පුත්තලම මහාධිකරණයේදී නීතීඥවරියක් රිමාන්ඩ් වීමෙන් පසු 2024 අංක 8 අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස පනත ගැන ලියන්න/ කියන්න / හිතන්න කරුණු 10
Posted on April 3rd, 2025

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

1. චෝදනාව කරන අයටම හෝ තමා යටතේ ඉන්නා අයෙක් මගින් චෝදනව ඉදිරිපත් කරවා චූදිතව රක්ෂිත බන්ධනාගාරගත කළ හැකි බව,

2. චෝදනාව කරන අය සාක්ෂියට කැදවීමට ඉඩ නොදෙන බව,

3. දඬුවමේ සීමාවක් නැති බව,

4. වසර 2කට වඩා චූදිතව/ සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කර රඳවා තබා ගත හැකි බව සහ 1997 අංක 30 ඇප පනත අදාල නොවන බව,

5. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් නියම කළහොත් අභියාචනා අවස්ථාවක් නැති බව, (සාමාන්‍යයෙන් දඬුවමකට එරෙහිව අභියාචනා අවස්ථා 2ක් ඇත)

6. නීතීඥවරුන්ගේ විනය පාලනය සහ රීති නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා පහළින් ඇති අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන වලටත් පවරා ඇති බව,

7. අධිකරණයේදි නීතිය පෙන්වා දෙන, නඩු පවරන නීතීඥවරයාට නැවත නිවසට ඒමට නොලැබිය හැකි බව

8. විනිසුරුට එරෙහිව නඩු පැවරූ විට ඒ විනිසුරුටම නඩු පවරන්නාව රිමාන්ඩ් කළ හැකි බව

9. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැර අන් සියලු නීති අභිබවා ක්‍රියාත්මක වන බව

10. විනිසුරුවරුන්ගේ අනාගත සහ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන්ද ක්‍රියාත්මක විය හැකි බව

http://neethiyalk.blogspot.com/2025/04/2024-8-10.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.03.31)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress