අනුර නොදන්නා ජාතිවාදය !
Posted on November 22nd, 2025
උපුටාගැණීම මුහුනුපොත
අනුර ඇතුලු ආන්ඩු නඩය මේ වෙලේ කෙලින්ම ඉලක්ක කරන්නේ සිංහල බෞද්ධයාවයි ! එනම් ඔහු කියා සිටින්නේ සිංහල බෞද්ධයා පන්සල රැකීම පිළිම රැකීම සහ බණට පිරිතට කඨිනයට එරෙහි වෙන අන්තවාදීන්ට එරෙහිව බෞද්ධයා කතා කිරීමම ජාතිවාදයක් බවයි ආගම්වාදයක් බවයි !
සිංහල බෞද්ධ රට තුල උතුරේ සිංහලයාට නොදෙන අයිතිය ගැන අපට කතා කිරීම සපුරා තහනම් වන අතර එය කලහොත් ජාතිවාදය යටතේ ඔබට අත් අඩංගුවට පවා පත්විය හැකි බව ඉදුරා පවසයි !
රටේ සිදුවිය යුත්ත නොයුත්ත ඔහු පටලවාගෙන සිටින බව මගේ හැඟීමයි !
එනම් තුන්සිය හැටපස් දවසම ජාතිවාදයම කතා කරන උතුරේ ජනතාව ඇතුලු ද්‍රවිඩ නායකයින්ට ජාතිවාදය අවුසන්නට එපා යැයි නොකියන අනුර තම රටේම අසරණව හඬක් නොමැතිව සිටින සිංහල බෞද්ධයාටම ඇගිල්ල දිගු කරමින් කියා සිටින්නේ ජාතිවාදයට ඉඩක් උඹලාට නැත ලෙසයි !
වැල්ලවත්තේ ද්‍රවිඩයාට අපෙන් ප්‍රශ්ණයක් නැත !
බේරුවල මැද කොළඹ කොලණි පිටින් ගම්මාන සාදාගෙන සිටින අපේ සහෝදර නානලාට අපෙන් ප්‍රශ්ණයක් නැත ඔවුන් අධි නිදහසක් භුක්ති විඳිමින් සිටියි !
නමුත් බලහත්කාරයෙන් උදුරාගන්නට හදන බුදු පිලිමයක් පන්සල් ඉඩමක් හෝ පෙර සිංහල ජනාවාසයක්ව පැවති බිමක් හෝ පුරාවිද්‍යා බිමක් වෙනුවෙන් සිංහලයා වචනයක් හෝ කට හැරිය තැන ඔහු ජාතිවාදියා ලෙස හංවඩු ගැසේ !
මෙය නොවේද අසාධරණය !
මෙය නොවේද සිංහලයා ඉලක්ක කර කරනා ජාතිවාදය ?
අප අරාබියට යමු ! එයිනුත් ධනවත් GCC රටවල් වලට යමු !
එහි ඇත්තේ පීතෲ මූලික ජන සමාජයකි !
එහි ස්වදේශික අරාබි ජාතිකයින්ට පමනක්ම තම රට තුල ඉඩම් මිළදී ගැනීම ව්‍යාපාර කිරීමේ අයිතිය ඇති අතර ඇතම් රටවල එකී රටේ මහජාතියට අදාල ආගම පමනක් ප්‍රසිද්ධියේ ඇදහීම වලංගු වේ .
අන්‍යාගමිකයින් රටේ සේවය කල හැකි අතර ඔවුන්ට සම තැන් ලබා දුන්නද ඇතම් රටවල තම තමන්ට රිසි ආගම් ප්‍රසිද්ධියේවත් ඇදහීම තහනම් වේ.
එහි වරදක් නැත ! මන්ද ඒ රටවල ස්වදෙශික සියල්ලන් එකම ආගමක් අදහන අතර පිටින් පැමිනෙන අන්‍යාගමිකයින් පැමිනෙන්නේ රැකියාවල් උදෙසාම පමණක් නිසාවෙනි !
ඩුබායි හි සහ රටවල් කිහිපයක ආගම් බොහෝමයකට ඔවුන්ට නිදහසේ ඇදහීමට අවසර දී ඇති අතර අනෙනෙත් රටවල්ද ඒ අනුව යමින් සිටින හොඳ ප්‍රවනතාවක් ඇත …
ඔවුන්ගේ ක්‍රමය ඉතා පැහැදිලි වේ . පිටින් පැමිනෙන්නෙකුට ඉඩම් අයිතිය හෝ පුරවැසි බව නොදීම තම ජාතියේ අනන්‍යතාව සුරැකීමකි !
තම ස්වදේශික හෙට ඉපදෙන දරුවාගේ අනාගත පරපුරේම භූමිය පිළිබද අයිතිය ආරක්ෂා කිරීමකි !
නමුත් අප රටේ සිදුවූයේ කුමක්ද තාවකාලිකව පැමිනි ජාතීන් සියල්ලන්ද අප අප රටේම බින්න බස්සවා ඔවුන්ට සම අයිතිය ලබා දුනි !
සිංහල බෞද්ධයා උතුම් වන්නේ එහෙයිනි !
අපට කොහෙත්ම ජාතිවාදයක් ආගම්වාදයක් නැත !
සියල්ලන් සුරක්ෂිත කිරීමට සිංහලයාද බැඳී සිටී !
සෑම රටකම ශිෂ්ඨාචාර ගොඩ නගන්නන් මුල් ජාතිය මහා ජාතිය වේ. අරාබිකරය දැඩිව දරන්නේද එකී මතයයි !
ශිෂ්ඨාචාර ගත කල ජාතියට රටේ සියලු අයිතීන් හිමි විය යුතු අතර පිටින් පැමිනෙන්නන්ට මෙකී මහ ජාතියේ නිදහසට බාධ පැමිණ විය නොහැක ..
තාවකාලික රැකියා සඳහා පැමිනන්නන් වුවද ඔවුන් රට තුල සිටින තාක් ඔවුන්ව ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ අයිතියත් සුරැකීමටත් අරාබි කරයේ බොහෝ ධනවත් රටවල් ඉතාම සතුටුදායක ලෙස කටයුතු කරයි !
සිංහල බෞද්ධ අප අපේ රටේ ශිෂ්ඨාචාර ගත කල මුල් ජාතිය ලෙස අප සිටින්නේම නාමිකව වේ.
අපට අයිතීන් නැත !
අපේ අයිතීන් දේසපාලනය නාමයෙන් සිඳ දමා ඇත ..
නමුත් අපට පසු රටට පැමිණි අයවලුන්ගේ අයිතිය අපට වඩා සුරකින්නට බොහෝ දේසපාලුවන් දිවිහිමියෙන් බැඳී සිටින අතර ඔවුන් සිංහල බෞද්ධ අපගේ සිත් බිදීම් ඇති කරන ඕනෑම දෙයක් සිදු කලද එය සාමාන්‍ය සහජීවනය වේ.
අප මුව බැඳ ඇත .
අපට අප ගැනවත් කතා කිරීම තහනම් වේ.
අපට අප උපන් බිම ගැන කතා කිරීම තහනම් වේ.
අපට අපගේ ආගම බුදු දහම ගැන සහ එහි අනාගත ආරක්ෂාව ගැන කතා කිරීම තහනම් වේ…
අපට අප සිංහල යැයි කීම පවා අහිතකර අතර එයින් අනෙත් සුලු ජාතීන්ගේ අයිතීන් බිදෙන බව අපට පාලකයා නිතර පෙන්වා දෙයි !
අපට අප රට වනසන්නට කටයුතු කල ත්‍රස්තවාදන් විවේචනය තහනම් වේ.
නමුත් අනෙත් පසින් ත්‍රස්තවාදයට හිතැති ඕනෑම කෙනෙකුට ත්‍රස්තවාදන්ගේ අයිතීන් කතා කිරීම තහනම් නැත .
එය වචනයේ පරිසමාප්ත අරුතින්ම මෙකී පාදඩ දේසපාලුවන්ට අනුව සහජීවනය වේ !
සිංහල බෞද්ධ බහුතරය සිටින මේ රටේ සිංහලයින් ශිෂ්ඨාචාර ගත කල ස්වදේශිකයින්ට තම අයිතීන් පවා කප්පාදු කරන්නට දත කන පාදඩ පාලකයාට කරුණාකර මා ධනවත් අරාබිකරය දෙස බලන මෙන් ඇරයුම් කරමි ..
ඔවුන් ඔවුන්ගේ ජාතිය සුරක්ෂිත කිරීමට කරනා මෙහෙයත් ඔවුන් ඔවුන්ගේ මූලික ආගම සුරක්ෂිත කිරීමට කරනා කැපකිරීමත් බලන ලෙස ඉල්ලා සිටිමි !
GCC කලාපයේ රටවල් වල සිටින ඔවුන් වෙනත් රටවල් අල්ලන්නට යුධ කරන්නේ නැත .නමුත් ඔවුන් ඔවුන්ට උරුමයෙන් ලැබුනු පුංචි ඉඩ පුංචි බිම රකින්නට කරනා දැඩි මෙහෙය ප්‍රසංශනීයයි ! එහි එක් වැලි කැටයක් හෝ ස්වදේශිකයාගෙන් පිට යෑමට නොහැකි වන සේ දැඩි නීති සම්පාදනය කොට ඇත.ඔවුන්ගේ අනාගතය සුරක්ෂිතයි !
මා මේ පවසන දෙය මෙය එකී රටවල සේවය කරන ලාංකිකයන් ලක්ෂ ගණනක් සාක්ෂි දරාවි ..
සිංහල බෞද්ධයාගේ අනාගතය කෙසේද ?
එය ඉදිරියේ අඳුරුයි ! අනාරක්ශිතයි !
ඔහුව උපන් රටේම අත පය බැඳ දැමූ අබ්බගාතයෙක් කරන්නට පාලකයා තීන්දු කර අවසන් ..
@highlight
ලිපිය © Don Shyam