මරණ තර්ජන නිසා ඥාණසාර හිමි ගමන් බිමන් නොයයි
Posted on June 12th, 2017

උපුටා ගැන්ම නෙත්

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මරණීය තර්ජන ඇති බව උන්වහන්සේගේ නීතිඥයින් අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, උන්වහන්සේට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගොනුකර ඇති නඩුවක් අද (12) කැඳවූ අවස්ථාවේදීයි.

ඉකුත් වසරේ ජනවාරී මස 25 වැනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. 

කෙසේ වෙතත් අද දිනයේ දී උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. තම සේවාදායකයාට ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර ඇති බවත් ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියද්ද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. 

මෙහිදී වගඋත්තරකරුවන්ට වරෙන්තු නිකුත් කරන්නැයි නීතිපතිවරයා ඉල්ලීමක් කළද අභියාචනාධිකරණය එය ප‍්‍රතික්ෂේප කළා.

අදාළ නඩුව ජූලි මස 18, 19 සහ 20 යන තෙදින විභාගයට ගැනීමට නියමිතයි. 

One Response to “මරණ තර්ජන නිසා ඥාණසාර හිමි ගමන් බිමන් නොයයි”

  1. Christie Says:

    ඥානසාර හා සෝබිත කලදේවල පලය තමයි අද තියෙන ඉන්දියානු අදිරදය පත්කල පාලකයෝ. නානසාර සින්හල බොදු, මුස්ලිම් හා කිතුනුවන් බේදකර ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටියෙන් තමයි අද තියෙන රජය ආවේ. සෝබිත සින්හලයන් දෙකඩ කලා.
    ඉන්දියානු අදිරදය ඉතින් නානසාරටත් වැඩේදෙන්නවගේ.සී නෝර් කාරය දන්නවනෙ කතාව.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress