බංගලාදේශයේ බෞද්ධ හින්දු ජනයා ඉලක්ක කර එල්ල කරන ම්ලේච්ච ප්‍රහාර වල නැවැත්වීමට මැදිහත්වන ලෙස බංගලාදේශ රජයට බලකරන විරෝධතා පා ගමනක්
Posted on October 16th, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
පසුගිය 14 වනදා දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය සහ ත්‍රෛනිකායික භික්‍ෂු පෙරමුණෙහි නායකත්වයෙන් බංග්ලාදේශයේ චිතගොංහි බෞද්ධ සහ හින්දු ජනතාවට එල්ල වන ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බංග්ලාදේශ, මියන්මාර, තායිලන්ත සහ කාම්බෝජ ඇතුළු රටවල්වල භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් කොළඹ 7 සම්බුද්ධත්ව මහා විහාරයේ සිට බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය දක්වා සාමකාමී විරෝධතා පා ගමනක් ගමන් ගත්හ.
දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය සහ ත්‍රෛනිකායික භික්‍ෂු පෙරමුණ එකතුව බෞද්ධ සහ හින්දු ජනතාවට විරුද්ධව එල්ලවන මිලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරවලට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සහ බංග්ලාදේශ බෞද්ධ හා හින්දු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක්ද භාර දෙනු ලැබිණි.