මේ රටේ පලාත්සභා ඡන්දය වහාම පවත්වන්මෙන් කෑමොර දෙන දේශපාලකයින් ඇතුලු සියලුම පිස්සන් ජීවිතාන්තය දක්වා යැවිය යුත්තේ අන්ගොඩටය,-අවසාන කොටස 7.
Posted on July 29th, 2026

ආචාර්ය සුද ත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලනසේවා සන්ගමයේ සභාපති (1991-94))

මේ රටේ පලාත්සභා ඡන්දය වහාම පවත්වන්මෙන් කෑමොර දෙන දේශපාලකයින් ඇතුලු සියලුම පිස්සන් ජීවිතාන්තය දක්වා යැවිය යුත්තේ අන්ගොඩටය, එසේත් නැතිනම් ඔවුන් දේශද්‍රෝහීන්, ජාතිද්‍රෝහීන් සහ බෞද්ධ විරෝධීන් වශයෙන් වහාම මේ පින් බිමෙන් යළි කිසිදාක ආපසු ආ නොහැකි පිට සක්වලකටම පිටුවහල් කළ යුතුය.

2026.7.28

අවසාන කොටස 7.

පාඨක ඔබගේ පහසුව සඳහා මෙම ලිපි පෙළේ පලමු ලිපියේ කොටසකින් මෙම අවසාන ලිපිය ආරම්භ කිරීමට මම අදහස්කළෙමි.

ලිපියේ පලමු කොටස (2026. 06. 06. ලංකාවෙබ්)

 එහි සාරාංශය

1.මේ රටේ රාෂ්ඨ්‍ර පාලන සිතියමට පලාත් සංකල්පය හඳුන්වා දීම සහ එහි නිර්මාතෘවරුන්වූ යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ සහ අමෙරිකාණු වෙස්ලේයන් කතෝලික පල්ලියේ, මේ රටේ සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශ කිරිමේ දුෂ්ඨ කුමන්ත්‍රණය සහ එහි යටි අරමුණු. (ඉන් ඔවුන් බලාපොරොත්තු වූයේ ශ්‍රී ලන්කාවේ ලෝක සිතියමේ භූගෝලීය පිහිටීම අනුව ආසියාව පාලනය කිරීමේ ඔවුන්ගේ කේන්ද්‍රස්ථානය බවට මේ දිවයින පරිවර්ථනනය කර ගැනීමය)

 2 පලාත් සභා ආරම්භය සහ එහි නිර්මාතෲ වරුන් වන ඉදියාවේ සහ ජේ.ආර්ගේ  අරමුණු

3.1987 ආරම්භ කරන ළද පලාත් සභා සන්යුතිය

සහ

4 පලාත් සභා ක්‍රමයෙන් මේ රටට සිදුවූ, දේශපාලන, පරිපාලන, ආර්ථික සහ සමාජ විනාශය.

පලාත් සභා ක්‍රමයෙන් සිදුවූයේ මේ රටේ අනවස්‍ය දේශපාලන ආයතන සහ තනතුරු රාසියක් සහිතව තවත් අනවශ්‍ය සහ නාස්තිකාර දේශපාලන හා පරිපාලන උපසංස්කෘතියක් බිහිවීම සහ ඒ තුලින් රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය දෙගුණ තෙගුනවී, රාජ්‍ය වියදමද දෙගුන තෙගුනවී ජාතික අර්ථිකය අඝාධයටම වැටීම, පලාත්,දිසා සහ ප්‍රාදේශීය මට්ටම්වල රාජ්‍යසේවය ප්‍රමාදවීම, අවුල්වීම සහ අකාර්‍යක්ෂමවීම සහ, වගකීම  නිශ්චිත වෂයෙන්  කිසිම පුද්ගලයෙකුට  පැවරීමට නොහැකිවීම නිසා රාජ්‍ය සේවය වගකීමක් නොමැති අවුල් ජාලයක් වණු ඇත. ඒ සමඟම දුෂණය ඉහවහා යාම සහ මේ රටේ සම්ප්‍රදායික දේශපාලන සන්ස්කෘතිය විනාශ කරණ දේශපාලන සහ පරිපාලන යාන්ත්‍රණයක් බිහිවීම නිසා දේශපාලකයින්ට තවත් අමතර බල අධිකාරියක් රට පුරා ගොඩනැගීම හැර, රටට හෝ ජනතාවට කිසිදු පලදායී සේවයක් නොලැබීම නිසා කෞටිළ්‍ය නි්‍යායේ තෙවැනි අරමුණ වූ යෝගක්ෂේම යන ජනතා සේවය මුළුමනින්ම බිඳවැටී, රාජ්‍ය අසාර්ථක රාජ්‍යක් බවට පත්වණු නොඅණුමානය.ඒ සම්ඟම, පණ්ඩුකාභය රජ දවස (ක්‍රි. පූ. (394-307) සිට වසර 2500 ක් පුරා මේ රටේ මුල්බැස පැවති තුන් හෙලේ,දිසා,රට,කෝරළ සහ ගම (ගම්14,80,000) යන, ගන්ගා නිම්න සහ කඳුවැටි  වැනි භූගෝලීය ස්වාභාවික මායිම් අනුව සකස්වූ දේශයට ගැලපෙන ලෝකයේම විශිෂ්ඨ ස්වදේශීය රාෂ්ට්‍ර පාලන රටාව සහ ක්‍රි.පූ.307 සිට මෙ රටේ සින්හල ශිෂ්ඨාචාරයේ පදනමවූ ගමයි පන්සලයි යන පදනම වූ මේ රටටම අනන්‍යවූ සින්හල බෞද්ධ ස්ංස්කෘතිය, විනාශවී ඒ වෙනුවට මේ රටට ආගන්තුකවූ, එසේම විනාශකාරීවූ බටහිර ආක්‍රමණකාරී අධිරාජ්‍යවාදී බ්‍රතාන්‍යයින් විසින් 1833 මේ රටට හඳුන්වාදුන් බෙදුම්වාදි නව පරිපාලන සිතියමක් වූ පලාත් සංකල්පය අපේ හිස මත පැටවීමය.

එම ආගන්තුක පලාත් මායිම් උපයෝගීකොටගෙන ඉන්දියාණු ව්‍යාප්තවාදීන් විසින් 1987 දී, පලාත් සභා නමැති දේශපාලන පිලිළය පිහිටුවා ඊට සමගාමීව පෙඩරල් රාජ්‍යක් සඳහා අවශ්‍ය බලය විමධ්‍යගත කිරීමේ න්‍යායපත්‍රයක් ඇතුලත්කොට ශ්‍රී ලන්කා අණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට 13 වන ව්‍යවස්ථා සන්ශෝධනය හන්න්දුනවා දෙනලදී.

එහි අවසාන ප්‍රතිඵලය  වනුයේ මේ රටේ වසර 2500ක් පුරා මුල්බැසගෙන් තිබුණු දේශීය රාජ්‍ය පාලන ආකෘථිය සම්පූර්ණයෙන්ම බිඳවැටී, තුන් හෙලේ පුරා මුල්බැස තිබුණු සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරයද අතුරුදන් වී, දුර්වල සින්හල ජනකොටසක් බිහිවීමය. අනෙක් අතින් සුද්දන් විසින් 1799 පසු දකුණු ඉන්දියාවෙන් ඔවුන්ගේ වහළුන්මෙන් මේ රටට ආනයනය කොට ඔවුන් 1948 දී රට අත්හැර දමා අතරමන්කොට  ගිය එසේම ඔවුන්ගේ කුමන්ත්‍රණ අනුව රටතුල දැනට ප්‍රභලවී සිටින බෙදුම්වාදී දෙමළ සහ මුස්ලිම් ජනකොටස් මේ රටේ භූමිපුත්‍රයින් වන සින්හලයින් සම්ඟ සම අයිතිවාසිකම් පමණක් නොව මෑතක සිට වෙනම රාජ්‍යන් පවා ඉල්ලා දැන් සටන්වැදී සිටී. මොවුන්ට 1799 න් පසු අධිරාජ්‍යවාදීන් විසින් ආරම්භ කරනලදුව 1987න් පසු  ඉන්දියාව විසින් තමිල්නාඩුවේ බලපෑම මත අප හිස මත පැටවූ මෙම දුෂ්ඨ බෙදුමවාදී කුමන්ත්‍රණය උච්චස්ථානයට පැමිණ ඇති බෙදුම්වාදය මේ වනවිට, එල් ටිටී සහ සහරාන්වාදය විසින් මරාගෙන මැරෙන් සදාකාලික යුධ භුමියක බවට මේ රට අද පත්කොට ඇත. පක්ෂ පාට ආගම් භේධ සියල්ල අමතක් කොට සියළුම සින්හලයින් , මේ රටේ පරම භූමිපුත්‍රයින් වශයෙන් එක්සත් වී එක් දේශපාලන සංවිධායක හානයක් යටතේ, වහාම එකසත්ව එක්සිත්ව සටන් නොකලොත් මෙම අධිරාජ්‍යවාදී-ඉන්දීය ඒකාභද්ධ කුමන්ත්‍රනයේ අවසාන ප්‍රතිඵලය වනුයේ දුර්වල සිංහලයින් වංදවී ගොස් සින්හල ජාතියත් බුද්ධාගමත් මේ මිහිපිටින් සදකාලිකව අතුරුදන් වීමය. එසේ වීමේ මූලික මෙන්ම ප්‍රධාන ගාමක බලය වණුයේ මෙම යුරෝපීය අධිරාජ්‍යවාදී- ඉන්දීය ඒකාබද්ධ,  දුෂ්ඨ බෙදුම්වා දී කුමන්ත්‍රණයේ අග්‍ර ප්‍රථිපලය වන මෙම පලාත් සංකල්පය සහ ඒ මත ගොඩනගනළද  විනාශකාරී පලාත්සභා ක්‍රමය බව මම අවධාරාණයෙන් ප්‍රකාශකරමි.

එමනිසා මෙම පලාත් සභා හූනියම තවදුරටත් පවත්වාගෙන යෑම අතිෂයින්ම භයානක හා විනාශකාරී වැඩපිළිවෙලක් බව පෙන්වාදීම සහ එම විනාශයයෙන්  මේ රට,ජාතිය හා බුදුසසුන බේරාගැනීම සඳහා, මෙම පලාත් සංකළ්පය මෙන්ම පලාත් සභා ක්‍රමය වහාම අහෝසි කිරීමට  සමස්ත ජාතියම පෙලගැසෙන මෙන් ශ්‍රී ලන්කාවාසී සියළුම සිංහල බෞද්ධයින්ගෙන් මෙන්මලොව පුරා විසිරී සිටින සියළුම දේශප්‍රේමි ජාති හිතයිශී සිංහල බෞද්ධයින්ගෙන්, ජාත්‍යාලයෙන්,දේශානුරාගයෙන් සහ ආගමානුලාලයෙන් මම සින්හල ජාතියේ, මේ සිනහල රටේ සහ සම්බුද්ධ සාශනයේ චිරස්ථිටියේ නාමයෙන් මින් ඉල්ලා සිටීමි.එසේම පණ්ඩුකාභය රජ දවස (ක්‍රි. පූ. (394-307) සිට වසර 2500ක් පුරා මේ රටේ පැවති  තුන් හෙලේ,දිසා,රට,කෝරළ සහ ගම (ගම්14,80,000) යන, ගන්ගා නිම්න සහ කඳුවැටි  වැනි භූගෝලීය ස්වාභාවික මායිම් අනුව සකස්වූ දේශයට ගැලපෙන විශිෂ්ඨ ස්වදේශීය රාෂ්ට්‍ර පාලන රටාව සහ ක්‍රි.පූ.307 සිට මෙ රටේ ශිෂ්ඨාචාරයේ පදනමවූ සින්හල බෞද්ධ ආකෘතිය, විනාශ කිරීම සඳහා බටහිර ආක්‍රමණකාරී අධිරාජ්‍යවාදී බ්‍රතාන්‍යයින් විසින් 1833 මේ රටට හඳුන්වාදුන් පලාත් සංකල්පය සහ  ඉන්දියාණු ව්‍යාප්තවාදීන් විසින් 1987 දී,ඔවුන්ට 1799 සිට  සුද්දා උගැන්වූ පරිදි මේ සින්හල රට සින්හල සහ දෙමළ වශයෙන් බෙදිමේ අරමුණින් මායිම් යොදා  රට බෙදූ පලාත් සභා තවදුරටත් පවත්වාගෙන යෑම අතිෂයින්ම භයානක විනාශකාරී වැඩපිළිවෙලක් බව පෙන්වාදීම සහ එම විනාශයන්ගෙන් මේ රට,ජාතිය හා බුදු සසුන බේරාගැනීම සඳහා, මෙම පලාත් සංකළ්පය මෙන්ම පලාත් සභා ක්‍රමය වහාම අහෝසි කිරීමට  සමස්ත ජාතියම පෙලගැසෙන මෙන් ශ්‍රී ලන්කාවාසී සියළුම සිංහල බෞද්ධයින්ගෙන් ජාත්‍යාලයෙන්,දේශානුරාගයෙන් සහ ආගමානුලාලයෙන් මම මින් ඉල්ලා සිටීමි.අද අදම සියලුම සි\nහලයින් එසේ නොකළොත් ඒ සඳහා හෙටක් ඔබට කිසිදාක උදා නොවන බව ඒකාන්තය. එපමණකටම අද මේ රටේ පක්ෂ දේශපාලනය ආත්මාර්ථකාමි, බඩගෝස්ත්‍රවාදී, ජාතිද්‍රෝහී හා දේශද්‍රෝහී හා ඡන්ද ප්‍රේත හිඟන දේශපාලන පක්ෂයයි කියාගන්නා, මේ රටේ ලෝකගෝලීය පිහිටීම  එහි භූ ගෝලය ,ඉතිහාශය.ලොව කිසිම රටක නැති ස්වාභාවික හා මානව සම්පත් පිලිබඳ මෙලෝ දැනීමක් නැති එසේම  මව්බිමට ආදරයක් නැති  ජාති ද්‍රෝහී දේශද්‍රෝගි බෞද්ධ අවිරෝධි හරසුන් කල්ළි 86 කට වැදි කාලකන්නි දේශපාලන පක්ෂයයි කියාගන්නා ඉල්මහෙ පොලවෙන් මතුවන  දිනකින් පරළවන  හීන්වැළියා හතු වැනි, රටක් පාලනය කිරීම පසෙක තබා සවට 4 ට පිපී එලිවෙනකොට පරවීයන හෙන්ද්‍රික්කා මල් වැනි සන්විධාන වලින් පිරී ඇත.

5 අවසාන වශයෙන් පලාත්සභා ක්‍රමය තව දුරටත් ක්‍රියාත්මක කළහොත් 1799 සිට නෝත් ආණ්ඩුකාරයාගේ, ක්ලෙග්හෝර්න්ගේ, අමෙරිකාණු වෙස්ලියාණු මිසනාරීන් සහ සෙසු ඉන්ග්‍රීසි යටත්විජිත වාදීන්ගේ විනාශකාරී බෙදුම්වාදී යටි අරමුණු සහ ඉන් පසු දෙමළ මුස්ලිම් වර්ගවාදින්,ආගම්වාදින්, අරුනාචලම් පොන්නම්බලන්,චෙල්වනායගම් සහ ප්‍රභාකරන්, පමණක් නොව 1944 දී මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් විය යුතුයයි යෝජනා කළ ජෙ.ආර්. සහ 1997දී පොට්ටනිය” හරහා මේ රට බෙදා උතුරු නැගෙනහිර දෙමලුන්ට දීමට යෝජනා කළ චන්ද්‍රිකා, උතුරු නැගෙනහිරට 13 + දීමට සහ 1505 සිට 1815 දක්වා පෘතුගීසි,ඕලන්ද සහ ඉන්ග්‍රීසි ආක්‍රමනිකයින්ගෙන් උඩරට සින්හලේ රාජධානිය ආරක්ෂාකොටගෙන සිටි අපගෙ මුතුන් මිතතන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්, ඉතිහාස පුරා දුටු ගැමුණු, වළගම්බා වැනි නරපතීන්ට රැකවරණ ලබා දුන් රජුන් හැදූ ජාතියේ ආරක්ෂක බලකොටුව වූ,

 ඒසේම මේ රටේ සමස්ත ජීවී පද්ධතියේ  සහ ශිෂ්ඨාචාරයේ පදනම වන වනාන්තර සහ වසර පුරා ජාතියට දියවර සපයන   සියළුම ගංගා ආරම්භවන ජාතියේ ජල උල්පත වූ ජාතියේ හදබිමේ අක් 13 ලක්ශයක් පමණ වන අපගේ මුතුමිත්තන්ගෙන් අපට දායාද වූ ජාතියේ ඉඩම් සියල්ල, සුද්දන් විසින් ඔවුන්ගේ වහල් කම්කරුවන්  වශයෙන් මෙහි ගෙනවිත් 1948 දී මේ රට්න් උන් පිටව යනවිට රටවැසිකමක් නොතිබුණු නොරටුන් පිරිසක් වශයෙන් මෙහි අතරමන්කොට ගිය දකුණු ඉන්දියානු දෙමළුන්ට අයිති වණු ඇත. මේ අනුව 2024 ජනාධිපති වරණයේදි ‘දැනට මේ ඉඩම්වල  කම්කරුවන වන තමුන්නාන්සේලා මම මේ ඉඩම්වල අයිතිකරුවන් කරනවා’ වැනි  වහසිබස් දෙඩූ සජිත් එසේම රට ජාතිය ඊණියා ඡන්දයක් සඳහා වතු දෙමළුන්ගේ ඡන්දය හිඟාකෑම සඳහා වතුවල ඉඩම් සහ නිවාශ සාදාදිමට වේදිකාවේ පොරොන්දුවූ රනිල් සහ අනුර දිසානායක  වැනි සියළු දෙනාගේම පටු දේශපාලන සිහින  ඉටුකර ගැනීමට ඉඩ දී අප නිහඬව සිටියහොත් වසර 2567 ක අප ජාතියේ උරුමය වු මේ සිංහල බෞද්ධයින්ගේ සහ බුදුන්ගේ දේශය, සිංහල ජාතිය සහ මේ රටේ සම්බුද්ධ සාශසනය නියත වශයෙන්ම මේ මිහිපිටින් අතුරුදන්වන බව පෙන්වාදීම සහ එම මහා ජාතික ව්‍යශනයෙන් සිංහල අපගේ මාතෲ භූමියත්,සිංහල ජාතියත් එසේම සම්බුද්ධ සාශනයත් බේරා ගැනීම සඳහා,

මෙම මහා ජාතික විනාශයට මඟ පෑදු 13 වන ව්‍යවස්ථා සන්ශෝධය මුලුමනින්ම අහෝසිකොට, ඒ යටතේ ජනාධිපති ප්‍රේමදාසගේ රජය විසින් සම්මත කළ දේසද්‍රෝහී ජාතිද්‍රෝහී 1992 අන්ක 58 පනතද ප්‍රාදේශීය ලේකම්කාර්‍යාල වලට බලය විමද්‍යගත කිරීමේ දේශද්‍රෝහි,ජාතිද්‍රෝහි  පනතද එසේම ඒ යටතේ නිකුත්කරණලද රා.ප.පා චක්‍ර ලේක 21 වැනි සියළුම අනපනත්ද, ඒ යටතේ  පැනවූ සියළුම  නීති රීතිද අහෝසිකොට සින්හල අපගේ මාතෲ භූමියට සාකල්‍යෙන්ම ගැලපෙන අපගේම ශිෂ්ටාචාරය මත පදනම්කොටගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කොට  මේ පින්බිමේ,සින්හල ජාතියේ සහ සම්බුද්ධ සාශනයේ චිරස්ථිතිය ආරක්ෂාකොට ගන්නා මෙන් දෙශප්රේමී ජාති හිතයිෂී ඔබ සැමගෙන් මම ඉල්ලා සිටීමි.”

මේ අනුව පලාත් සභා වහාම අහෝසි නොකලොත්, ඉහත සඳහන් මාහා ජාතික විනාශයන් සියල්ල සිදුවී,

වසර 2500ක අභිමානවත් හා ශ්‍රේෂ්ඨ ඉතිහාශයක් ඇති  මේ සිංහලයින්ගේ රට, වසර කීපයකින් සිංහල සහ දෙමල  වශයෙන් රටවල් දෙකකට සහ ජාතීන් දෙකකට බෙදා සිංහලයින්ගෙ මේ මාත්රඌ භූමිය අපට අහිමිකරනු ඇත.

2. ඊලඟට වෙනම මුස්ලිම් ප්‍රාන්ත දෙකක් හෝ 3ක්   මඩකලපුව, පුත්තලම සහ නිරිතදිග බේරුවල ප්‍රදේශට ඉල්ලා සටන් වදිණු ඇත. සින්හල බෞද්ධ විරෝදී බටහිර ජාතීන්ගේ සහ ඉන්දියාවේ මැදිහත්වීමෙන් එම ඉල්ලිමද ඔවුන්ට ලබාදෙනු ඇත.2ඉන්දියාවේ දීrgaකාලීන අභිලාෂය සහ දොලදුක වූ මෙන්ම සිහිනයද වූ, පලමුව උතුරු නැගෙනහිර සහ දෙවනුව උඩරට කඳුකරය ඉන්දියාවේ උප ප්‍රාන්ත බවට පත්ව දෙවනුව මුලු රටම ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත්වනු ඇත.

3ඒ අතර ප්‍රෙමදාස  ජනධිපති වරයාගේ 1992 අන්ක 58 පනත සහ රා.ප.පා ච්ක්‍ර ලේඛන්ක 21 අනුව  සියළුම දිසා ද දිසාපතික්‍රමයද අහෝශි වී පූර්ණ බලැති පලාත් ක්‍රමය සමාන්තරව ක්‍රියාත්මක වීම නිසා ඇතැම්විට පලාත් 9 ම පෙඩරල් රාජ්‍යක් තුල ස්වාධින ප්‍රාන්ත බවට පත්වී වසර 2500 ක් පුරා  ලොව බැබළුන් තුන් සින්හලේ සිංහල බෞද්ධ රාජ්ය්මේ මිහි තලයෙන් අතුරුදන් වනෞ ඒකාන්තය. 4. රාජ්‍ය නිලධාරීන් සහ ආයතන දෙගුන තෙගුනවී රාජ්‍ය පාලනය අවුලෙන් අවුලට පත්වීම,රාජ්‍ය වියදම් දෙගුන තෙගුනවීම, දූෂනය සහ නාස්තිය වැඩිවීම,ජනතා සේවය මුළුමනින්ම බිඳවැටී දේශපාලකයින් සහ ආයතන දෙගුන තෙගුන වී රටේ පරිපාලනය මුළුමනින්ම කඩා වැටෙනු ඇහ.

ක්‍රි. පූ. 307 සිට පැවති දිසාව, රට, කෝරළ,හා ගම පදනම්වූ සම්ප්‍රදායික සින්හහල බෞද්ධ ශිෂ්ඨාචාරය මුළුමනින්ම මේ ලක් පොලවෙන් පමණක් නොව සමස්ථ මිහිතලයෙන්ම අතුරුදන්වණු ඇත.එසේම මෙම නව ක්‍රමයතුල මේ රටේ සම්ප්‍රදායික රාජ්‍ය පාලන සිතියම අතුරුදන් වී මේ රටට නොගැලපෙන පරිපාලන රටාවක් බිහිවීම,

මිනිසුන් සින්හල, දෙමළ මුස්ලිම් ආදී වශයෙන් බෙදි රට කෑලි වලට කැඩී එකිනෙකාට එරෙහිව ජාති ආගම් යුද්ධ පැනනැගීම සහ අවසානයේදි  දුර්වල වූ සින්හල ජාතියද එසේම සිංහල බෞධ ශිෂ්ඨාචාරයද මේ රටින් පමණක් නොව සමස්ථ මිහිතලයෙන්ම මැකී යාම කිසිම දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ නතර කළ නොහැකි වනු ඇත. අවසානයේදී මේ රටේ වසර 2500ක් පුරා පැවැති සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරය  මේ මිහි පිටින් අතුරුදන්වීම පලාත් වශයෙන් පලමුව වෙන්වී ප් 1992 අන්ක 58 පනටහ්  21  ක්රියාත්මක් වී මේ සින්හල බෞධ රට සහ ජාතිය අතුරුදන් වීම

 4 මේ අනුව රට බෙදිමේ අරමුණින් මායිම් යොදා  රට බෙදූ පලාත් සභා තවදුරටත් පවත්වාගෙන යෑමේ කිසිදු අර්ථයක් නොමැති බව පෙන්වාදීම සහ එම විනාශයන්ගෙන් රට,ජාතිය හා බුදු සසුන බේරාගැනීම සඳහා සමස්ත ජාතියම පෙලගැසෙන මෙන් මේ රටේ සහ ලෝකය පුරා  විසිරී සිටින සියළුම සින්හලයින්ගෙන් මම ඉල්ලා සිටිමි.

5 අවසාන වශයෙන් පලාත්සභා ක්‍රමය තව දුරටත් ක්‍රියාත්මක කළහොත් 1799 සිට නෝත් ආණ්ඩුකාරයාගේ, ක්ලෙග්හෝර්න්ගේ, අමෙරිකාණු වෙස්ලියාණු මිසනාරීන් සහ ඉන්ග්‍රීසි යටත්විජිත වාදීන්ගේ විනාශකාරී බෙදුම්වාදී යටි අරමුණු සහ ඉන් පසු දෙමළ මුස්ලිම් වර්ගවාදින්,ආගම්වාදින්, අරුනාචලම් පොන්නම්බලන්,චෙල්වනායගම් සහ ප්‍රභාකරන්, පමණක් නොව 1944 දී මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් විය යුතුයයි යෝජනා කළ ජෙ.ආර්. සහ 1997දී පොට්ටනිය” හරහා මේ රට බෙදා උතුරු නැගෙනහිර දෙමලුන්ට දීමට යෝජනා කළ චන්ද්‍රිකා,  උතුරු නැගෙනහිරට 13 + දීමට සහ එසේම 1505 සිට 1815 දක්වා පෘතුගීසි,ඕලන්ද සහ ඉන්ග්‍රීසි ආක්‍රමනිකයින්ගෙන් උඩරට සින්හලේ රාජධානිය ආරක්ෂාකොටගෙන සිටි අපගෙ මුතුන් මිතතන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්, ඉතිහාස පුරා දුටු ගැමුණු, වළගම්බා වැනි නරපතීන්ට රැකවරණ ලබා දුන් රජුන් හැදූ ජාතියේ ආරක්ෂක  බලකොටුව වූ ඒසේම මේ රටේ සමස්ත ජීවී පද්ධතිය සහ ශිෂ්ඨාචාරයේ පදනම වන වනාන්තර සහ වසර පුරා ජාතියට දියවර සපයන   සියළුම ගංගා ආරම්භවන ජාතියේ ජල උල්පත වූ ජාතියේ හදබිමේ අක් 13 ලක්ශයක් පමණ වන අපගේ මුතුමිත්තන්ගෙන් අපට දායාද වූ ජාතියේ ඉඩම්  සියල්ල,  2024 ජනාධිපති වරණයේදි ‘දැනට මේ ඉඩම්වල  කම්කරුවන වන තමුන්නාන්සේලා මම මේ ඉඩම්වල අයිතිකරුවන් කරනවා’ වැනි  වහසිබස් දෙඩූ සජිත් වැනි සියළු දෙනාගේම පටු දේශපාලන සිහින  ඉටුවුවහොත් වසර 2567 ක අප ජාතියේ උරුමය වු මේ සින්හල බෞද්ධයින්ගේ සහ බුදුන්ගේ දේශය, සින්හල ජාතිය සහ මේ රටේ සම්බුද්ධ සාශසනය නියත වශයෙන්ම මේ මිහිපිටින් අතුරුදන්වන බව පෙන්වාදීම සහ එම මහා ජාතික ව්‍යශනයෙන් සින්හල අපගේ මාතෲ භූමියත්,සින්හල ජාතියත් එසේම සම්බුද්ධ සාශනයත් බේරා ගැනීම සඳහා ඇති එකම විසඳුම නම් තුන් සිංහලේ,සිංහල ජාතියේ සහ සම්බුද්ධ ශාශනයේ  මෙම විනාශයට මඟ පෑදු, 1799 ක්ලෙග්හෝන්  වාර්තාවෙන් පිළි සිඳගෙන වසර 188 ක් විළිරුජා විඳ 1987 දී, රජිව්/ජේ.ආර් ගිවිසුම වශයෙන් මෙලොව එළිය දුටු 13 වන ව්‍යවස්ථාව නැමති සිංහලයේ මහා හුනියම් යක්ෂයා වහාම පලවාහැර (අහෝසිකොට), ඒ යටතේ මෙතෙක් පනවා ඇති සියළුම නීතිරීතිද අහෝසිකොට අපගේ මාතෲ භූමියට සහ එහි සාඩම්බර ශිෂ්ඨාචාරයේ පදනමට  සාකල්‍යෙන්ම ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කොට ගැනීම පමණි.

එවැනි ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා යටත් පිරිසෙයින් මාස 6 ක් වත් ගතවන නිසා එතෙක් මේ රට අරාජක නොවී පාලනය කිරිම සඳහා කෙටි මඟක් මම යෝජනා කරමි.

එනම්, 13 වන ව්‍යාවස්ථා සන්ශෝධනය නමැති හූනියම අඩන්ගු 1978 ජේ.ආර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම අහෝසිකොට, නව ව්‍යවස්ථාව බලගන්වනතුරු රට පාලනය කිරීම සඳහා අන්තර්කාලීන විසඳුමක් වශයෙන් 1972 ජනරජ ව්‍යවස්ථාව තාවකාලිකව යළි බලගැන්වීමය.එසේ කිරිමෙන් 13 වන ව්‍යාවස්ථා පරිච්චින්න කිරීම පමණක් නොව 1978 ව්‍යාව්ස්ථාව සහ ඒ යටතේ පනවන ළද සියලුම අනපනත් මෙන්ම නීති රීතිද අහෝසි කිරීමේ වගන්තියක් 1978 ව්‍යාව්ස්ථාව අහෝසිකිරීමේ යෝජනාවට අතුලත් කිරිමෙන්  1978  ව්‍යාවථාවෙන් උපන් සියළුම දෝශයන්ද භන්ඝවනු ඇත. ඒකාධිපති විධායක ජනාධි පති තනතුර නමැති හූනියමයද අහෝශි වනු ඇත.

 මේ සඳහා කළ යුතු එකම දෙයනම්, අ) 1987 ව්‍යවස්ථාව අහෝසිකිරීම ආ) නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගන්නාතුරු රට පලනය කිරීම සඳහා 1972 ජනරජ ව්‍යවස්ථාව යළි බලගැන්වීම සහ ඇ) නව ව්‍යාවස්ථාවක් සකස්කිරිම යන කරුණු තුනම, පවතින පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් 2\3 ඡන්දයෙන් සම්මතහ්කොට ගැනීම සහ ඊට සමගාමීව එම යෝජනා සියල්ල ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත්කොට ජනතා වරමක් ලබාගැනීම පමණි.  

කොට ගැනීමේ මහා ජාතික සටන දිනා ගැනීමේ කෙටිම එසේම මේ පින්බිමේ,සින්හල ජාතියේ සහ සම්බුද්ධ සාශනයේ චිරස්ථිතිය ආරක්ෂා කොට ගැනීමෙ එකම මඟ එයයයි මම දැඩිව සිතමි.

මේ අයිතිහාසික ජාතික සටනට සිංහ කොඩිය සහ බෞද්ධ කොඩි යටතේ එකාවන්ව සන්විධානයවී 1818 සහ 1848 වීර සින්හලයිගේ අභීත ජාතික සටන් යළි සිහි ගන්වමින්  අපගේ 2500ක් පැරණි මේ තුන් සින්හලේ රාජධානියත් සින්හල ජාතියත් එසේම සම්මා සම්බුද්ධ ශාශනයත්, සියළුම සතුරන් පරාජයකොට,  ආරක්ෂාකර ගැනීම සඳහා  අභීත කේශර සිහයින්මෙන් සිංහනාදකොට වීර සින්හල බෞද්ධයින් මෙන් මේ අන්තිම සටනට මහා සාගරය ගොඩ ගැලුවා සේ පෙරමුණ ගන්නා මෙන්  ඔබ සියළු දෙනාගෙන්ම දේශප්‍රේමයෙන් සහ ජාත්‍යාලයෙන් මම උදක්ම ඉල්ලා සිටිමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress