අධ්යාපනයටත්  රටක්  විනාශ කලහැක   3
Posted on November 1st, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

මේ අධ්‍යාපන ක්‍රමය නිසා   සිදුවු  වින්නැහිය 1906 වන විටත්  ආනන්ද කුමාරස්වාමි  නම්  දෙමල  ලේඛකයා වටහා ගත බව ඔහුගේ  ‘’මධ්‍ය කාලීන  සිංහල  කලා’’’නම්  කෘතියෙන් පෙනේ .(එහෙත් අවාසනාවකට  නිදහසින්  පසුව වත්  සිංහල  පාලකයෝ එසන්දහා  පිලි යම්  නොයෙදුහ)’’’’’’’’’සිංහලේ  ක්‍රමය යටතේ සමාජයේ  ඒ ඒ කොටස්  එකට ගැලපී සන්ධි වී  තිබුනේ  විශිෂ්ට අයුරිනි  හැම  මිනිහෙකුටම  තැනක්  තිබිණි ..කිසිවෙකු ඇත හැර දැමිය  නොහැකි විය . .සිංහලයා  සහයෝගී   නොවන  බවක්  ඉංග්‍රීසින්  සිතන්නේ   ‘’’උගත්  ‘’ යය්   සැලකෙන  අ  ය ගැන සිතා  වියහැක .   එම   උගතුන්   ගෙන්      වැඩි    හරියක්     ජාති     භ්රස්ටයන්   ය  ‘’’—-ම – සිං-කළා —

‘’’’ශත වර්ෂයක         බ්‍රතාන්ය  පාලනය පිලිබඳ  කතා  අනවශ්‍යය එ හි ආරම්භයට   පෙර   උඩරට  සිංහලයෝ  තෘප්තිකර  සභ්‍යත්වයක්  හා  කලාවක්ද  වැසියන්ගේ  ආගමවූ   රාජ්යාගමක්ද  ඇති  අවශ්‍ය  හැමදෙයින්ම  සමුර්ධවූ   නිදහස්  මනුෂ්‍ය වර්ගයක් වුහ .(අද  යහපාලකයෝ   හදන්නේ   බුදු දහමට මේ රටේ  ඇති  තැන  නියමිත  තැන  නැතිකරන්නටය .අනාදිමත්  කාලයක් තිස්සේ රටේ  භුමිපුත්රයන්  ට  තිබු  සුවිශේෂී  අයිතිය  විනාශ  කිරීමටය .දේශ ප්‍රේමී  හු   මේ  චේදයපාලකයන්ට  මෙන්ම  මහින්ද  වෙතත්  යවත් වා . )  එහෙත්  දැන් ඒ  පැරණි  හැගීම්  බැහැර ගොස් තිබේ . විලාසිතාවන්ගෙන්  කිලිටි   නො වූ  ගැමියා තවමත්  දැන  හැදින  ගනී මට  තරම්  වටිනා මිනිසෙකු  වුවද  ‘’උගත්  ‘’  පක්ෂය  පිරිහුණ  ජාති බ්‍රෂ්ටයෝය .පෞද්ගලික  සම්බන්ධය මත ගොඩනැගුන  සමාජයකට  මාරු වීමෙන්  දුගී  නියාලු  බවට පත්   රදල  පක්ෂයට   තමන්  කැමති වුවද  පැරණි සිරිත් විරිත්  පවත් විය නොහැක .’’’’’’’’

(සුද්දා ආවේ  නැත්නම්  අපි තවත්  වැද්දෝ  —සුද්දා  කඩුගන්නා ගල  නොවිද්දානම්  මහනුවර  මිනිස්සුන්ට අදත්  කොළඹ  බලන්න හම්බ  වෙන්නේ  නැහැ — ආදී වශයෙන්  කියමින්  අදත්   ඉංග්‍රීසි ආක්‍රමණිකයාට  දරදිය අදිමින් සිංහලයන්ට ගරහන    ගල් මුසල  ජාති බ්‍රෂ්ට යන්  සිටිති .මේක නම්  පු දුම  කරුමයකි. කුමාරස්වාමි නම් දෙමල  මහතාට  තෙරුම් ගිය දේවත් මේ  නාමික  සිංහලයන්ට  අවබෝධ  නොවන්නේ ජාතියේම  අවාසනාවකටය )

       ආනන්ද  කුමාරස්වාමි  විසින් සඳහන් කරන ලද  ‘’ජාති බ්‍රෂ් ට යන් ‘’’ ක්‍රම ක්‍රමයෙන්  බිහි  කරන ලද  අන්දම  ඉහත  ලිපිවලින්  පෙන්වා  දී ඇත .   ජීවත්වීම        කලාවක්    නොව      බලු  පොරයක්    බවට  පත්  කරන   ලද්දේ  මේ   මිෂනාරී  අධ්යාපනයය් .   ඉන්දියාවේ   ඉංග්‍රීසි  අධ්‍යාපනය  ගැන  ශ්‍රීමත්  ජෝජ් බර්ඩ් වුඩ්  කල  ප්‍රකාශය ඊටත් වඩා  හොඳින්  මෙරටට  ගැලපෙන  බව  පෙනේ  . ‘’’’’ අපගේ අධ්‍යාපනය   මනුෂ්‍ය වර්ගයාගේ  ප්‍රබෝධ ජනක  ආත්මය වන  ඔවුන්ගේ  සාහිත්‍යය පිලිබඳ  ඇල්ම  විනාශ  කළේය  . ඔවුන්ගේ  කලාවන්ගෙන්  ඔවුන් ලබන  සුඛස්වාදය  විනාශ  කළේය .මේ සියල්ලටම වඩා  අශුබ දාය්  ලෙස  ඔවුන්ගේම  පාරම්පරික  ජාතික  ආගම කෙරෙහි  ඔවුන්ගේ විශ්වාසය  හීන කළේය . අපගේ අධ්‍යාපනය නිසා  ඔවුනට  ඔවුන්ගේ  නිවෙස්  ඔවුන්ගේ  දෙමමුපියන්  ,ඔවුන්ගේ සොයුරු සොයුරියන්  පමණක්  නොව  ඔවුන්ගේ බරියන් පවා  පිලි කුල් සහගත විය .එහි අනර්ථකාරී  බලපෑම්  වලට  සීමිත වන පරිදි  එය  සෑම  පවුලකටම  අතෘප්තිය  ළඟා  කළේය ‘’’’   

                         තවත් ඉතින්   මේ අධ්‍යාපනය ගැන කියන්නට  අවශ්‍යද .  අවශ්‍ය  නැතත් මම   මින් නොනවතිමි.ඉහතින් සඳහන් කල  ගල් මුසල  ජාති බ්‍ර්ෂ්ටයන්ට   නොව   නොමග ගිය ,ඉතිහාසය  ඉගෙන ගනී මට අවස්තාවක්  නොමැතිව  අයාලේ  ගිය තරුණ  පරපුරේ   ඇස්   ඇරවීම  සඳහා  තව  ලියන්නෙමි මාගේ  දයාබර  දරුවනි  !මෙලොව  හැර යන්නට  මට ඇත්තේ තව  සුළු  කාලයකි .එහෙත් ඔබ  ට අනාගතයක්  ඇත ඔබට  රටක්  අවශ්‍යය . මේ  ලිපි ඒ  රට රැක   දෙන්නටය්

 තව  පසුව         

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress