පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන අගමැති සහ අමාත්‍ය ධූර දැරිය හැකිද?
Posted on November 20th, 2024
අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ. සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී මන්ත්‍රීවරු ලෙස තෝර පත්කර ගත් අයට කළ හැක්කේ කථානායකවරයා තෝරා ගැනීම පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63වන ව්‍යවස්ථාවේ දක්වා ඇත.
2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අගමැති සහ අමාත්‍යවරු පත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43.4 සහ 44.2 අනුව්‍යවස්ථා දක්වා ඇත.
3. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කථානායකවරයා ඉදිරියේ ප්‍රතිඥා/ දිව්රුම් නොදී සිටියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ධූර වන අගමැති සහ අමාත්‍ය ධූර ලබා ගැනීම නිවැරදි බව අනුර දිසානායක ජනාධිපතිවරයා තීරණය කර ඇති හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කථානායකවරයා ඉදිරියේ ප්‍රතිඥා/ දිව්රුම් නොදුන් තෝරාපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අගමැති සහ අමාත්‍ය ධූර 2024.11.18 දින පත් කර ඇත.
4. පාර්ලිමේන්තු මන්තීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අසුන හිස් වීමට හේතුවක් ලෙස ආ.ක්ර.ව්ය 66 ව්‍යවස්ථාවේ දක්වා නැත්තේ
පාර්ලිමේන්තු මන්තීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් දී නැති අයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන නිසාද? යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන අගමැති සහ අමාත්‍ය ධූර දැරිය හැකිද? යන ප්‍රශ්නයට පිළිතුරු ලබා ගත හැකිය.
5. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස ප්‍රතිඥා නොදුන් තෝරා පත්කළ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරු ලෙස හැදුනුම්පත් ලබාදීම, මන්ත්‍රී වරප්‍රසාද ලබා දීම, නිවාස ලබා දීම, අගමැතිධූරය, අමාත්‍යධූර ලබා දීම සහ ඒ සඳහා සූදානම් වීම එකක්ද යන්න විමසිය යුතුය.
http://neethiyalk.blogspot.com/2024/11/blog-post.html?m=1
අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ. සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394. (2024.11.19)