අපේ රියදුරන්ට තැන තැන පහර දෙනවා.. රටේ නීතිය සාමය කෝ…- PickMe පොලිස්පතිගෙන් අසයි…
Posted on December 29th, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ඇල්ල ඇතුළු දිවයිනේ විවිධ සංචාරක කලාපවල සේවය කරන ස්වාධීන රියදුරන්ට එල්ල වන බිය ගැන්වීම් සහ නීතිවිරෝධී බාධා කිරීම් සම්බන්ධයෙන් PickMe සමාගම පොලිස්පතිවරයා වෙත ලිඛිතව සිය කනස්සල්ල පළ කර තිබේ.

ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී (Digital Mobility Solutions Lanka PLC) ආයතනය පෙන්වා දෙන්නේ, ජංගම යෙදුම් හරහා ප්‍රවාහන සේවා සපයන රියදුරන් පිරිසක් මෑත කාලීනව පහරදීම්, දේපළ හානි සහ මාර්ග අවහිර කිරීම් වැනි සිදුවීම්වලට මුහුණ දී ඇති බවයි. මෙවැනි ඇතැම් ප්‍රචණ්ඩකාරී සිදුවීම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

පොදු මාර්ගවල කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට “සීමිත ප්‍රවේශ කලාප” (Exclusive Zones) ප්‍රකාශයට පත් කිරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බව පික්මී සමාගම මෙහිදී අවධාරණය කරයි. මෙවැනි අත්තනෝමතික ක්‍රියා මගින් මහජන සාමය සහ මගී සුරක්ෂිතතාව බිඳවැටෙනවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රතිරූපයට ද බරපතළ හානියක් සිදුවන බව එම සමාගම පෙන්වා දෙයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මගින් පැහැදිලි උපදෙස් මාලාවක් නිකුත් කරන ලෙසත්, සංවිධානාත්මක බිය ගැන්වීම් සම්බන්ධයෙන් කිසිදු දිවයින පුරා ස්ථාවර ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එම සමාගම පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress