සමන් එදිරිමුණි..සමාවෙන්න පැටලුනා දිලීප පීරිස් නැමැත්තා විසින් ඊයේ කල ප්‍රකාශය කොයි විදියට එංගලන්ත රජය බාරගනීවිද අප දන්නේ නැහැ….
Posted on January 29th, 2026
උපුටාගැණීම මුහුනුපොත
https://www.jadetimes.com/…/sri-lanka-s-first-lady-the…
රනිල් වික්‍රමසිංහට දාලා තියන නඩුව නිසා බොහෝ අය හිතන්නෙ රනිල්ගේ ප්‍රතිරූපය සහ කීර්තිය පමණක් විනාශ වෙනවා කියලා. නමුත් බොහෝ දෙනාට නොපෙනෙන කාරණය නම් මේ නිසා අපේ රටේ කීරිතියත් විනාශ වෙන බව. ඒ මන්දයත්,
මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය රනිල් වික්‍රමසිංහගෙ බිරිඳ කියන කාරණය මොහොතකට අමතක කරොත්, ඇය ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ විද්වතෙකු සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීණයෙක්. ඇය සිය ප්‍රථම උපාධිය (BA) ලන්ඩනයේ King’s College වෙතින් ලබා, ඉන්පසු කොළඹ විශ්ව විද්‍යාලයෙන් කාන්තා අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MA) ලබා ගන්නවා. ඇය සිය ආචාර්ය උපාධිය (PhD) ලබා ගත්තේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ආයතනය (Institute of Education) මගින්. ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක සහ එම අංශයේ ප්‍රධානියා (Chair) ලෙස දැනුත් කටයුතු කරමින් ඉන්නවා. ඇය වසර 35 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සහ විදේශීය විශ්ව විද්‍යාල රැසක (Sussex වැනි) ආරාධිත කථිකාචාර්යවරියක ලෙස සේවය කර තිබෙනවා. පොත්පත් ලියා තිබෙනවා.
ඉතින් සරලවම කිඋවොත් ඇය අපේ රට ආඩම්බරයෙන් කතා කළ යුතු කාන්තාවක් මිසක් මේවගේ අපහාසයට හෝ උපහාසයට ගත යුතු කාන්තාවක් නෙවෙයි. මක්නිසාදයත් ඇයට තිබෙන ජාත්‍යන්තර ගෞරවය නිසාම මේ නඩු කටයුත්ත දිහා විදේශිකයන් බලා සිටින නිසා. අපේ රටේ ජනාධිපති රේල්පාරක් උඩ ජොගින් කරනවා බලා ඔවුන් නිසැකවම සිනාසෙනවා ඇති. ඒමදිවට දැන් ඔහුගේ චරපුරුෂයන් කියනවා මෙම විශ්ව විද්‍යාලය අතිශය පුද්ගලික විශ්වවිද්‍යාලයක්ලු.
වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය එක්සත් රාජධානියේ පිහිටි ප්‍රසිද්ධ රජයේ විශ්ව විද්‍යාලයක් (Public University) මිස “අතිශය පෞද්ගලික විශ්ව විද්‍යාලයක්” නෙවෙයි. එහි උපාධි ප්‍රදානය කරනු ලබන්නේ රජයේ අනුමැතිය සහ ප්‍රමිතීන්ට යටත්වයි.
ඒවගේම, 2023 වසරේදී එම විශ්ව විද්‍යාලයේ කලා, ව්‍යාපාර සහ සමාජ විද්‍යා පීඨය මගින් මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියට ලබාදෙන්නේ ගෞරව මහාචාර්ය ධුරයක් (Honorary Professorship). මෙය ඉතාමත් දුර්ලභ සහ සුවිශේෂී ගෞරවයක්. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයකින් පිරිනමන ගෞරව උපාධි වලට වඩා “ගෞරව මහාචාර්ය” (Honorary Professor) ධුරයක් පිරිනැමීම වඩාත් බරපතළ සහ උසස් පිළිගැනීමක් ලෙස සැලකෙනවා. ලෝක ජනගහනය සහ විද්වතුන් සංඛ්‍යාව සමඟ සැසඳීමේදී මෙය 0.01% කටත් වඩා අඩු පිරිසකට හිමිවන අතිශය දුර්ලභ ගෞරවයක්.
ඉතින් මෙවැනි දෙයක් මෙහෙම තමන්ගෙ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න ගාවා ගැනීම මොනතරම් නින්දිත තත්වයක්ද. රටක ජනාධිපතිවරයෙකුගේ ආර්‍යාවකට මෙවැන්නක් හිමිවීම තවත් අතිශය දුර්ලභ දෙයක්. අපේ මිනිසුන් මේවා ගැන ආඩම්බර වෙනවා වෙනුවට කරන්නේ අමු තිත්ත කුණුහරප කියමින් රටත් රටේ ගෞරවයත් විනාශ කිරීමයි.
දිලීප ඔහේ මෙයට සමාව ගත යුතුයි.