බද්දේගම රෝහලේ සුව සේවා සංගමයේ ශාඛා ලේකම් කසුන් කළුපහන මහතාගෙන් පුද්ගලීක පලිගැනීම් වහා නතර කරන ලෙස කරනු ලබන ඉල්ලීම
Posted on May 12th, 2020

සමස්ත ලංකා සුවසේවා සංගමය.  ජනමාධ්‍ය නිවේදනයයි.

2020.05.11

පළාත් සෞඛ්‍ය ලේකම්තුමිය,
දකුණු පළාත් සභාව,
අංක 15 ඒ,
ඩික්සන් පාර,
ගාල්ල.

මහත්මියණි,

බද්දේගම රෝහලේ සුව සේවා සංගමයේ ශාඛා ලේකම් කසුන් කළුපහන මහතාගෙන් පුද්ගලීක පලිගැනීම් වහා නතර කරන ලෙස කරනු ලබන ඉල්ලීම


#කෝවිඩ්-19 #Covid- 19 වසංගතය මැඩලීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් 2020.03.23 වන දින සියළුම රෝහල් හා සෞඛ්‍ය
ආයතන ප‍්‍රධානීන්,පළාත් ලේකම්වරුන් හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් වෙත නිකුත් කරන ලද නියමයන් බද්දේගම ප‍්‍රාදේශීය රෝහලේ ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධව අප සංගමයේ බද්දේගම රෝහල් ශාඛා ලේකම් කසුන් කළුපහන මහතා රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිළධාරී වරයාගෙන් ප‍්‍රශ්න කර ඇති අතර ඒ හේතුවෙන් ඔහුට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව අප සංගමය වෙත වාර්ථා වේ.

රටතුල හදිසියේ ඇති වූ #කොරෝනා වෛරස වසංගතය වලක්වා ගැනීම සහ මැඩලීම සදහා රටතුල හදිසි තත්වයක් ප‍්‍රකාශ කල අතර සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන ලදි.ඒ අනුව එම අත්‍යාවශ්‍ය සේවා සදහා රෝහල් කාර්ය මණ්ඩලය නියාමනය කිරීමට අවශ්‍ය නියමයන් හා උපදෙස් සහිත ලිපියක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා විසින් නිකුත් කර ඇති අතර එම නියමයන් රට පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතන පුරා නියමාකාරයෙන් ක‍්‍රියාත්මක උවද බද්දේගම ප‍්‍රාදේශීය රෝහලේ පමණක් එසේ ක‍්‍රියාත්මක නොකරන ලදී.

ඒ පිළිබදව බද්දේගම ප‍්‍රාදේශීය රෝහලේ අප සංගමයේ ලේකම් කසුන් කළුපහන මහතා විසින් අප සංගමය දැණුවත් කල අතර එයට අනුව අප සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ එම නියමයන්ට අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සේවයට කැදවීම සදහා වන නියමයන් ක‍්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොරෝනා වෛරසය ආසාධනය වීමේ අනතුරක් ඇතිවිය හැකි බවත් එම තත්වය මග හරවා ගැනීම සදහා වහාම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කර ඇති නියෝග ක‍්‍රියාත්මක කිරීමට බද්දේගම ප‍්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයාට නියෝග කරන ලෙස ගාල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා වෙත මා විසින් 2020. 03. 28 වන දින ලිපියක් යොමුකරන ලදි.

එම ලිපිය අප සංගමය විසින් ගාල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා වෙත යොමුකිරීම සම්බන්ධව උරණ වූ බද්දේගම ප‍්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිළධාරීතුමා එම තොරතුරු අප වෙත ලබා දුන් හේතුවෙන් අප සංගමයේ බද්දේගම රෝහල් ශාඛාවේ ලේකම් කසුන් කළුපහන මහතා වෙත සිය විරෝධය ප‍්‍රකාශ කර ඉදිරියේ දී අපි බලාගමු යැයි තර්ජනය කර ඇත.ඒ අනුව එතෙක් රෝහලේ ගිලන් රථයේ සහයක ලෙස සයි රාජකාරයි නසියාකාරව ඉටු කරමින් කසිඳු චොදනාවකින් තොරව කටයුතු කල කසුන් කළුපහන මහතා ගිලන්රථයෙන් ඉවත් කර සහන සේවා අංශය වෙත යොමු කර ඇත. ඉන් නොනැවතී ඔහු රාත‍්‍රී සේවයට පමණක් සීමා කර 2020. 04. 07 වන දින සිට ඔහු ප‍්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය වෙත මුදා හැරීමේ ලිපියක් නිකුත් කර ඇත.

මේ ආකාරයට රජයේ සේවකයින් තමන්ගේ වහලූන් සේ සලකා කටයුතු කරන මෙම වෛද්‍ය නිළධාරීවරයාගේ ක‍්‍රියාකලාපය අප සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් මෙම වෛද්‍යවරයා මීට පෙර රාජකාරී සිදුකල සෑම ආයතනයකම මේ ආකාරයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් පලිගැනීමේ පහත් මානසීකත්වයකින් යුතුව කටයුතු කර ඇති බවට සාක්ෂි අප සංගමය සතුව ඇත. එසෙම් මෙම වෛද්‍යවරයාගේ අමානුෂිකව කටයුතු කිරීම හේතුවෙන් රැකියාව හැරගිය සේවකයින් ඒ අතර සිටින බවත් එසේම නොයෙක් අඩත්තේට්ටම් වලට ලක් වූ සහ නොකල වරදවල් සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දඩුවම් ලැබූ අවස්ථා ගණනාවක් ඇති බවත් පෙන්වා දිය යුතුව ඇත.

එසේම මෙම වෛද්‍යවරයාගේ එම මානසිකත්වයේ මීලග ගොදුර බවට කසුන් කළුපහන මහතා ලක්ව ඇති බවත් ඔහුගේ රැකියාව අහිමි කිරීම කෙසේ හෝ සිදුකරන බවත් ඔහු ප‍්‍රකාශකර ඇති බවට වන තොරතුරු අප සතුව ඇත . එබැවින් බද්දේගම ප‍්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයාගේ මෙම අනීතික හිතුවක්කාරී, අමානුෂික ක‍්‍රියාකලාපය පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වා රටේ පවතින නෛතික තත්වයට අනුව අවශ්‍ය ඉදිරිපියවර ගන්නා ලෙසත් අසරණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිය රාජකාරිය නිවැරදි මනසකින් යුතුව ඉටු කිරීමට අවැසි පරිසරයක් මෙම රෝහලතුල ඇති කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් කසුන් කළුපහන මහතාට ලබාදී ඇති අනීතික, අසාධාරණ ස්ථාන මාරුව අහෝසි කිරීමට කටයුතු කර ඔහුට සාධාරණය ඉටුකිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
මහින්ද ගුරුගේ
ප‍්‍රධාන ලේකම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress