අග්‍රාමාත්‍යතුමා කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ සුව දුක් විමසයි
Posted on August 28th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය

කොළඹ පෞද්ගලික රෝහලක  ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාද්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැ දුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2020.08.26 දින උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

අග්ගමහා පණ්ඩිත මහෝපාද්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අග්‍රාමාත්‍යතුමා නාහිමියන්ගේ අත්‍යවශ්‍ය ප්‍රතිකාර පිළිබඳව සොයා බැලීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress