පොහොට්ටුවන්ගේ ජයඝෝෂා මැද ජනපති පොහොට්ටු වේදිකාවට ගොඩවේ..
Posted on July 7th, 2024
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු වතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවකට ගොඩ වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් ගතවීම හේතුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණේ කළුතර දුම්රියපොල අසල ක්‍රීඩාංගනයේදීය.
ජනාධිපතිවරයා මෙම උත්සවයට පැමිණ තිබුණේ ඊට පෙර ටික වේලාවකට පෙර ගාල්ලේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සංමුළුව ඇමතීමෙන් පසුවයි.
2022 මැයි 9වෙනිදා මෙරට ඇති වූ අර්බුදකාරී සමයේ තමන් රට බාරගත් හේතුව සහ ඊට බලපෑ වටපිටාවද ඔහු එහිදී පැහැදිලි කළේය.
රැස්වීමට පැමිණ සිටි පොදු ජන පෙරමුණේ සාමාජිකයන්ගෙන් ජනාධිපතිවරයාට උණුසුම් ප්‍රතිචාරයක් හිමිවීම විශේෂත්වයකි.