චීන නැව නැවැත්වුවේ නැතිනම් ධුරයෙන් පහ කරන බවට ජනාධිපතිට තර්ජනය කරලා..
Posted on August 8th, 2022

 lanka C news

ලබන එකොළොස් වැනි දා හම්බන්තොට වරායට පැමිණීමට සැලසුම්කර තිබූ චීනයේ ‘යුවාන් වැන් 05’ සන්නිවේදන නෞකාව පැමිණීම නවත්වන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා සහ ඇමරිකානු නියෝජිතයෙකු විසින් බවට තොරතුරු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නෞකාව නැවත්වුයේ නැතිනම් ජනාධිපතිධූරය අවසන් කරන බවට ඔවුන් දැනුම් දී ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිට කල එම තර්ජනය ඉදිරියේ මෙම නෞකාව නවත්වා ඇති බවද හෙතෙම පැවසීය.

ඕනෑම රටක යුද නෞකාවනට මෙරට වරායනට පැමිණීමට ඉඩ දෙන්නේ නම් චීන නෞකාව පැමිණීමේ වරද කුමක්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress