යළි සළකා බැලීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇති බවට නීතිපතිගේ දැනුම් දීම මත පළාත් සභා බලතල අහිමි කරන බව කියන ගෙවල් කුලී පනත ඉවත් කිරීමට එරෙහි පෙත්සමේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු අවසන්…!
Posted on February 9th, 2026

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට තීරණය කර ඇතැයි එම කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගයේදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ2026 පෙබරවාරි 09 දින දැනුම් දුන්නේය.

ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත
අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම අද (09) මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් විනිසුරුවරුතුමන්ලා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි මස 03 වනදා සිට මාසයක කාලයක් ලබා දී තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව
SC/SD/06/26 , SC/SD/07/26, SC/SD/08/26 , SC/SD/09/26 , SC/SD/10/26
අංක දරන පෙත්සම් ඉදිරිපත් කර තිබූණ අතර, එම කෙටුම්පත යළි සළකා බැලීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇති බවට නීතිපතිවරයා දනුම් දීමෙන් පසු
පෙත්සම්කරුවන් සිය පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රී පුද්ගල විනිසුරු මණ්ඩලයට දැනුම් දුන්නේය.

ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳවද යළි සලකා බැලීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නද එම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳ SC/SD/11/26 අංක දරන පෙත්සම ඉදිරිපත් කර තිබූ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය පෙත්සම පවත්වාගෙන යන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් එමගින් 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සදහාදඑකී ඉවත් කිරීමෙන් පසු අන්තර්කාලීන විධිවිධාන ඇති කිරීමටද විධිවිධාන සළසා ඇති බවත් ගෙවල් කුලී පනත ඉවත් කිරීමට එරෙහිව පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන  දක්වා ඇත.
 
බලවත් තැනැත්තන්ගේ නෛතික අයිතිවාසිකම් අහිමි කිරීමට නීති පැනවීමේදී හෝ බලවත් තැනැත්තන්ගේ නෛතික අයිතිවාසිකම් වෙනුවෙන් පවතින නීති ඉවත් කිරීමේදී මෙන් නොව 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සදහා වූ පනත් කෙටුම්පත මගින් නීති පැනවීමේදී ජනතාවගේ පරමාධිපත්‍යයබුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ රජයේ වගකීමනීතිය පසිදලීම සහ නීතියේ රැකවරණයබලවත් තැනැත්තන්ගෙන් අබල තැනැත්තන් අරක්ෂා කිරීමඑකලාව හෝ අන් අය සමග යම් නීත්‍යානුකූල රැකියාවකවෘත්තියකකර්මාන්තයකවෙළද ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසටශ්‍රී ලංකාව තුළ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසටරාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙය වීමේ මූලධර්ම සහ යුතුකම් වලටජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයටපළාත් සභා ප්‍රඥප්ති සෑදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන උපලේඛනයේ 1වන ලැයිස්තුවේ විධිවිධාන වලට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන වලට පටහැනි බවත්ඒ් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4., 9, 12.4, 14.1, 14.1, 27, 28, 33, 154උ. ව්‍යවස්ථා උල්ලංඝණය කරන බවත් ගෙවල් කුලී පනත ඉවත් කිරීමට එරෙහි පෙත්සම මගින් එම නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.

අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට 2026 පෙබරවාරි 09 දින දැනුම්  දුන්නද
තමන්ගේ පෙත්සම පවත්වාගෙන ගොස් කතානායකවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යොමු කරන ලෙස නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඉල්ලා සිටි අතර,
ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි මස 03 වනදා සිට මාසයක කාලයක් ලබා දී තිබෙන තත්ත්වය තුළ ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධ පෙත්සමේ විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

https://neethiyalk.blogspot.com/2026/02/blog-post.html?m=1

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(2026.02.09)

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress