ජනපති අනුර කලේ, හිටපු ජනාධිපති රනිල් එකඟ වූ ආරක්ෂක ගිවිසුමට නව එකතුකිරීම් සිදු කිරීමයි – ආරක්ෂක ලේකම් තුයියකොන්නා
Posted on April 8th, 2025
ලංකාවේ වෙනදේ
‘ද අයිලන්ඩ්‘ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ආරක්ෂක ලේකම් තුයියකොන්නා මහතා සදහන් කරන්නේ ජනාධිපති අනුර දිසානායක මහතා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර ඇතිකරගත් එකඟතාවය මත අත්සන් කළ ආරක්ෂක ගිවිසුම සකස් වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජුලි 21 දින ඇතිකරගත් එකඟතාවයේ දිගුවක් ලෙස බවය.
ඒ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ තුයියකොන්නා මහතාට අදාළ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් නොමැති බවය. ඊට හේතුව 2023 ජුලි 21 දින රනිල් වික්‍රමසිංහ මහතා සහ නරේන්ද්‍ර මෝදි මහතා අතර ඇතිකරගත් එකඟතා ප්‍රකාශය තුළ ආරක්ෂක ගිවිසුමක් පිළිබඳව කිසිදු කරුණක් අඩංගු නොවීමය. ඒ අනුව රටේ ආරක්ෂක ලේකම්වරයා ඉන්දියාව සමඟ අත්සන් කළ ආරක්ෂක ගිවිසුමට අදාල දේශපාලන පසුබිම අධ්‍යනය නොකිරීම බරපතළ තත්වයක් බව ඔවුහු සදහන් කරති.