ත්‍රී’මලේ පිළිම නඩුවේ පොලීසියට එරෙහිව අධිකරණ අපහාස නඩු දැමීමට කරුණු දැක්වූ නීතීඥවරයාට නීතිපති වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතීඥ විරුද්ධ වෙයි.
Posted on January 28th, 2026

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

නීතීඥවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු දැමීමට කඩිනමින් ක්‍රියාත්මක වන නීතිපති ත්‍රී මලේ පිළිම නඩුවේදී පොලීසියට එරෙහිව අධිකරණයට අපහාස නඩු දැමීමට කරුණු දැක්වීමට නීතිපති තමන්ට විරුද්ධ වීම 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට, ආයතනයකට අපහාස පනතේ 15 වගන්තිය යටතේ ප්‍රශ්නයක් බව පොලීසියට එරෙහිව අධිකරණයට අපහාස නඩු දැමීමට එම නඩුවේ දින කිහිපයක හඬ පටවල පිටපත් ඉල්ලීමට මැදිහත් වූ නීතීඥවරයා අද (2026.01.28) දින එම නඩුව ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්තුමා වෙත පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ඉදිරි දින එකී හඬ පට පිටපත් ලබා දීමට නියෝග කරන බව මහේස්ත්‍රාත්තුමා දැනුම් දෙනු ලැබීය.

එසේම සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපත් ලබා ගැනීමටද එතුමා නියෝග කළේය.

https://neethiyalk.blogspot.com/2026/01/blog-post_28.html?m=1

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress