අග්‍රාමාත්‍යතුමාගෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්
Posted on April 18th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජනතාවට වග කියන රජයක් බිහි කිරීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් ගරු අග්‍රමාත්‍යතුමාගේ අවධානයට යොමු වී ඇත.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළව, සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු වේ.

එම සංශෝධිත ව්‍යවස්ථාව මඟින් ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍යතුමාගේ බලාපොරොත්තුවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress