මුළු ලෝකයේම, රටක් ජාතියක් පාලනය කිරිමට කිසිසේත්ම සුදුසුනැති පුද්ගලයින්, රාෂ්ඨ්‍ර පාලනයේ යෙදී සිටින එකම රට මේ ශ්‍රි ලංකාවය.
Posted on July 19th, 2026
දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර. මහනුවර.2026. 07.19.
මුළු ලෝකයේම, තම රට හා එහි සැබෑ ඉතිහාසය නොදත්,අතීතයේ සිටි පණ්ඩුකාභය දුටුගැමුණු ,මහාපරාක්‍රමබාහු, ගජබා, විජයබා සීතාවක රාජසින්හ හෝ වීර කැප්පෙටිපොල, ඩී. එස්. සේනානායක, එස්,ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බන්ඩාරනායක සහ වසර 30 ක කොටි ශාපයෙන් රට බේරාගත් මහින්ද රාජපක් වැනි නමක් සිහිනෙන්වත් දැක හෝ අසා නැති ඒ වීර සිංහල නරපතීන් රට පාලනය සහ සන්වර්ධනය කළ සැටි පිළිබඳ හෝ කිසිදු අවබෝධයක් නැති, තම රටට,ජාතියට හා ආගමට ආදරයක් නැති එසේම ජාතික සිරිත් විරිත්, ඇදුම් පැලදුම් ආදිය ඇතුළු තම ජාතික සන්ස්කෘතික අනන්‍යතාව නොදන්නා,නොරකින එසේම අගය නොකරන ඒවාට ආදරයක් නැති, ජනතා හිතවාදී නැති, කොටින්ම මේ රට කුමක්ද කියා හෝ නොදන්නා,දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, වෛරී, අබැටක් පමණ හෝ දේශාභිමානයක් නැති පරම ආත්මාර්ථකාමී, බඩගෝස්ත්‍රවාදී, බටහිරගැති, දේශපාලු හා ජාතිපාලු, පන්සිල් පද 5 වත් නොරකින, දේශපාලනික නායකයින් හා අනුගාමිකයින් සිටින එකම රට මේ ශ්‍රී ලංකාවය.
මෙම නිගමනය සාකල්‍යෙන්ම අදාල වනුයේ 1977 න් පසු අද දක්වාම මේ රටේ දේශ පාලනයට අවතීරණය වූ හා වී සිටින දේශපාලුවන්ටය. 1977දි ජේ. ආර්. විසින් හඳුන්වා දුන් විවුර්ථ ආර්ථිකය මේ රටේ දේශීය කෘෂි කර්මාන්තය, ආනයන ආදේශ දේශීය කර්මාන්ත වල පදනම විනාශකොට, බටහිර නව යටත්විජිත වාදී ආයතනවල සූරාකෑමට සහ නය උගුලක සිරවී සිටී.
1977 සිට අද දක්වාම මේ රටේ නායකත්වය දැරූ අය අතුරින් මෙම චෝදනාවන්ගෙන් නිදහස්වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ පමණි. ඒ ඔහු වසර 30 ක්ම කිසිම රාජ්‍ය නායකයෙකුට පරාජය කිරීමට නොහැකිවූ අසල්වැසි ඉන්දියාව ඇතුළු මුළු බටහිර ලෝකයම ත්‍රස්ථවාදින්ට උදව් කරද්දී සහ අවසාන මොහොතේ පවා එන්ගලන්තයෙන් සහ ප්‍රන්ශයෙන් ධූතයින් වශයෙන් විදේශ ඇමතිවරුන් මෙහි එවා කොටි ත්‍රස්ථවාදීන්ට එරෙහිව කෙරෙන යුද්ධය නතර කිරීමට බලපෑම් කරද්දී, ඒ කිසිම බල පෑමකට, 1987 දි ජේ ආර් සහ 2025 දී අනුර මෙන් නිවට අන්දමින් අවනත නොවී, මේ රටේ ජනාධිපති වශයෙන් බෙදුම්වාදී ත්‍රස්ථවාදීන් පරාජය කොට 30 වසරක කුරිරු යුද්ධය අවසන් කොට රට ජාතිය බේරා ගත් නිසාය.
එසේම මේ රටේ වසර 250 කටත් අඩු ඉතිහාසයක් ඇති, සන්ක්‍රමනික බෙදුම්වාදී මලබා දෙමළ කොටි ත්‍රස්ථවාදය පරාජයකොට පෙර සිංහල රජදරුවන් ගිය මඟ යමින්, සිය දිවි දෙවනිකොට එය පරදුවට තබා මේ ලක්බිම නැවතත් එක්සේසත් කළ නිසාය.
එසේම 1948 සිට 1977 දක්වා රට පාලනය කළ නායකයින් අතුරින් මා මුලින්ම සඳහන්කළ චෝදනාවන්ගෙන් නිදොස් වනුයේ ඩී.එස් (වියලි කලාපය සන්වර්ධනය කිරීම), සිරිමාවෝ (පහතින් දැක්වෙන විස්තර බලන්ට), ඩඩ්ලි (මහත්මා දේශපාලනය), බන්ඩාරනායක (1956 ජාතික පුනරුදය) පිලිප් (කුඹුරු පනත) සහ මහපොල නිර්මාත්රූ මා නිත්‍ර ලලිත් ඇතුලත් මුදළි පමණි.
ඒ අතරිනුත් මේ සිංහල බෞද්ධ රටේ අනන්‍යතාව හා ගෞරවය ආරක්ෂා කරගනිමින් ඉහත සඳහන් චෝදනාවන් සියල්ලගෙන්ම නිදහස්වන එසේම ජයකෙහෙළි නැන්වූ එකම නායිකාව වශයෙන් මේ රටේ ජනතාව මෙන්ම සමස්ථ ලෝකයම පිළිගත්, ලොව ප්‍රථම අගමැතිනිය සහ රාජ්‍ය නායිකාව වනුයේ සිරිමාවෝ රත්වත්තේ බන්ඩාරනායක මැතිනිය පමණි. තම ජන්මයෙන්ම උරුමකොටගත් කෘතහස්ථ දේශපාලන නායිකාවක් වශයෙන් මේ රට තුල මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන්ද එතුමිය දිනාගත් ජයග්‍රහන අපමණය. ඒ නිසාම එතුමිය, ගැමුණු කුමාරයෙකු නොවැදුවද, නූතන විහාරමහා දේවිය යන ගරු නාමයෙන්ද සිංහල ජාතිය විසින් පුදණු ලැබුවාය.
ඒ සියල්ල අතරින් එතුමිය විසින් මේ රටට සිදු කරණලද විශිෂ්ඨතම කාර්‍යය වූයේ 1948 සිට වසර 24ක් පුරා මේ රට පාලනය කළ කිසිම රාජ්‍ය නායකයෙකුට කිරීමට නොහැකිවූ, එතෙක් බ්‍රතාන්‍ය තමන් සතුකොට ගෙන තිබුණු, පූර්ණ නිදහස් රාජ්‍යයක මූලික අන්ග තුන වන ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල සහිත නිදහස්, නිවහල්, ස්වෛරී හා ස්වාධීන ජනරජයක්, 1815 න් පසු යළිත් පළමුවරට ප්රකාශ කොට, 1948 ඊනියා නිදහස නම්වූ සෝල්බරී අධිරාජ්‍ය ග්‍රහනයෙන් මේ රට මුදාගෙන 1972 දී ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුකරම ව්‍යවස්ථාවෙන් 1815 මාර්තු 2 වන දායින් පසු නැවතත් මේ ලක්මව ස්වෛරී, ස්වාධීන නිදහස් සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත්කොට 1815 මාර්තු 2 වන දින සිංහල ජාතියට අහිමිවූ ඒ නිදහස් රාජ්‍ය, ශ්‍රී දන්තධාතූන් වහන්සේ වැඩ සිටින සෙන්කඩගල ශ්‍රී දළදා මන්දිරය අභියස මහමලුවේදීම යලිත් සිංහ ධජය නන්වා අපට අහිමිවූ ස්වෛරී, ස්වාධීන, නිදහස් ශ්‍රී ලංකා රාජ්‍යයේ අභිමානය 1972 මැයි මස 22 වන දින සමස්ථ ලෝකයටම ප්‍රකාශ කලාය.
එහෙත් මේ රටේ කිඳාබැස ඇති වෛරී පක්ෂ දේශපාලන සන්ස්කෘතිය විදහා පාමින් 1972 සිට 77 දක්වා වසර 5ක් මහත් අභිමානයෙන් රට පුරා පැවැත්වූ ජනරජ දිනය ජේ. ආර්. 1977 දී බලයට පැමිණි වහාම නතර කළේය. ඉන්පසු අද දක්වාම කිසිම වසරක ජාතියේ පුනරුත්පත්තිය බඳු එම සැමරුම කිසිම රජයක් විසින් පවත්වා නැත.එහි වඩාත් කැපීපෙණුනු සිද්ධිය වූයේ එතුමියගේම දුව වූ චන්ද්‍රිකා පවා වසර 10 රජකම් කළත් මෙම වරද නිවැරැදි නොකෙරීමය. එමෙන්ම මැතිනිය විසින්ම පෝෂනය කරණ ලද මහින්ද සහ සිරිසේන මෙන්ම ගෝඨාභය ජනාධිපති වරයාද ජේ ආර් ම අනුගමනයකොට කිසිදු ලජ්ජාවක් නැතිව වසරක් පාසා සුද්දාගේ පෙබ් 04 වන දිනම නිදහස් සැමරීය. මේ සියළු දෙනාටම 1972 දී නව ව්‍යවස්ථාවක්ද සම්මතකොට ගෙන මේ රට 1815 න් පසු පළමුවරට නිදහස්, නිවහල් ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යක් බවට පත්වූ බව පවා අමතක වූවා සේය. මේ රටෙ දේශපාලක්යින්ගේ දේශාභිමානය සහ ජාති වාත්සළ්‍ය කොතරම් දැයි එයින්ම පැහැදිළිවෙයිමෙම චෝදනාවෙන් නූලෙන් බෙරෙන්නේ මහින්ද රාජපක්ෂ පමණි. ඒ ඔහු 30 වසරක සාපයක්ව තිබුණු දෙමළ කොටි ත්‍රස්ථවාදය පරාජය කළ නිසාය.
මීට අමතරවව එතුමිය විසින් දේශිය වශයෙන් කරනලද සෙසු සේවාවන් අතර 1948 න් පසු මේ රටේ සිටි සියළුම පිරිමි අගමැතිවරුන් අත තැබීමට පවා බියවූ බ්‍රතාන්‍ය සතුව තිබුණු රන්පවුම් වතු ජනසතු කිරීම, 1972 ඉඩම් ප්‍රතිසන්ස්කරණ පනත යටතේ තම පවුලෙ වතු ඇතුලුව මේ රටේ සියලුම පුද්ගලික වතු, එක් පුද්ගලයෙකුට අක්කර 50 ක සීමාවක් පනවා ජනසතු කිරීම සහ යෝධ තෙල් සමාගම් වූ මොබිටෙල් සහ කැල්ටැක්ස් වැනි ඇමෙරිකානු සහ යුරෝපීය සමාගම් ජනසතුකොට ඒවා ලංකා කනිජ තෙල් සන්ස්ථාවට පවරාගැනීම, රට සන්වර්ධනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය, ස්වාධීන ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා, ආනයන ආදේශ ආර්ථිකයක මුල්ගල්වන ස්වදේශිය කෘෂි කර්මාන්ත, කර්මාත සහ සේවා අන්ශ දියුණු කොට ස්වයන්පෝෂිත ආර්ථිකයක් ගොඩ නගා ජාත්‍යන්ත්‍රයට ණය නැති රටක් හා ජාතියක් 1977 වනවිට ගොඩනගා මේ රට සන්වර්ධිත රටක් බවට රැගෙන යාමේ ප්‍රබල අඩි තාලම ඇය දැමුවාය.
එතුමියගේ ජාත්‍යන්තර තලයේලා ගත් ජයග්‍රහනයන් අතර
1962 ඉන්දුචීන යුද්ධය සමාදාන කිරීම, 2024 ජූනි 28, කච්චතිව් දිවයින ලංකාවට ලබා ගැනීම, 1976 දී නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සභාපති වශයෙන් පත්වීම සහ ඉන්දීය සාගර කලාපය සාම කලාපයක් වශයෙන් කායිරෝ නොබැඳි සමුලුවේදී එහි නායිකාව වශයෙන් යෝජනාකොට ජුලියස් නියරේරේගේ ස්ථිරත්වයෙන් සම්මතකොට එ.ජා.මහා මණ්ඩලයේ 26 වන සභාවාරයේදී 1971 දී එය සම්මත කොටගැනීම වැනි ජයග්‍රහන රැසක් ලබාගෙන මේ රටේ නූතන විහාරමහාදේවිය වශයෙන් විරුදාලත් එතුමිය මෙ රටේ පමණක් නොව අග්නිදිග ආසියාවේ කලාපයේ මෙන්ම ශ්‍රී ලන්කාවෙන් බිහිවූ ලෝක නායිකාවකගේ මට්ටමට පැමිණි එකම රාජ්‍යනායිකාවද විය.
1977 දී බලයට පත්වු ජේ.ආර්, මේ සියල්ල කනපිට හරවා අයි. ඇම්. එෆ්. උපදෙස් අනුව විවුර්ථ ආර්ථිකය මේ රටට හඳුන්වා දී රට යලිත් ආර්ථික අඝාධයට හා පරාධීන භාවයට ගෙන යාමේ පදනම දමනලදී. ඉන්පසු බලයට පැමිනි සෑම රාජ්‍යක්ම යලිත් පෙබ් 4 ම සුද්දාගේ නිදහස් දිනයම සැමරීම ආරම්භ කරණ ලදී. ජේ. ආර්. මැතිනිය දේශපාලන කරලියේ යළි හිස එසවීම වැලැක්වීම සඳහා එතුමියගේ ප්‍රජා අයිතිවාසිකමද වසර 7 කට අහෝසිකොට 1987 දී රජිව්/ජේආර් ගිවිසුමෙන් මේ රට තම ප්‍රානය රැක ගැනීම සඳහා ඉන්දියාවට පාවා දෙනලදි.
ඒ මගින් මේ රටේ ඉතිහාශය මුළුමනින්ම කනපිට හරවමින් උතුරු නැගෙනහිර දෙමල නිජබිම වශයෙන් පිලිගැනීම,දෙමලද මේ රටේ රාජ්‍ය භාශාවක් වශයෙන් නීති ගත කිරීම රට කෑලි 9 යකට කඩා, පලාත් සභා පිහිටුවා, ඊළමට පිඹුරුපත් සකසා දීම අතුලු 1797 සිට සුද්දන් විසින් සිහින දුටු මේ රට සින්හල දෙමළ වශයෙන් දෙකඩ කිරීමේ මූලික පදනම දමා මේ රට නිර්ලජ්ජිතව ඉන්දියාවට පාවාදිම වැනි දේශද්‍රෝහී ජාතිද්‍රෝහී න්‍යාය පත්‍රයක් අවසන්කොට ජුනියස් රිචඩ් ජයවර්ධන නමැති ඔහු අවසන් ගමන් ගියේය.
ඉන් පසු බලයට පැමිනි ප්‍රේමදාස, ඩී. බී. රනිල් සහ මැතිනියගේ සහජාත දියනියක්වූ චන්ද්‍රිකා,එසේම අනුගාමිකයින් වූ මහින්ද, සිරිසේන සහ ගෝඨාභය ඇතුළු සියලුම ශ්‍රී ලන්කාරයින්ද, එසේම ජාති හිතෛශීන් වශයෙන් කාහල නාද දෙමින් බලය ලබාගත් ජාතික විමුක්ති පෙරමුණු නායක අනුර කුමාරද මෙ රටට සැබෑ නිදහස ලබා ගත් 1972 ජනරජ දිනය සැමරීම නොකොට සුද්දා විසින් 1948 දී මෝඩ සින්හලයින්ගේ හිස මත පැටවූ බෙදුම්වාදී සහ අධිරාජ්‍යවාදි නිදහස නැමති මාරක මළපුඩුවම බෙල්ලේ දාගෙන තවමත් පරාධීනත්වයේ නිවට බව සහ සෙළුව මුළු ලොවටම ප්‍රදර්ශනයකරමින් සුද්දාගේ පෙබරවාරි 4 රම මේ රටේ හා ජාතියේ නිදහස සමරමින් මේ රටත් ජාතියත් මැරීම දිගටම තවමත් කරගෙන යන බව සක්සුදක් සේ පැහැදිළිවන අතර මොවුන් සියළු දෙනාද ජේ. ආර්. ගේ, අයි.එම් එෆ්. සහ ඉන්දීය ව්‍යාප්ත වාදයේ බෙර පදයට අනුව සෙළුවෙන් නටමින් මේ රට විනාශය කරාම ගෙනයමින්, වසර 2500 කටත් වැඩි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති මේ සින්හල රටත් ජාතියත් පාවාදෙමින්, එකිනෙකා කුළල්කාගනිමින් මාරුවෙන් මාරුවට මේ රටත් ජාතියත් විනාශ කොට ඇත.
මේ අතර මේ රට ඉන්දියානු ව්‍යාප්ත වාදයෙන් බේරාගැනීම ප්‍රධාන මාතෲකාවක් කොට ගත්, කඳුරටේ තේ ගලවා බතල හිටවන බවට පුරසාරම් දෙඩූ, ජා. වි.පෙරමුනද, ජේ. ආර්ටත් වඩා දරුණු අන්දමින් මේ රටත් ජාතියත් හොර ගිවිසුම් 7 කින් ඉන්දියාවට පාවාදුන් බව ප්‍රකටය. එසේම මේ රටේ ශිෂ්ඨාචාරය බිහිවූදා සිටම සින්හලයින්ගේ මවබිම වූ කන්ද උඩරට වතුකරයේ දෙමළ ජනතාවට සින්නකරකොට දී මේ රටේ හා ජාතියේ හදබිම ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත් කිරීමේ පිඹුරුපත් සකස් කරමින් සිටී.
අද මේ රට තුල පවතින දේශපාලන කුළල් කා ගැනීම ආත්මාර්ථකාමිකම, ඊර්ෂියාව ක්‍රෝධය කොපමණදැයි කීමට ඇති අනෙක් හොඳම උදාහර ණය 19 වන දින පැවැති රණවිරු උත්සවයට 30 වසරක් පුරා කිසිවෙකුට පරාජය කිරීමට නොහැකිවු කොටි ත්‍රස්ථවාදයෙන් රට ජාතිය බේරාගත්, නූතන දුටු ගැමුණු වශයෙන් හැඳින්වු මහින්ද රාජපක්ෂට ආරාධනා නොකෙරීමෙන්ම අනුරගේද එසේම මේ රටේ දේශපාලකයින් තුල පව්තින බල තන්හාව, වෛරය, ක්‍රෝධය සහ කුහකකම කොපමණදයි පැහැදිළිවේ.
තවද ජනාධිපති අනුර කුමාර ඒ අන්දමින් හොර ගිවිසුම් මගින් ඉන්දියාවට රට හා ජාතිය පාවාදීමට අමතරව රන්විරු උත්සවයට නොපැමිනීමේ තීරණයට රටපුරා ගොඩනැගුනු දැඩි විරෝධය නිසා අවසාන මොහොතේදී පැමිනියද, එම උත්සවයට 2009 දී ඒ කුරිරු යුද්ධය ජයගත් සේනාධිනායකයා වූ මහින්ද රාජපක්සට ඒම තනම් කිරීම හෝ ආරාධනා නොකිරීම රාජ්‍ය නායකයෙකු විසින් සිදුකරණැලද බලවත් වරදකි. එසේම උත්සව සභාව අමතා කළ කතාවෙදී රණවිරු යන වචනය පවා නොකියා මේ සින්හල බෞද්ධ රටේ නායෙකුට කිසිසේත්ම නොගැලපෙන, එසේම වඩාත්ම කොටි ත්‍රස්ථවාදි දෙමළ ජාතිවාදී බෙදුම්වාදින් සහ දෙමළ ඩයස්පෝරාකාරයින්ගේ සිත් පිනවන පරිදි ඔවුන් සහ ත්‍රස්ථවාදීන් ආරක්ෂාකරමින් හුදු තුන්වෙනි පෙලේ ඉතාමත් බාල දේශපාලන කථාවක් කිරීම සහ මේ රට ජාතිය සහ බුදුසසුන මෙන්ම රටේ ඒකීය භාවය ආරක්ශා කරගැනීම වෙනුවෙන් එක වචනයක් හෝ නොකීම රටේ මුළු මහත් ජනතාවටම කරණලද බලවත් නින්දාවකි.
රනවිරු උත්සවයේදී හාමුදුරුවන්ට දුන්නේ, පන්සිල් දීම පමනි. එහෙත් සෙසු ආගම්කයින්ට දීර්ග කථා පැවැත්වීම ඉඩ සලසා තිබුණි.මෙය වූ කළී මේ සින්හල බෞද්ධ රටේ, ඉතිහාශය පුරාම රට ජාතිය රැකගත් ජාතියේ මුරදේවතාවන්වු භික්ෂූන් වහන්සේලාට මෙන්ම සින්හල බෞද්ධයින්ටද මේ රජය විසින් සිදුකරණ ලද සමාව දිය නොහැකි බලවත් වරදකි.
එසේම රටේ ජනාධිපති වරයාගේ රටට හා ජනතාවට වගකීම සාපාරාදී අන්දමින් පැහැර හැරීමක් සහ උල්ලන්ඝනය කිරීමක් මෙන්ම සමාව දිය නොහැකි බලවත් වරදකි.එසේම බෙදුමවාදීන් පිනවීම සඳහා සිදු කරණ ළද බලවත් පාවාදීමකි.
මුළු ලෝකයේම, රටක් ජාතියක් පාලනය කිරිමට කිසිසේත්ම සුදුසුනැති පුද්ගලයින් රාෂ්ඨ්‍ර පාලනයේ යෙදී සිටින එකම රට මේ ශ්‍රි ලංකාව බව මා පවසනුයේ මෙන්න මේ නිසාය.
අවසාන වශයෙන් කෞටිළ්‍ය අර්ථ ශාස්ත්‍රයේ දැක්වෙන රාෂ්ට්‍ර පාලනයේ මූළික අන්ග තුන වන රක්ෂ, පාලන සහ යෝගක්ෂේම යන අරමුණු තුන පිළිබන්දව හෝ, කිතුවසින් පෙර 6 වන සිය වසේ සිට පැවතෙන ගෞතම බුදුන් විසින් අනුදැන වදාල ලිච්චවින් විසින් අනුගමනය කළ බෞද්ධ පාලනක්‍රමය පිළිබඳ හෝ මෙලෝ දෙයක් නොදන්නා කිසිවෙකු වසර 2566 ක ප්‍රෞධ ඉතිහාසයක් ඇති මේ සින්හල බෞද්ධ රාජ්‍යය පාලනය කිරීමට තම චන්දයෙන් කිසිසේත්ම තෝරා නොගතයුතු බව දැන්වත් මේ සින්හල රටේ සියළුම සින්හලයින් දැනගතත යුතු බව පෙන්වා දෙනු කැමැත්තෙමි.