ඇමරිකා-ඉන්දීය ගිවිසුමෙන් මෙරට ලොකුම අපනයන සමාගමක කර්මාන්තශාලා වහයි…
Posted on February 4th, 2026

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මෙරට ප්‍රධානම පෙළේ ආයතනයක් තමන්ගෙ කර්මාන්ත ශාලා වසා දැමීමට ගෙන තිබෙන තීරණය නිසා විශාල පිරිසකට රැකියා අහිමි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ මහතා මෙසේද කීවේය.

‘ඇමරිකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ අනුව ඇමරිකාව ඉන්දියාවට පනවා තිබූ සියයට පනහක බද්ද සියයට දහ අටක් දක්වා අඩු වෙනවා. අපි රජයට කිව්වා කොයි මොහොතක භූ දේශපාලනය තුළ ඔය බද්ද අඩුවෙනවා කියලා. 

දැන් අපේ අපනයනකරුවන්ට වෙන්නේ මොකක්ද. අපේ බද්ද සියයට දෙකක් වැඩියි. මේ සම්බන්ධයෙන් ඒකේඩී බ්‍රෑන්ඩ් එක මොකක්ද ගන්න පියවර. ඒ විතරක් නෙමෙයි අද කර්මාන්තශාලා වහන්න සැලසුම් කරලා තියෙනවා. ප්‍රධානම පෙළේ ආයතනයක් තමන්ගෙ කර්මාන්තශාලා වහනවා. 

ඇමැතිතුමා දන්නවා ද . බොහෝ දෙනකුට රැකියා අහිමි වෙනවා. ඔබ පොරොන්දු වෙලා ආවෙ තවත් කර්මාන්ත ශාලා අරිනවා කියලා. අපි පැහැදිලිව කියනවා මේ රටතුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා’

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress