සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා – ධම්මචක්කප්පවත්ත සූත්‍රය
Posted on March 3rd, 2023

තිස්ස ගුණතිලක

කුමක්ද මේ පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය?  බොහෝ දේශකයන් ‘රෑප, වේදනා, සංඥා, සංකාර හා විඤ්ඤාණ’ යන පස් ආකාරය පංචස්කන්ධය ලෙස හදුන්වති. මෙහි ‘රෑප’ යනු රෑපය ලෙසද ඉතිරි සතර ‘නාම’ ලෙසද ගෙන නාම-රෑප එකතුවූ තැන පංචස්කන්ධය නැතහොත් ‘කය’ (ගත හා සිත) ලෙසද දේශනා කරන්නෝ තවමත් බහුලය. මොවුන් ඔබව පටලවා ඇති පඹගාලෙන් ඔබව මුදවාගැනීමට මෙම ලිපිය උපකාරී වේවා.

රූප, වේදනා, සංඥා, සංකාර හා විඤ්ඤාණ යන ක්‍රියාවලිය සද්ධර්මය තුල ‘ස්කන්ධය’ ලෙස හැදින්වෙයි. ‘ස්කන්ධය’ යනුවෙන් යමක් හුදකලාව (in isolation) පවතින්නේ නැත. පංචේන්ද්‍රියේ ප්‍රසාදවීමත් සමගම ස්කන්ධ ක්‍රියාවලිය හටගනී.  එනම් ස්කන්ධ ක්‍රියාවලිය ප්‍රාතූර්භූත (manifest) වන්නේ භාහිර රූපයක ප්‍රතිබිම්භය යම් පංචේද්‍රියක ප්‍රසාද වීමත් සමගමය. ප්‍රසාද වීමක් නැති තැන ස්කන්ධයක් නැත.

ඉංද්‍රිය පහේ ‘ප්‍රසාදවීමෙන්’ හටගන්නා නිසා ‘ස්කන්ධ’ ක්‍රියාවලිය (ප්‍රසාදය+ස්කන්ධය) ‘පංච ස්කන්ධ’ ක්‍රියාවලියයයි හැදින්විය හැකිය. චක්ඛු ප්‍රසාදය නිසා චක්ඛු ස්කන්ධයද, සෝත ප්‍රසාදය නිසා සෝත ස්කන්ධයද ආදි වශයෙනි.

ඉංද්‍රිය ප්‍රසාදයත් සමගම ඇතිවන ස්කන්ධ ක්‍රියාවලිය (චක්ඛු, සෝත, ජිව්හා, ඝාණ හා පොට්ඨබ්බ ස්කන්ධ) සද්ධර්මය තුල ‘සත්වයා’ හැදින්වීමට යොදා ගැනේ. 

සත්වයාගේ උපත අරමුන/සිතුවිල්ලේ ආරම්භය සමග වෙයි. ඊට පෙර මව්කුසින් බිහිවන්නේ ජීවියෙකි. ගයාවේ බෝධිමූලයේදී බුදුන්වහන්‍සේ බුද්ධත්වයට පත්ව නැතිකලේ සත්වයායි. කුසිනාරාවේ පිරිනිවන් පෑවේ බුදුන්වහන්‍සේ තුල වැඩසිටි ජීවියායි.

ඉංද්‍රිය පහේ ප්‍රසාදය සමග ඊට අනුකූලව සිදුවන පස් ආකාර ස්කන්ධ ක්‍රියාවලිය ‘පංච ස්කන්ධ’ ක්‍රියාවලිය වන අතර එය (ප්‍රසාදය + ස්කන්ධය) sensory experience ලෙස හැදින්විය හැකිය.  According to Buddhist teachings, The ‘sensory experience’ is define what a human being is.

ඉහත සඳහන් පංච ස්කන්ධ ක්‍රියාවලිය කරන්නෙක් නැතිබව අවබෝධ කල යුතුය. සබ්බේ ධම්මා අනත්තාති.

‘ස්වාමිනි, සෝතාපන්නයට, සකරදාගාමිත්වයට, අනාගාමිත්වයට හා අරහත්භාවයට පත්වීමට කලයුත්තේ කුමක්ද?’ යයි කීප අවස්ථාවකදී ස්ථිවිරයන් ඇසූ ප්‍රශ්ණයට තතාගතයින්වහන්සේගේ එකම පිළිතුර වූයේ ‘ස්කන්ධයේ උදය-වය දැකීම පමනමයි කලයුත්තේ’ යන්නයි. එම පිළිතුරෙන්ම සද්ධර්මය තුල ‘ස්කන්ධයේ’ ඇති වැදගත්කම අවබොධ විය යුතුය.

පංච ස්කන්ධ ක්‍රියාවලිය මුල (උදය) රූපද, අවසානයේ (වය) විඤ්ඤාණයද එනම් නාමයද ඇතිවන අතර ඒවා එකට එක්වීමෙන් (ගැටගැසීමෙන්)  සෑදෙන කාමාවචර ලෝකය උපාදාන වීමෙන් (බැස ගැනීමෙන්) භවය සකස් වී දුකට හේතුව වන ‘භාහිරය දෙයක් යමක් ලෙස දැනෙන මායාව’ ඇතිකරයි.

එනම් ‘පංච ස්කන්ධයේ උපාදානය’  

(ප්‍රසාදය+ස්කන්ධය+උපාදානය = sensory experience + clinging) දුකට හේතුපාදක වෙයි.

තිස්ස ගුණතිලක

2023 මාර්තු මස 03වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress