ඇමති ආනන්ද විජේපාල ත‍්‍රස්තවාදී චෝදනා මත පොලිස් සේවයෙන් නෙරපූ අයෙක්…- චාමර
Posted on October 23rd, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ඇමති ආනන්ද විජේපාල මහතාගේ අතීතය සහ පොලිස් සේවයෙන් නෙරපීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කර තිබේ.

ඇමති විජේපාල මහතා ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘ලසා’ගේ ඝාතනය පාතාල ක්‍රියාවක් ලෙස කෙලින්ම හුවා දැක්වූ බව මන්ත්‍රී දසනායක මහතා සඳහන් කළේය. එසේ යටගිය දවස ගැන කතා කරනවා නම්, ඇමති විජේපාල මහතාගේ ජීවිත කතාව ගැන ද කතා කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

මන්ත්‍රී දසනායක මහතා පෙන්වා දෙන අන්දමට, ආනන්ද විජේපාල මහතා 1988 වසරේදී එස්.අයි. ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු නමුත්, ඔහු පුහුණුව ලබමින් සිටි කාලයේදී, බුද්ධි වාර්තා සහ CID වාර්තා මත පදනම්ව පොලිසියෙන් නෙරපා හරින ලද බව චෝදනා කරයි.

චාමර සම්පත් දසනායක මහතා අවධාරණය කරන්නේ විජේපාල මහතා පොලිසියෙන් නෙරපා හැරීමට හේතුව වූයේ සන්නද්ධ අංශයේ නායකයෙක් හැටියට කටයුතු කිරීම බවයි. ඔහු සන්නද්ධ අංශයේ නායකයෙක් නැත්නම් ත්‍රස්තවාදියෙක් හැටියට කටයුතු කරලා තමයි ඔබතුමා ඒ කාලේ පොලිසියෙන් නෙරපුවේ” යනුවෙන් ප්‍රකාශ කළේය.

පොලිස් ඇමතිවරයාගේ අතීතය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රී දසනායක මහතා සඳහන් කළේ, සීඅයිඩී වාර්තාවක් සහ බුද්ධි වාර්තාවක් අනුව පොලිසියෙන් නෙරපා හැරිය කෙනෙක් අද පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන, පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂා කරන පොලිස් ඇමතිවරයා ලෙස කටයුතු කරන බවය.

රටේ මිනිසුන් මෙම කරුණ නොදැන සිටියද, ගල්ගමුව, අම්බන්පොළ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිසුන් සියලු දෙනාම මෙම තොරතුරු දන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress