හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීමට පැමිණි චීන කණ්ඩායම ආපසු හැරීයයි..
Posted on February 3rd, 2026
උපුටා ගැන්ම ලංකා ලීඩර්
හම්බන්තොට චීන පිරිපහදුව ඉදිකිරීමට පැමිණි කණ්ඩායම ඊට අදාළ වැඩකටයුතු අත්හිටුවා නැවත චීනය බලා පිටව ගොස් ඇති බව ‘මව්රට’ පුවත්පත විසින් වාර්තා කර ඇත.
පිරිපහදුවට අදාළ අවසන් ගිවිසුම්වලට අස්සන් කිරීමට ඔන්න මෙන්න කියා පැවැතිය දී එය අස්සන් නොකරන ලෙසට බීජිංවලින් විශේෂ පණිවුඩයක් ‘සිනොපැක්’ ප්‍රධානීන්ට ලැබී ඇති බවක්ද එම පුවත් වාර්තාවෙන් කියවේ.
කෙසේ වෙතත් හම්බන්තොට චීන පිරිපහදුව ඉදි නොකිරීමට චීනය නිශ්චිත වශයෙන්ම තීරණය කොට ඇති බවක් එම වාර්තාවේ සඳහන් නොවේ.
* හම්බන්තොට පිරිපහදුවත් නැවතිලා!
* මධ්‍යම අධිවේගය හදන එකත් නවත්තලා!
* සංචාරකයො එන එකත් අඩුකරලා!
* ආයෝජකයොත් පිටවෙලා!
* විදේශ ඇමැති අනුරව හමුවෙන එකත් කැන්සල් කළා!
* චීනය හිටිහැටියේ වෙනස් වුණේ ඇයි?
යනාදී සිරස්තලයන්ගෙන් යුතුව එම පුවත්පතේ ”රාජ්‍ය රහස්” තිරයේ පලවී ඇති එම අනාවරණය මතු පළවේ.
” දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා යන අතරවාරයේදී අතරමැදි ගමනාන්තයක් (ට්‍රාන්සිට්) ලෙස චීන විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණියද, එම ගමනේදී කොළඹට පැමිණ ජනාධිපතිවරයා මුණගැසීමට චීන විදේශ අමාත්‍යවරයා මුලින් සැලසුම් කොට තිබිණී. නමුත් අවසන් මොහොතේදී සිය සැලසුම වෙනස් කරමින් චීන විදේශ අමාත්‍යවරයා කොළඹට නොපැමිණ කටුනායක පිහිටි ‘ජෙට්වින් ලැගූන් නිගම්බෝ’ හෝටලයේ නවාතැන් ගත් අතර, ජනාධිපතිවරයා හමුවූයේද නැත.
කෙසේ වෙතත් මේ සතිය වනවිට චීන විදේශ අමාත්‍යවරයා කටුනායකට පැමිණියද කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමු නොවීමට බලපෑ තවත් සිදුවීම් මාලාවක් පිළිබඳ තොරතුරුද අප වෙත වාර්තා වී තිබේ. මෙහි ඇත්තම කතාව නම් චීන විදේශ අමාත්‍යවරයාගේ ලංකා ගමනේදී පළමුවෙන්ම තීන්දු වී තිබුණේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා හමුවීමටය.
නමුත් අප්‍රිකානු රටවල් හතරකට ගොස් චීන විදේශ අමාත්‍යවරයා එම සංචාරය අවසන් කරනවාත් සමගම චීනයේ බීජිංවලින් එවා තිබූ විශේෂ වාර්තාවක් චීන විදේශ අමාත්‍යවරයා අතට පත්ව තිබිණි. මෙම වාර්තාව මගින් චීන රජය සිය විදේශ අමාත්‍යවරයාට වාර්තා කොට තිබුණේ ලංකාව සහ චීනය අතර ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් දැනට මතුව ඇති තත්ත්වයය. මෙහිදී ඇතැම් යෝජනා ධනාත්මක ආකාරයට ක්‍රියාත්මක වන බවත්, සමහර කරුණු කිසිදු ප්‍රතිඵලයක් නොමැති තත්ත්වයකට පත්ව ඇති බවත් අදාළ වාර්තාවෙන් චීන විදේශ අමාත්‍යවරයාට වාර්තා කොට තිබිණි. කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමුවීමට කර තිබූ සියලු සැලසුම් කනපිට පෙරළී ගියේ බීජිංවලින් චීන විදේශ අමාත්‍යවරයාට ලැබුණු මෙම විශේෂ වාර්තාවත් සමගය.
(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)