දමිළ ප්‍රගතිශීලී සංධානයේ මැයි රැළිය තලවාකැලේදී
Posted on April 28th, 2017

අරුණ රත්නායක

දමිළ ප්‍රගතිශීලී සංධානයේ (TPA) මෙවර මැයි දිනය තලවාකැලේ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව දමිළ ප්‍රගතිශීලී සංධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා, නියෝජ්‍ය නායක අමාත්‍ය පී තිගාම්බරම් මහතා සහ නියෝජ්‍ය නායක රාජ්‍ය අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර මැයි දිනය පැවැත්වේ.

එළැඹෙන මැයි 01 දා මැයි දින රැස්වීම ආරම්භ කිරීමට ප්‍රථම තලවකැලේ දමිළ මහා විද්‍යාලය අසල සිට තලවකැලේ මහජන ක්‍රීඩාංගනය දක්වා මැයි දින පෙළපාලියක්ද සංවිධානය කර තිබෙනවා.

දමිළ ප්‍රගතිශීලී සංධානය, වැවිලිකරයේ ජීවත්වන ජනතාව උදෙසා විශාල මෙහෙවරක් ඉටුකරන අතර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකරගැනීමේ අරගලයෙහි ලා සුවිශේෂී සේවයක් ඉටුකරයි.

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි පී තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් ලැයිම් කාමර තුළ ජීවත්වන ජනතාව උදෙසා පර්චස් 07 ක හිමිකම් ඔප්පු සහිත වර්ග අඩි 550 ක තනි නිවාස ඉදිකර දීම ඉන් විශේෂ තැනක් හිමිකරගෙන ඇති අතර වැවිලි ප්‍රජාවගේ යටිතල පහසුකම් හා සෞඛ්‍ය නඟාසිටුවීමට හෙතෙම කැපවී කටයුතු කරයි.

එමෙන්ම වැවිලි කරයේ ජීවත්වන ජනතාවගේ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා කටයුතු කරනු ලබන අතර දමිළ ප්‍රගතිශීලී සංධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වැවිලි ප්‍රජාවගේ ගැටළු සඳහා නිරන්තරයෙන් තම හඬ අවදිකරමින් කටයුතු කරනු ලබයි.

දමිළ ප්‍රගතිශීලී සංධානය මෙහෙයවනු ලබන මෙම මැයි දින රැළියට සහ රැස්වීමට සහභාගීවන ලෙස එම සංධානය ජනතාවට ආරාධනා කරයි.

අරුණ රත්නායක

ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

 

2 Responses to “දමිළ ප්‍රගතිශීලී සංධානයේ මැයි රැළිය තලවාකැලේදී”

  1. Ancient Sinhalaya Says:

    Time to start a campaign for a separate state?
    Start murdering Sinhalese?
    You have the right man and the right party ruling Sri Lanka, traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya Mega Thief Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller!

    After all r@nil’s catholic run UNPatriotic party gave citizenship to 650,000 estate tamils who were prepared to go back
    to tn after Srima-Shasthri pact. UNPatriotic party xxxx are always for destroying Sri Lanka, Sinhalese race and
    Buddhism to please their ardent supporters tamils, mussies, catholics and the catholic west. Still a lot of Sinhala
    modayas support these out and out traitor kalakanniyas!

    Sinhala modayas are a rare breed on this planet. No other country on the planet has modayas of this calibre!

  2. Christie Says:

    Malaynadu is part of the Eelaam.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress