජන්තලා), බොරු වසා ගැනීමට අළුත් බොරු කීම, මෙවැනි සමානකම්ය.
සිංහල ඉතිහාසය-දෙමළ ඉතිහාසය- ලංකාවේ ඉතිහාසය
LankaWeb – ‘සිංහල ඉතිහාසය’ හා ‘දෙමළ ඉතිහාසය’ වෙනුවට ‘ශ්‍රී ලංකික ඉතිහාසය’ උගන්වනවා.
අහක යන නයි කලිසම අස්සේ දාගන්නවා කියන්නේ ඉතිහාසය අරහං හරිනි විසින් මේ කරන්නට යන විකාරය නිසාය. මෙය මෛත්‍රීපාල විසින් දුර දිග නොබලා දෙමළෙන් ජාතික ගීය ගයන්නට තීරණය කලා වැනිය. ඒ මඟින් සිදුවූයේ තිබෙන සමඟියත් නැතිවී යාමය. දකුණේ භාෂා දෙකෙන්ම එය ගැයුවත් උතුරේ එය ගැයුවේ දෙමළෙන් පමණය.
උතුරේ මහ ඇමතිව සිටි විග්නේෂ්වරන්ට අනුව දෙමළ ඉතිහාසය පටන් ගන්නේ ලංකා ජතික සංගමයේ එඩ්මන්ඩ් සමරවික්‍රම හා ජෙම්ස් පීරිස් සමග 1911 දී අරුණාචලම් පොන්නම්බලම් අත්සන් කල ගිවිසුමකින්ය. පසුව ඔහු එය ශිව ලිංග පහකින් ආශිර්වාද ලැබූ ආදි කාලයකට දිගු කලේය. ඒ අනුව මුලින් සිටි දෙමළ බෞද්ධ ජනයා පසුව බෞද්ධයින් යටතට පත්ව පසුව අද සිටිනා හින්දූන් බවට පරිවර්තනය විය.
ලංකාවේ ඉතිහාසයට එලාර රජුට කලින් සිටම දෙමළ ඉතිහාසයද ඇතුලත් විය. ඒ ඉතිහාසය දෙකට කඩන්නේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ කිරිමේ නිරාගමික-සමලිංගික ව්‍යාපාරයේ කොටසක් වශයෙනි. ලෝකයේ දෙමළ ජනයාට වෙනම රටක් අවශ්‍යනම් එය සැදිය යුත්තේ දෙමළ නිජ භූමියවූ ටැමිල්නාඩු වේය. ලංකාවේ දෙමළ රටක් යනු සිංහලයා ගොළු මුහුදට තල්ලුවී යාමය. ඉන්දියාව සමඟ පාලමකින් යා කිරීම යනු දෙමළ ජනයා ලංකාවේ ඊළම් රටට ගලා ඒම හා ක්‍රමයෙන් දකුණට කඩා වැදීමය. වතුකරයේ දෙමළ ජනයා හා කොළඹ දෙමළ ජනයා ගන්නේ දෙමළ පැත්ත මිස සිංහල පැත්ත නොවේ.
ඉතිහාසය කන්නද?
ඉතිහාසය පාසැල් විෂයක් වශයෙන් රැකගන්නට වෙහෙසෙන මහාචාර්යවරු පවා රටක ඉතිහාසය කියන්නේ ඒ රටේ අතීත භූගෝල විද්‍යාවට බව නොදන්නා බව පෙනේ! ලංකාව ඒකීය රටක් වශයෙන් තිබිය යුත්තේ කුමක් නිසාද, ලංකාවේ සිවිල් පරිපාලන ඒකක 1832 දී කෝල්බෲක් කොමිෂමෙන් ඇතිකල සූත්‍රයෙන් ගැලවී, අනාදිමත් කාලයක සිට දිවයිනේ පැවති ස්වාභාවික මායිම් සහිත භූමි ඒකක වලින් සමන්විත ජලද්‍රෝණි විය යුතු නොවේද යන කරුණත් 1948 න් පසුව වත් පාලක කළු සුද්දන්ටත්, නිලධාරී වරිගයටත්, අඩු තරමින් භූගෝල විද්‍යා ආචාරීන් මහචාරින්ටත් නොවැටහෙන්නේ ඔවුන් සුද්දන් පසුපසින් යන කළු සුද්දන් නිසාය. සුද්දන් සැදූ රට සූරා කෑමේ කොළඹ ක්‍රමයට ඔවුන් කයින් හා මනසින් වහළුන් වී සිටින නිසාය.
ගම-වැව-දාගැබ (සමාජ-ආර්ථික-දේශපාලන ත්‍රිත්වය)
2025 නොවැම්බර් අග රටට සිදුවූ විනාශය මෙම ත්‍රිත්වය අමතක කොට කැළෑ එලිකිරීම, කඳු කපා ගෙවල් සැදීම දියුණුවේ සංකේත යයි සිතිමේ දුගී මානසිකත්වයේ ප්රතිඵලයකි. යටත් විජිත ආර්ථික ක්‍රමයක් යටතේ , නැවෙන් කටට ආනයන-අපනයන ජීවන රටාවෙන් පාලක කළු සුද්දන් යහතින් වැජඹුනේය. අනාගාරික ධර්මපාලතුමා අනුව යමින් අතීත ගම-වැව-දාගැබ සංකල්පය රටට ඉදිරිපත් කල කළුකොඳයාවේ ප්රඥාශේඛර නාහිමියන් විසින් ආරම්භකරණ ලද අපරාද මර්දන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ව්‍යාපාරය ඩොනමෝර් ඇමතිවරුන් වන D. B. ජයතිලක, D. S. සේනානායක, SWRD බණ්ඩාරනායක යන අයවළුන් විසින් මරා දමන ලදී.
මාක්ස්වාදී තරුණයින් විසින් මැලේරියා ප්‍රදේශ වලට බඩු ලොරි ගෙන යෑම හා පසුව සූරියමල් ව්‍යාපාර කරගෙන ගියත්, නගරයේ කම්කරුවන් අල්ලාගෙන කල දේශපාලනයක් හැර ප්රඥාශේඛර මොඩලය ගැන සිතුවේ නැත. මීට වෙනස්වූ මතයක් දැරුවේ වික්‍රමසිංහ මහතා පමණය. මහා පරිමාන සමුද්‍රයක් වෙනුවට ගල් ඔය ඉහළ පෝෂක ප්‍රදේශයේ කුඩා වැව් ඉදි කිරීමේ අවශ්යාතාවය ඔහු පෙන්වා දුන්නත් එයට D.S.සේනානායක කෘෂිකර්මාන්ත ඇමති එකඟ නොවූයේ මහාපරිමාණ ව්‍යාපාරක් යනු දියුණුවීමේ සළකුණක්ය යන අධිමානසික හැඟීම නිසාය. 1940 ගණන් වල සිට ආ මේ මතය JRJ විසින් 1980 දශකයේ කඩි මුඩියේ ඉදිකල වික්ටෝරියා යෝධ ජලාශයකින් අවසාන විය. බටහිරෙන් බෝ වූ මේ සංවර්ධන මොඩලය පරණ යටත් විජිතවල දුප්පත් කමට හේතුවිය (development is the problem!). හුණුගල් ස්ථර සහිත භූමියක මෙවැනි ජලාශයක් සැදීමේ අවදානම පේරාදෙණියේ භූවිද්‍යා මහාචාර්ය P. G. විතානගේ මහතා විසින් පෙන්නා දුන්නේය. දැන් 2025 වනවිට මේ උවඳුර යථාර්තයක් විය නොහැකිද?
*14– නිරාගමික-මාක්ස්වාදී-සමලිංගික-ඊළම්-ශාරියා ආක්‍රමණ (2024->
සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට බලයට පත් ආණ්ඩුවකින් විසින් උඩින් හා යටින් කරණ හානි හා කෙනෙහිලිකම් JVP-මාළිමා කල්ලිය විසින් කරමින් සිටී. ඔවුන් විසින් අළුතෙන්ම ශ්‍රී ලංකා දිනයක් ආරම්භකලේ සමනලී ෆොන්සේකාට කොමිස් දීමට නොවේ. ලංකාවේ දෙමළ මිනිසුන්ට ඔවුන් දෙමළ වීම නිසාම ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවී ඇතැයි ඇය පවසන්නේ විජිත හේරත් කැඩිච්ච ඉංගිරිස් වලින් විදේශිකයින්ට කියන කතාවමය. JVP න්යායාචාරියා වන නිර්මාල් දේවසිරි කියන්නේ දෙමළ ප්‍රශ්ණයට විසඳුම ඔවුන් ඉල්ලන දේ දීමය යනුවෙනි. ඉන්දියාවට පාලමක් දැමීම හර්ෂ ද සිල්වා, ශ්‍රීලාල් ලක්තිලක ලා ජ් න්යායාචාරියා වන නිර්මාල් දේවසිරි කියන්නේ දෙමළ ප්‍රශ්ණයට විසඳුම ඔවුන් ඉල්ලන දේ දීමය යනුවෙනි (ඉන්දියාවට පාලමක් දැමීම හර්ෂ ද සිල්වා, ශ්‍රීලාල් ලක්තිලකලාද අනුමත කරයි).
ශ්‍රී ලංකා දිනයකින් ජාතික සමඟියක් ලැබේ යයි සිතීම පිළිකාවකට කෑම දීමෙන් එය නැතිකල හැකි යයි සිතීම වැනිය. මීට පෙර බෙදුම් වාදීන්ට රැවටී සිරි සංඝබෝ ලා වූ අය මෙන්, JVP පිරිසද එසේ වීම නියතය. එහෙත් ඔවුන් රටට කරණ විනාශය සිංහල ජාතියේ මළගම වන්නේය. ශ්‍රී ලංකා දිනයකින් ජාතික සමඟියක් ලැබේ යයි සිතීම පිළිකාවකට කෑම දීමෙන් එය නැතිකල හැකි යයි සිතීම වැනිය. මීට පෙර බෙදුම් වාදීන්ට රැවටී සිරි සංඝබෝධි ලා වූ අය මෙන් ජ් පිරිසද එසේ වීම නියතය. එහෙත් ඔවුන් රටට කරණ විනාශය සිංහල ජාතියේ මළගම වන්නේය. ශ්‍රී ලංකා දිනයකින් ජාතික සමඟියක් ලැබේ යයි සිතීම පිළිකාවකට කෑම දීමෙන් එය නැතිකල හැකි යයි සිතීම වැනිය. මීට පෙර බෙදුම් වාදීන්ට රැවටී සිරි සංඝබෝධි ලා වූ අය මෙන් ජ් පිරිසද එසේ වීම නියතය. එහෙත් ඔවුන් රටට කරණ විනාශය සිංහල ජාතියේ මළගම වන්නේය.
සුද්දන් විසින් භාවිතා කල උපක්රමයක්වූ බෙදා පාලනය කිරීම, කළු සුද්දන් විසින්ද දිගටම කර ගෙන ගියේය. මාක්ස්වාදී කදිරගමාර්ලා 159 ට සිංහල මහ ජාතිය හා සෙසු ජන වර්ග අතර සමඟිය ඇති කිරීමට අවංක චේතනාවක් තිබේ නම් ඔවුන් කල යුතු සවාභාවික මායිම් සහිත (ජල ද්‍රෝණි) ජන සභා පිහිටුවා, පක්ෂ දේශ පාලනයෙන් තොර මහජන නියෝජන ක්‍රමයක් යටතේ තම බල ප්‍රදේශයේ පාලන කටයුතු ඔවුන්ට පවරා දීමය.
මේ මඟින් දෙමළ හා මුස්ලිම් ජාතිවාදී දේශපාලකයින් විසින් කරගෙන යන ජාවාරම කෙළවර කර සියළුම ජන වර්ග වලට සාමයෙන්, සතුටින් ජීවත් විය හැකි ලංකාවක් බිහිකර ගත හැකිවේ. මඩකලපුවේ රාසමානික්කම් කැනඩාවට ගොස් දෙමළ බලය හා එය ඉදිරියේ ලංකා ආණ්ඩුව අසරණ වී ඇති බව කියමින් තමාගේ ජීවිත කාලය තුල වෙනම ඊළමක් ලබා ගන්නවා යයි වහසි බස් දොඩද්දී JVP ආණ්ඩුව පවත්වන ශ්‍රී ලංකා දිනයෙන් රවටන්නට හදන්නේ කවුරුන්වද?
මීලඟ ලිපිය: භූගෝල විද්‍යාවට ද්‍රෝහි වීමේ විපාක