බෝගම්බර භන්ධනාගාරය නැවත එහිම විවෘත කිරීමට රජය ගෙන ඇති තීරනයට ත්‍රයිනිකායික මහානායක හිමිවරුන් ඇතුළු සංඝ රත්නයේ සහ ජනතාවගේ බලවත් අප්‍රශාධය සහ දැඩි විරෝධය පළවේ.
Posted on July 12th, 2026
ආචාර්‍ය සුදත් ගුණසේකර
ආචාර්‍ය සුදත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම්, ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-94), මහනුවර ජාතික කලා මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලන්කා හදබිම සංකල්පයේ සහ ශ්‍රී ලන්කා හදබිම අධිකාරියේ නිර්මාතෲසහ පළමු විධායක අධ්‍යක්ෂ (1985-91)
2026.7.11. මහනුවර.
ශ්‍රී ලන්කා ජනරජයේ ජනාධිපති තුමනි,
පහත සඳහන් හේතු නිසා බෝගම්බර භන්ධනාගාරය නැවත විවෘත කිරිම ගැන අපගේ බලවත් සහ දැඩි අප්‍රශාදය සහ විරෝධය මින් පළකරමු.
1 බෝගම්බර සිරගෙදර තිබුණු මෙම ස්ථානය පිහිටා ඇත්තේ සකළ ලෝකවාසී බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇති අතිශයින්ම ජනාකීර්ණවූ වර්ග සැතැපුම් ½ පමණ වත් වපසරියක් නැති ඇතුල් මහනුවර නගරය මධ්‍යයේය
2 මෙම භන්ධනාගාරය 2014 දී වසා දමා පල්ලේකැලේට ගෙනියන ලද්ද්දේ දසක ගානක් තිස්සේ ප්‍රදේශයේ ජනතාව විසින් මෙම නගරයේ ආරක්ෂාවට, අලංකාරයට මෙන්ම එහි ආගමික සහ සන්ස්කෘතික උරුමයට එය මහහ් කැළලක් සහ යටත්විජිතවාදයේ අමිහිරි සළකුනක් වන බැවින් සහ එය මහනුවර නගරයේ ඇති අයිතිහාසික, ආගමික, සංස්කෘතික සහ ජාතික වටිනාකම ආරක්ෂාකොට ගැනීමට මහත් භාධාවක්වන නිසාය.
3අධිරාජ්‍යවාදීන් විසින් 1876 දි ලංකාවේ දෙවන විශාලතම භන්ධනාගාරය වශයෙන් මෙය මෙම ස්ථානයේ පිහිටුවන ලද්දේ උඩරට රාජධානිය 1505 සිට 1948 දක්වා අධිරාජ්‍යවාදී සතුරන්ගෙන් මේ රටත්,ජාතියත් සම්බුද්ධ සාශනයත් ආරක්ෂාකොට ගැනීමට වසර 443 ක් තිස්සේ ජීවිත පරිත්‍යාගයෙන් සටන්කොට අවසානයේදී 1818 සහ 1848 දී තම මව්බිම වෙනුවෙන් ජීවිත පරිරිත්‍යාග කළ වීර සින්හලයින් වූ කැප්පෙටිපොල,මඩුගල්ලේ වැනි ජන නායකයින් සහ කඩහපොල හිමි වැනි ජාතික වීරයින් වෙඩිතබා. හිස්ගසා, එල්ලා, මරමින් සහ සිරකොට තැබිම ආදි වධ භන්ධනයන්ගෙන් මරාදමමින් මේ සින්හලේ වැසියන් මර්ධනය කිරීම සඳහාය. 1848 මාතලේ කැරෙල්ලෙදී එවකට සිටි අගවිනිසුරුගේ උපදෙස්ද පිළිනොගෙන කඩහපොල හිමියන් සිවුර පිටින්ම වෙඩි තබා මරා දැම්මේද මෙතනදීය. මේ රටේ ඉතිහාශයේ එබඳු කලු පැල්ලන්වලින් පිරුණු ජාතියේ සොහොන් පිටියකට එම අධිරාජ්‍යවාදි ක්රූරත්වයේ සහ ම්ලේච්චත්වයේ වින්දිතයින්වූ ජාතියක් වශයෙන් නැවතත් පණ දීමට යාම, එදා රට ජාතිය සහ බුදු සසුන බේරා ගැනීම සඳහා තම ජීවිත පූජාකළ ජාතික වීරයින්ගේ සොහොන් වලටත් සිදුකෙරෙන නින්දාවක් නොවේද.
(1977 සිට අපගේ දැඩි උත්සාහය නිසා 2014 දී එය වසාදමා පල්ලෙකැලේට ගෙනයාමත් සමඟම මේ රටෙ එම අඳුරු, අමිහිරි අතීතයේ එක් පරිච්ඡේධයක නිමාව සිදු විය).
4.UNESCO විසින්ද ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශකොට ඇති, මහනුවර නගරයේ ආරක්ෂාවට, පුජනීයත්වයට මෙන්ම අලංකාරයටද බලවත් පිළිලයක් හා තර්ජනයක් වූ මෙම අසෝභන වදකාගාරය 2014 දී මෙතැනින් ඉවත්කොට ඒ අඳුරු සෙවනැළිත් සමඟම මෙම ස්ථානයෙන් පල්ලෙකැලේට ගෙනයන ලද්ද්දේ දීර්ඝ කාලයක් තිස්සේ දේශප්‍රේමීන් විසින් නොකඩවා සිදු කෙරුණු අරගල සහ උද්ඝෝෂන නිසාය.
5. මේ අනුව දැනටමත් පල්ලෙකැලේ අක්කර 140 ක භූමි භාගයක නව භන්ධනාගාරයක් පිහිටුවා තිබියදී තවත් මේ සා අති විශාල භන්ධනාගාරයක් නැවතත් මෙම ස්ථානයේ ඇති කිරීම, මිනිසුන්ට පමණක් නොව සියළු සතුන්ට මෙත් පැතු තුන්ලෝකාග්‍ර බුදුන්ගේ වාම දන්ථධාතූන් වහන්සේ වැඩවසන ශ්‍රී දළදා මාලිගාවට මෙන්ම ලෝක ථෙරවාදී බුදු දහමේ මූලස්ථාන දෙකවන, අස්ගිරි, මල්වතු උභය මහා විහාර දෙකටද එමෙන්ම සමස්ථ ශ්‍රී ලන්කාවාශී සැදැවත් සින්හල බෞද්ධයින්ටද කෙරෙන නින්දාවක් නොවේද? එසේම බලවත් අපහාශයක්නො වේද?
එමනිසා මෙම ශුද්ධ භූමියේ නැවතත් භන්ධනාගාරයක් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය අපි පිළිකුලෙන් හෙලාදකිමු. එසේම ඒ ගැන අපගේ බලවත් විරෝධය සහ දැඩි අප්‍රශාධයද මින් ප්‍රකාශකරමු.
6. 2014 සිට වසාදමා ඇති මෙම භන්ධනාගාරය මෙහි නැවතත් පිහිටුවා, රජය සූදානම් වන්නේ ලෝක බෞධයින්ගේ මුදුන්මල්කඩ වන ශ්‍රි දළදාමාලිගාව මෙන්ම සිංහලේ අවසන් රාජධානිය වූ ලෝක උරුමයක් වන මෙම නගරය විනාශ කිරීම දැයි ද අපි රජයෙන් අසමු.
7.වෙනත් රටවල භන්ධනාගාර පිහිටුවන්නේ ජනාකීරණ ස්ථාන වලට ඈතින් පිහිටි, ජනසූන්‍ය ආරක්ෂිත ස්ථානවලය.
8. අවසාන වශයෙන් ඔබ රජය බෝගම්බර සිරගෙය නැවත මෙම ස්ථානයේ පිහිටුවීමෙන් බලාපොරුත්තු වන්නේ, ජාතියේ මුදුන් මල්කඩ වූ මෙම පූජනීය නගරය තවත් එක් මීගමුවක් කොට ශ්‍රී දළදා මාලිගාව සහ සුන්දර මහනුවර වැව ලෙයින් සහ මළමිනී වලින් පුරවා ලෝකයේම සුන්දර පරාදීශයක් බඳු සහ එසේම එවැනි විරුදාවළි ලබා ඇති මිහිබට සුරපුරක් බඳු, සමස්ත ලෝකයාගේම ආදරය සහ ගෞරවය දිනාගත් නගරයක් වූ, ලෝක උරුමයක් වශයෙන් පිළිගෙන ඇතිඑසේම මේ රටේ හා ජාතියේ අභිමානය සහ හදවත වූ මේ උතුම් නගරයත් විනාශ කිරීමටදැයි ද අපි ඔබගෙන් අසමු.
9. 2014 සිට මෙතෙක් කිසිම නඩත්තුවක් නැති මේ ගොඩනැගිල්ල සිරකරුවන් රැඳවීම සඳහා ප්‍රතිසන්ස්කරණය කිරීමටද යටත් පිරිසෙයින් රුපියල් කෝට් 25 කට අධික මුදලක් වියදන්කළ යුතුවෙනු නොඅනුමානය. එම බරද පැටවෙන්නේ මේ රටේ ජනතාව මත නොවේද?
10 ඉහත සඳහන් හේතූන් නිසා ඔබගේ රජෙයෙන් ගෙන ඇති මෙම අමනෝච්ඤ තීරරනය වහාම වෙනස් කරන මෙන්ද, එසේම කඩුගන්නා කන්දෙන් මෙපිට කිසිම තැනක යලි සිරගෙදරක් නැවත නොපිහිටුවන මෙන්ද මේ රජයෙන් සහ රාජ්‍යනායකයා වන ශ්‍රී ලන්කා ජනාධිපති වරයාගෙන් මහනුවර නගරයේ ජනතාව පමණක්නොව සමස්ථ උඩරට ජනතාව වෙනුවෙන්ම මම ඉල්ලා සිටිමි.