පෙරටුගාමී ෆනී බෝයිලාගේ අයවැය විරෝධයට පසුවදනක්…  
Posted on December 25th, 2015

ඉසුරු ප්‍රසංග

ජවිපෙ තුළ සිටියදී මා ළඟින් ඇසුරු කළ සගයකු වූ චමීර කොස්වත්ත සහෝදරයා රනිල්ට එරෙහිව දරුණු ඝෝෂාවක් නගන දසුනක් රූපවාහිනියේ දුටුවෙමි. ඒ අයවැයට එරෙහිව මහරගම පැවති ජන රැළියකදීය. සියලු වාමාංශිකයන් හා වෘත්තීය සමිති අද තමන්ගේ සාක්කුවේ බව රනිල් සිතා සිටියද ඔහුට වැරදී ඇති බවට චමීර සහෝදරයා ගුගුලේ තමන් ඒ සාක්කුවට නොවැටුණු වාම පක්ෂයක් බව තරයේ සපත කරමිනි. පෙරටුගාමීන්ගේ මේ ප්‍රවේශය දෙස සහෝදරාත්මක ඌණ පූර්ණයක් එක්කිරීමට කැමැත්තෙමි.

පෙරටුගාමීන් වත්මන් ආණ්ඩුවට හා අයවැයට එරෙහිවීම අගය කළ යුත්තකි. එසේ වුවද රනිල්ගේ සාක්කුව ගැන ඔවුන් මේ කියන කතාව තවදුරටත් විභාග කර බැලිය යුතුව තිබේ. රනිල් දක්ෂිණාංශික නායකයෙක් බව පැවසුනද ඔහුගේ සාක්කු තුළ අති විශාල වාමාංශික ඇබිත්තයෝ බලකායක් සිටිති. පෙරටුගාමී කල්ලියද ඒ පිරිස අතරට එක් වූයේ අද හෝ ඊයේ නොවේ. ඔවුන් දෘෂ්ටිවාදීව මෙන්ම ව්‍යවහාරිකවද රනිල්ගේ ෆනී බෝයිලා වන අතර තනියම මැතිවරණ කිරීමෙන් හෝ ආණ්ඩු විරෝධී සටන් පාඨ කීමෙන් පමණක් ඔවුන්ට ඒ ඉරණම පරාජය කළ හැකි නොවේ. එය ඔවුන් ජවිපෙන් කැඩීයාමටත් පෙර සිටම මතුවෙමින් ආ ප්‍රවණතාවකි. ඔවුන් ජවිපෙන් බිඳී යන ලද්දේ අනුර කුමාරටත් වඩා සූක්ෂම ලෙස රනිල්ගේ ෆනී බෝයිලා කල්ලියක් බවට විපරිනාමය වෙමිනි. එදා ලංකා පුවත්පත ඔස්සේ විකල්ප පුස්සන් සමඟ අරඹන ලද එලොවට මෙලොවට නැති ජාතික විමුක්ති සංවාද ආදිය ඔස්සේ ආරම්භ වූ මේ ප්‍රවණතාවයේ අවසානය කෙසේ වීද? එදා ඔවුන් සමඟ මේ සංවාදවලට එක්වූ පශ්චාත් මාක්ස්වාදී පුස්සෙක් මෑතකදී පවසා තිබුණේ රාවය දැන් ලිබරල් ධනවාදයේ පුවත්පතක් වී ඇති බවය. රාවය විකල්ප වාමාංශික පුවත්පතක් යැයි ඒ පුස්සා මෙතෙක් විශ්වාස කරන්නට ඇත. න්‍යාය ඉස්පොල්ලේ ගොස් ඇති නිසාදෝ පුස්සන්ට එවැනි සරල දේශපාලන කාරණා තේරුම් ගැනීම අසීරුය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය රනිල්ගේ නොහොත් ධනවාදයේ ෆනී බෝයි පක්ෂයක් වන්නේ කෙසේද? ඊට හේතුවන මූලික කාරණා මොනවාද? පෙරටුගාමීන් ජවිපෙන් බැහැර වෙන ලද්දේ ජවිපෙ යහතින් සිටි කාලයේ ගත් නිවැරදි දේශපාලන තීන්දු සියල්ලට එරෙහි වෙමිනි. ඒ විපරිත විපර්යාසයෙන් පසු පෙරටුගාමීහු උපරිම වෙරයොදා දෙමළ ජාතිවාදී බෙදුම්වාදය සාධාරණීකරණය කරන්නට වූහ. එතැනින් නොනැවතී බෙදුම්වාදී ත්‍රස්තවාදය පවා අනුමත කළ මේ පිරිස ප්‍රභාකරන්ගේ වීරත්වය ගැන පවා කවි පබඳන්නට වූහ. මීළඟට පියවි සිහිය සපුරා පසෙක තබා උපරිම වශයෙන් මාක්ස්වාදී මූලධර්ම වෙත මොවුහු ඇදී ගියෝහ. ඔවුන්ගේ ක්‍රියාව ඒ ඊනියා මූලධර්මවලට පවා සපුරා පටහැනි වූ අතර අධිරාජ්‍යවාදය හෝ ගෝලීය ධනවාදය වෙනුවට සිංහල බෞද්ධ සංස්කෘතිය ඔවුන්ගේ මහා පොදු සතුරා බවට පත්විය. කෘෂි රසායන සමාගම්වල මිනිස් ඝාතනවලට වඩා දේව විශ්වාස ජාතික ප්‍රශ්න බවට පත්කර ගත් මේ පිරිස හේතුවාදී පුස්සන් හා එක්වී දේවාල පුල්ලියන් හා ඔට්ටු සෙල්ලම් කරන්නට වූහ. ජවිපෙ යහතින් සිටි කාලයේදී එම පක්ෂයේ පරම සතුරන් වී සිටි සියලු වර්ගවල විකල්ප හෙන්චයියන්ගේ පූර්ණ ආශිර්වාදය පෙරටුගාමීන්ට හිමිවිය. ඔවුන්ගේ ආශිර්වාදය යනු නිසැක විනාශයේ පෙරනිමිත්ත බව තේරුම් නොගත් මේ පිරිස, එන්ජීඕ හැතිකරය සමාජවාදී විප්ලවයේ පෙරටු බලඇනිය ලෙස සලකා කටයුතු කරන්නට වූහ. සිංහල බෞද්ධ විරෝධය පෙරටුගාමී දේශපාලනයේ මහා පදනම වන විට ඒ සාධකය මත සන්නස්ගල වැනි කුණු යූඇන්පී කාරයන්ට පවා ඔවුන් හා සමපාත වන්නට හැකිවිය. දීප්ති වැනි අංගොඩ දාර්ශනිකයන්ගේ සිට සන්නස්ගල වැනි අසූචි වළවල් දක්වා වූ සියල්ල පෙරටුගාමී දේශපාලනයේ මහා අංගෝපාංග බවට පත්වන විට සිවල් සමාජ සිවලුන්ගේ ආශිර්වාදයෙන් තොරව අධෝවාතයක් හෝ පිට කිරීමට මොවුන්ට ශක්තියක් නොවීය. බටහිර යටත් විජිතවාදයේ කුලීකාර බලඇණි ඉදිරියේ වමේ යැයි කියාගන්නා ව්‍යාපාරයක් මේ සා දීන ලෙස දණගැස්වූ අවස්ථා ලෝක ඉතිහාසයේ තව තිබේදැයි සොයා බැලිය යුතු තරමට මේ තත්ත්වය හිරිකිතය. මේ ආකාරයට දෘෂ්ටිවාදීව හා ව්‍යවහාරිකව අද වනතුරුත් රනිල්ගේ ෆනී බෝයිලා ලෙස කටයුතු කරමින්, විහින් විනාස වී සිටින පිරිසක් කොල්ලකාරී අයවැයට එරෙහිව හඬ නඟන වියුක්ත සටන් පාඨ එතරම් අරුත්බර දෑ නොවේ. ඒ අන්දමේ ධනේශ්වර විරෝධයක් නැගීම වික්‍රමබාහුට වුවද කළ හැකිකකි. ව්‍යවහාරිකව මිලේච්ඡ දෙමළ ජාතිවාදයේ කටු ලෙවකා ජීවත් වන වික්‍රමබාහු නැමති පුද්ගලයා විනෝදාංශයක් ලෙස ධනවාදයට එරෙහිව පැල් කවි ගායනා කරන්නේ පෙරටුගාමීන් ඉපදීමටත් පෙරාතුව සිටය.

අවසාන වශයෙන් පෙරටුගාමීන්ට සද්භාවයෙන් පැවසීමට යමක් තිබේ. කිසිවකු කියන දේ ඔවුන් නාසන බව දැන දැනම වුවද මෙය කීමට සිදුවෙයි. පෙරටුගාමීන්ගේ අප්‍රායෝගික හා නින්දිත දේශපාලනය ඔස්සේ යන එන මං නැතිව අනාථ වූ, සමාජ වෛරයේ රෝගයට ගොදුරු වූ සහ එජාප කුලීකාරයන් බවට පත්වූ තමන්ගේම සගයන් ගැන හෝ අවංක කණගාටුවක් තිබේ නම් ඔවුන් මේ පිළිබඳ අවධානය යොමුකළ යුතුය.

පෙරටුගාමී සහෝදරවරුනි

ඔබ අද රනිල්ට එරෙහිව නගන හඬ හෙට දවසේ මහා ජන බලයක් බවට පත්වීමට නම් ඔබ විසින් කළ යුතු තව බොහෝ දේ තිබේ. ඔබ මහින්ද සමඟ හෝ ඒකාබද්ධ විපක්ෂය සමඟ එකාබද්ධ විය යුතු යැයි මම නොකියමි. එහෙත් ඒ වෙනුවෙන් ඔබ නිසැක ලෙසම රනිල්ගේ සාක්කුවෙන් එළියට ආ යුතුය. එය කළ හැක්කේ කෙසේද?

ඔබ පළමුව ඔබේ ප්‍රධාන සතුරා සිංහල බෞද්ධකම නොව මිලේච්ඡ ගෝලීය ධනවාදය බව කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කළ යුතුය. මිලේච්ඡ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයද ඒ ධනවාදයේම මෙවලමක් බව ඔබ නැවත තේරුම් ගත යුතුය. ප්‍රභාකරන් යනු කිසිදු ආකාරයක විමුක්තිදායකයෙක් නොව විනාශකාරී ත්‍රස්තවාදියකුය යන අති සරල පාඩම ඔබ නැවත මුල සිටම ප්‍රගුණ කළ යුතුය. සියලු වර්ගවල ජාතිවාදයන් පිටුදැකිය හැක්කේ ජාතිකත්වය යනු කුමක්දැයි වටහාගනිමින් ඒ මත පදනම් වූ ගමනකින් පමණක් බව ඔබ විසින් වටහා ගත යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතිය ඔබේ සතුරා නොව හොඳම මිතුරා වන අතර, මෙරට අන් කවර සංස්කෘතියකටත් වඩා ඔබේ දේශපාලන දර්ශනය වගා කළ හැක්කේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ බව මැටි මෝල් මොළවලට නැවත අවධාරණය කර ගත යුතුය. රටේ පදනමට, ජාතිකත්වයට හා අක්මුල්වලට පහරදීම පළමු ඉලක්කය කර ගැනීමෙන් ජයග්‍රහණ අත්කරගත් එකඳු සමාජ ව්‍යාපාරයක් හෝ ලෝකයේ කිසි තැනක නැති බව සිහි නඟා ගත යුතුය. එන්ජීඕ හෙන්චයියන්ගේ සුරතලයට ලක්වන තවත් එක් වාම කල්ලියක් වනු වෙනුවට ඔවුන්ගේ බුර බුරා හැලෙන වෛරයට පාත්‍රවන අන්දමේ කොන්ද පණ ඇති දේශපාලන භූමිකාවකට උරදීමට ඔබ සමත් විය යුතුය. මිනිසුන්ගේ මුදල් ගසාකන දේවාල පුල්ලියන්ට එරෙහිව අරගල කිරීමද නරක නැත. එහෙත් ඊට පෙර ඔබ, ඔබම බැතියෙන් අදහන විද්‍යාව ඔස්සේ බොරු වපුරමින් මහ දවාලේ මිනීමරන බහුජාතික සමාගම් කීයක් මේ රටේ තිබේදැයි සොයාබැලිය යුතුය. ඔබේ ඔළුවේ ඇති ප්‍රශ්නවලට එරෙහිව අරගල කිරීම වෙනුවට සැබෑ මහපොළවේ ජීවත්වන මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අරගල කිරීමේ මාවත ඔබ තෝරාගත යුතුය. මාක්ස්වාදය හෝ කිසිදු වාදයක් දාර්ශනික මර උගුලක් බවට පමුණුවා නොගෙන, ඒවායින් නිසි ආභාසය ලබන අතරේම, තමන්ගේ ඇස් දෙකෙන් තමන්ගේ රට දෙස පියවි සිහියෙන් බැලීමට ඔබ උගත යුතුය. සිද්ධාන්ත උපදින්නේ ජීවිතය තුළින් බවත්, දේශපාලන ව්‍යාපාරයකට වඩා වැදගත් වන්නේ තන් වැසි නුවණ මිස හක්ක පනින සිද්ධාන්ත නොවන බවත් ඔබ අවබෝධ කරගත යුතුය. ඊනියා න්‍යායික තුවක්කු ඔසවාගෙන තමන් බියපත් කරන්නට එන පඹයන්ට බිය නොවී සිටීමද ලංකාවේ සමාජ ව්‍යාපාරයක් වෙසෙසින් ප්‍රගුණ කළ යුතු අභ්‍යාසයකි. ඔබගේ රනිල් විරෝධය අර්ථාන්විත වීමට නම් ඔබ මේ අවම මූලික කාරණා ගැන හෝ සැලකිල්ලක් දැක්විය යුතුය. උග්‍ර ධනේශ්වරයේ පක්කලිකම් කරන උග්‍ර වාමාංශික ත්‍රී රෝද රථයක් වීම වෙනුවට, වාම ආදර්ශයන්ද ආරක්ෂා කරගත් සැබෑ මහජන ව්‍යාපාරයක් ලෙස වර්ධනය වීමේ මාවත එයම පමණි. නැවත නැවතත් එයම පමණි.

එදා ජවිපෙ ගැන පමණක් නොව පෙරටුගාමීන් ගැනද මා බෙහෙවින් කල් තබා සිදුකළ පුරෝකතන සියල්ල ඒ අයුරින්ම නිවැරදි බව පසුකාලීනව ඔප්පු විය. පෙරටුගාමී පක්ෂය යනු වසර සීයකින්වත් මේ පොළවේ පැළ කළ නොහැකි වඳ බීජයක් බව මා ලීවේ එම පක්ෂය ජවිපෙන් විශාල කුට්ටියක් කඩාගෙන මහත් උද්යෝගයෙන් නැගී එන කාලයේදීමය. අද එම විශාල කුට්ටියට සිදුවී ඇති දේ මට වඩා හොඳින් ඔවුහු දනිති. මග හොඳට තිබියදී විහින් විනාස වීමේ ගැටලුව ජවිපෙට, පෙරටුගාමීන්ට, පමණක් නොව විමල් වීරවංශටද අඩු වැඩි වශයෙන් අදාලය. පෙරටුගාමියෝ දැන් වුවද මේ අදහස් තුට්ටුවකට මායම් නොකරන බවද මම හොඳාකාරවම දනිමි. එසේ වුවද මිනිස් සංහතිය පවතින තුරා ත්‍රී වීල් තත්ත්වයෙන් පැවතීමට නියමිත තම පක්ෂය ඔස්සේ මා කියන දේ ඇත්ත බව ඔවුන්ට වටහා ගැනීමට ඉඩ ලැබෙනු ඒකාන්තය.

ඉසුරු ප්‍රසංග

3 Responses to “ පෙරටුගාමී ෆනී බෝයිලාගේ අයවැය විරෝධයට පසුවදනක්…  ”

  1. Christie Says:

    Another Socialist outfit run by an Indian colonial parasite. How politically impotent are these Sinhala Socialist suckers. Agin Indian money at work. According to this Indian Colonial parasite of so many names it is the Sinhala rich who are the wealthy , not Indian colonial parasites who are filthy rich and take the islands wealth to India and the West.

  2. Jag Says:

    Isuru Prasanga, excellent write up. A rare political analysis that talks the truth. It is not hard for anyone with some common sense to understand what this “Peratugami” party is, by looking at Kumar Gunaratnam. There’s no difference between this useless creature and also Wickremabahu. JVP too is not too far in that sense.

    It is Ranil who is going to benefit out of all these comedies staged by these jokers. I am sure that people will put them at the right place, that is the garbage bin.

  3. Christie Says:

    The Sinhala Socialists have to understand that their leaders and movements are funded by the Indian colonial parasites and India. Did you know the N M Perera and his co-horts were funded by the Old Captain. Remeber Captains are the richest in the island.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress