20 වෙනි ව්‍යාවස්ථා සංශෝධනය පෙරමුණෙහි තබාගෙන කටයුතු කරමු.
Posted on September 3rd, 2020
චන්ද්‍රසේන පණ්ඩිතගේ
මෙරට ජනතාව වන අප විසින් විශාල පරිශ්‍රමයක් දරා නව රජයක් බිහිකරගෙන ඇත. එහි පළමු අදියර පසුගිය වසරේ නොවැම්බර් මස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්කරමින් තැබූ පළමු පියවර, මහාමැතිවරණය නිමවෙන තෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා පවත්වාගෙන ගියේ දහසක් දුෂ්කරතා මධ්‍යයේ බව අපි දුටුවෙමු.
එතුමා දේශපාලන බිම්බෝම්බ අටවා තිබු මගදිගේ ගමන් කලේ ඉතා පළපුරුදු දේශපාලඥයෙකුටත් වඩා සුක්ෂම අයුරිනි. ඒ එතුමාව මේ යුගයේදී මෙරට සිදුකලයුතු වෙනස්කම් කිරීම උදෙසාම නිර්මාණය කොට ස්වභාවය විසින් දැයට පුදකළ විශේෂිත පුද්ගලයෙකු බැවිනි.
ස්වාධින කොමිසන් සභා නම්වූ දේශපාලන බිම්බෝම්භයකට අසු නොවී එතුමා දේශපාලනිකව ගොඩ ඒම සම්බන්ධව අප එතුමාට අපේ විශේෂිත ගෞරවය පුදකළ යුතුමය. මේ වනවිට සිදුව ඇත්තේ එතුමාව මේ බිම්බෝම්බයකට අසු නොවීම පමණි. නමුත් කොටි සංවිධානය විසින් අටවන ලද ඒ දේශපාලන බිම්බෝම්බ සියල්ලක්ම තවමත් ඒ ආකාරයෙන්ම මෙරට දේශපාලන බිමෙහි එලෙසම පවතී.දැන් ඒවා ගලවා ඉවත් කිරීමට කාලය පැමිණ ඇත. ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් 20වන ව්යාවස්තා සංශෝධනය ඉදිරිපත්කර ඇත. මහිවරණය ජයගෙන සති දෙකක කාලයක් තුලදී මෙම කළයුත්ත ආරම්භ කිරීමම ජාතිය ලද අති උදාර ඉදිරි පිම්මකි. අන් සියලුම කටයුතු වලට වඩා මෙම කටයුත්ත ඉතාම වැදගත් බැවින්, මෙම අවස්ථාවේදී,අපි සියලු දෙනාම එකාවන්ව ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම කටයුත නිම කිරීම සඳහා පුර්ණ සහයෝගය දැක්විය යුත්තේ, එතුමාගේ පුර්ණ කාලය නිදහස් මනසකින් යුතුව මෙම කටයුත්තට යෙදවීමට ඉඩදිය යුතු බැවිනි.
ඇමරිකාව ප්රමුඛ බටහිර කොටි හිතවාදී බලවතුන්,විසින් බලහත්කාරයෙන් මෙරට ව්යාවස්තාවට 19 වෙනි සංශෝධනය ඇතුලත් කරන ලද්දේ, ඉන්දියාව විසින් මෙරට ව්යාවස්තාවට 13 වෙනි ව්යාවස්තා සංශෝධනය ඇතුලත් කල ආකාරයටමය. දැන් මේ දෙකම ගලවා ඉවත් කර දැමිය යුතු අතර, එම කටයුත්ත සඳහා අප මේ අප විසින් පිහිටුවා ගත රජය දැඩි ලෙස ආරක්ෂා කලයුතුය.
පරිබාහිරව සිට වසර ගණනාවක් අඛණ්ඩව මේ රජය ගොඩනැංවීමට වෙර දරු අප හැමවිටෙකම අපේ අපේක්ෂිත ඉලක්කයන් කරා යන රජයකට පුර්ණ සහය දෙන්නේ පරිබාහිරි සිටිමින්මය.එබැවින් අපි සියලුදෙනාම නිදහස්ව මේ රජය මුළුමනින්ම සුරකින කඳවුරක වසන පුද්ගලයෝ බැවින්,දැනට නිර්මාණය වෙමින් ඇති, කරලියට පැමිණ නැති ගැටළු වලින් ඉවත්ව, දැන් තිරගත කොට ඇති 20 වෙනි ව්යාවස්තා සංශෝධනය බල ගැන්වීමට පෙළ ගැසෙමු. මෙසේ යෝජනා කරන්නේ, සතුරා විසින් මෙම ව්යාවස්තා සංශෝධනය වළකාලීම සදහා කල හැකි සෑම පහත් වැඩක්ම කිරීමට සුදානම්ව සිටින බැවිනි.
මේ වනවිට සති දෙකක් වයසැති මේ රජය බලවත් කොට දශක දෙකක් පුරා නිසි මාවතක් ඔස්සේ ගමන් කරවීමට කළහැකි සියල්ලකම නිර්මාණය කොට සංවර්ධිත රටක් බවට පත් කරමු.
September 5th, 2020 at 3:52 am
මොකා කලත් වරද නම් වරදමය. ජේ ආර් කරපු දේ ජී ර් කරන විට හොඳයි කියන මේ වගේ ලංකා වෙබ්බො ඉන්න කම් රටට ගොඩ ඒමක් නැත.