සයිටම් විරෝධයේ පරාජය
Posted on July 18th, 2017

කුසල් පෙරේරා විිසිනි උපුටාගැණීම ලංකාදීප

 ‘‘ඔබට වෛද්යවරයකුගේ බෙහෙත් තුණ්ඩුව කියවා ගැනීමට තරම් ඔහුගේ අත්අකුරු පැහැදිලි නොවන්නට පුළුවන. එහෙත් ඔහුගේ අය කිරීමේ තුණ්ඩුව ඔබට ඉතා පැහැදිලිව ලියා ලැබෙනු ඇත.’’ – (අර්ල් විල්සන්)

සයිටම් ආයතනය වසා දමන තෙක් සටන අත්නොහරින බවට සපථ කළ වෛද් සංගමයේ ලොක්කෝ සතියකට පමණ ඉහතින් සටන පාවා දුන්හ. ඊට දින කිහිපයකට පෙර ඔවුන් සිතූයේ ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකු සමඟ .වි.පෙ ,පෙරටුගාමීන්ද, හරියාකාර සාමාජිකත්වයක් නැති විපක්ෂයේ වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකුද වාඩි කරවාගෙන මාධ් අමතා ඔවුන්ගේ කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුව බිය වැද්දිය හැකියැයි කියාය.

අඛණ්ඩ වෛද් වැඩ වර්ජනයක්ද සයිටම් වැසීම නොවන්නේ නම් ආණ්ඩුව පෙරළීම සම්බන්ධ කොන්දේසිද පනවා දෙදිනක් යත්ම ඔවුන්ට සිදුවූයේ කෙසේ හෝ වර්ජන තීන්දුව හකුලා ගෙන රෙදි පිටින් ගෙදර යා හැකි ලෙස ආණ්ඩුව සමඟ සයිටම් සටන අතහැරීමේ සම්මුතියකට පැමිණීමටය.

වෙනුවෙන් අගමැති හමුවීමට කිහිප දෙනෙකුට පින්සෙන්ඩුවන්නට ඔවුන්ට සිදුවිය. සාකච්ඡාවට එකඟ වූයේද අගමැතිවරයාගේ කොන්දේසිවලට යටත්වය. වෛද්යවරුන්ගේ සංගමයේ නායක දෙපළට පමණක් සෞඛ් ඇමැතිවරයාද වාඩි වූ සාකච්ඡාවට අවසර ලැබිණ. සාකච්ඡා අවසන් කරන්නට සිදුවූයේද ආණ්ඩුවේ කොන්දේසි පිළිගෙන නැවත වර්ජනය නොකරන බව රකාශ කරමින්ය. වෙනුවෙන් වෛද් සංගමයේ ලොක්කෝ දෙපළ අන්තරේ සිසු නායකයන් සහ ඔවුන්ගේ හවුලට පැමිණි පෙරටුගාමීන් සහ .වි.පෙ පාවා දුන්හ. අධිකරණයටද අපහාස කරමින්,වෛද් පීඨ හා අනෙක් විශ්වවිද්යාල සිසුන්ගේ අධ්යාපනයද හය මාසයකට වැඩි කාලයක් අඩාල කරමින් නිරන්තර සමාජ හිරිහැරයක් ලෙස ව්යසනකාරීව හැසිරුණු වෛද් සංගමයේ ලොක්කන්ට නිවටයන් ලෙස පසුබසින්නට සිදුවූයේ අන් කිසිවක් නිසා නොව, සයිටම් විරෝධය සාධාරණය කළ හැකි කිසිදු තර්කයක් ඉදිරිපත් නොකළ හෙයිනි. ඉදිරිපත් කළ කරුණු පවා ව්යාජ හා විකෘති කළ තොරතුරු වූයෙනි.

කලෙක නම්බුකාර වැදගත් වෘත්තියක් වූ වෛද් වෘත්තිය ඔවුන්ගේ සංගමයේ වත්මන් නායකයන් මේ වැනි අසරණ අපත තත්ත්වයකට ඇද දැමූයේ තමන් වෙත ආරූඪ කරගත් අසීමිත මෝඩ උද්ධච්ඡකම නිසාවෙනි. වෛද් සංගමයේ මේ නායක රොත්තට අවශ් වූයේ ඔවුන්ගේ තීන්දු තීරණවලට පිටින් කිසිවක් නොවන හයිකාර බලයක් තහවුරුකර ගැනීමටය. වෙනුවෙන් ඔවුහු වෛද්යවරුන් යනු සෞඛ් සේවාවේ සියල්ල දන්නා සියල්ල කළ හැකි එකම බලවත් වෘත්තිය යැයි සමාජ මතයක් ඇති කිරීමට උත්සාහ කළෝය. එහෙත් වෛද් වෘත්තිය එවැන්නක් නොවේ.

ගැන ඉතාම හොඳ පැහැදිලි කිරීම කරනු ලැබූයේ පසුගිය ජූලි 04 වන දින ලංකාදීප සමඟ ‘‘නොමග යන සයිටම් විරෝධය’’ යැයි රසව හා නාරිවේද විශේෂඥ වෛද් රදීප් සිල්වා කළ සාකච්ඡාවෙහිය. ඔහු පැහැදිලි කරන අයුරු එම්.බී.බී.එස්. වෛද්යවරයා ‘‘මැටි ගුලියක්’’ වැනිය. ඔහු හෝ ඇය විවිධ කාර්ය සඳහා පුහුණු කළ යුතුය. නිර්වින්දන විශේෂඥයකු ලෙස පුහුණු කළ විට ඔහුට හෝ ඇයට කළ හැක්කේ නිර්වින්දන කාර්යය පමණි. ඔවුන්ට ශල්යකර්ම කළ නොහැකි යැයි ඔහු පැහැදිලි කර තිබිණ. එවැනි බොහෝ කරුණු කාරණා සමගින් ඔහු කියා තිබුණේ වෛද් සංගමයේ නායකයන් කියන ආකාරයට එම්.බී.බී.එස්. වෛද්යවරුන්ට  ඕනෑම කාර්යයක් කළ හැකිය යන කතාව වැරැදි බවය.

එබැවින් වෛද් අධ්යාපනය සම්බන්ධ ඇත්ත රශ්නයක් ඇත. දැනට රජයේ වෛද් සේවයේ ඉන්නා සියලූ වෛද්යවරුන් ගැන කතා කළහොත් එම්.බී.බී.එස්. වෛද්යවරුන් 18,345 ඔහු කියන ‘‘මැටි ගුලි’’ පමණය. ඔවුන්ට වෛද් නලාව භාවිත කරන්නටත් රුධිර පීඩනය බැලීමටත් සාමාන් ලෙඩට බෙහෙත් තුණ්ඩුවක් ලියා දීමටත් වඩා වැඩි දෙයක් කළ නොහැක. යටත්විජිත සමයේ එවැනි කාර්ය සඳහා හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරයා 1869 දී සහකාර වෛද් නිලධර සේවාවක් ආරම්භ කළේය. ඔවුන් පුහුණු කිරීම සඳහා සිවිල් වෛද් දෙපාර්තමේන්තුවේ රධානියා වූ වෛද් ඩබ්ලියු.ආර්. කින්සි 1870 දී කොළඹ වෛද් පාසල පිහිටු වූයේය.

සහකාර වෛද් නිලධාරීන් මෙන් සරල වෛද් රතිකාර හා උපදෙස් දීමට වඩා යමක් කිරීමට එම්.බී.බී.එස්. උපාධිලාභී වෛද්යවරුන්, අලූතින් පුහුණුවී විශේෂඥයන් ලෙස සුදුසුකම් ලැබිය යුතුය. එවැනි විශේෂඥයන් 2017 පෙබරවාරි වනවිට රාජ් සේවයේ සිටියේ 1,739 කි. අතර රටට අවශ් බොහෝ විශේෂඥයන් අවශ් රමාණයෙන් නොවිණ. නිදසුන් ලෙස, ළමා ස්නායු විශේෂඥවරුන් ඉන්නේ වෛද් සංගමයේ සභාපති පාදෙණියද ඇතුළුව 05 ක් පමණි. ස්නායූ ශල් වෛද් විශේෂඥයන් ඇත්තේ 12 කි. ළමා ශල් වෛද් විශේෂඥයන් 15 කි. ඇස්කන්නාස ශල් වෛද් විශේෂඥයන් ඇත්තේ 39 කි. එවැනි අත්යවශ් විශේෂඥ කාර්ය සඳහා අවශ් විශේෂඥයන් දුසිමකට හමාරකට වැඩි නැති විශේෂඥ ක්ෂේත තවත් ගණනාවක් ඇත. ඒවගේම කිසිදු විශේෂඥයකු නැති ‘‘ජ්යෙෂ්ඨ පුද්ගල රතිකාර’’ (මෙය ඉංගීරසියෙන් zGeriatricsZ ලෙස හැඳින්වේ. ශීඝරයෙන් මහලූවන අපේ සමාජයට එය අත්යවශ් විශේෂඥතාවකි.) එවැනි ක්ෂේත තව ඇත. අපේ වෛද් සේවාවේ විශේෂඥ පුහුණු කිරීම් කෙරෙන්නේ සමාජයීය අවශ්යතා අනුව නොවේ. එය සිදුවන්නේ එක් එක් පුද්ගලයාගේ අභිමතය හා උනන්දුව අනුවය. දෙවැන්න, විශේෂඥ වෛද්යවරුන් අති බහුතරය සේවය කරන්නේ කොළඹ, මහනුවර, ගාල්ල වැනි රධාන නගරවල .

මේ වෛද් සේවාවේ 3,000 වැඩි පිරිසක් පශ්චාත් උපාධි අධ්යයනය සඳහා වැටුප් සහිත නිවාඩු සමගින් සේවයෙන් නිදහස්ව එම පාඨමාලා සම්පූර්ණ නොකර වසර ගණන් ඔවුන්ගේ පෞද්ගලික කාර්යයන්වල නියැලෙන්නේ යැයි චෝදනා ඇත. එසේ අවුරුදු ගණන් එක දිගට නිදහස්ව ඉන්නේ කෙසේදැයි තවත් රශ්නයකි. එයට ඇතැම්විට උත්තරයක් විය හැක්කේ, සෞඛ් අමාත්යාංශ ඉහළ නිලධාරීන් වෛද්යවරුන් වීමය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ ඔවුහු සෞඛ් පරිපාලනයේ ඉන්නා වෛද්යවරුන් විශාල සංඛ්යාව ගැන තොරතුරු ලබා නොදෙති.

වෛද්යවරුන් එලෙසින් තැන තැන ඔවුන්ගේ වෘත්තියෙන් බැහැර කාර්යවල නිරතවන අතර, ඉතිරි එම්.බී.බී.එස්. වෛද්යවරුන්ට තනිව රෝහල් වාට්ටුවක් හෝ පවත්වා ගෙන යා නොහැක. වෙනුවෙන් ඔවුන්ට හෙදියන්, ඖෂධවේදීන්, වෛද් රසායනාගාර තාක්ෂණවේදීන් වැනි අතුරු සෞඛ් සේවාව සහාය පමණක් නොව, සනීපාරක්ෂක කම්කරුවන්ගේ සේවයද අවශ් වන්නේය. එහෙත් ඔවුන් වැඩ වර්ජනය කළ හැම විටම මේ අතුරු වෛද් සේවා විසින් රෝහල් වාට්ටු පවත්වා ගති.

එබැවින් දැන් රශ්නය ඇසිය යුත්තේ මෙවැනි වෛද්යවරුන් කුමටද යනුවෙනි. රෝහල්වල විශේෂ කාර්යක්ද නැති, අමාත්යාංශ, දෙපාර්තමේන්තුවල කාර්යාල සේවාවේ නිරත වන්නට වසර 05 ඉතා දියුණු පුහුණුවක් යැයි පවසන එම්.බී.බී.එස්. වෛද්යවරුන් හැදීමට මහජනතාව මුදල් වැය කළ යුතුද? එයට උත්තර ලබා දෙන අතීත අත්දැකීම් අපමණ ඇත.

අප ඉතා ආඩම්බරයෙන් කතා කරන අපගේ ඉතා ඉහළ සෞඛ් තත්ත්වය අප ලබා ගත්තේ එම්.බී.බී.එස්. වෛද්යවරුන්ගේ සේවය මත නොවේ. රුහුණ විශ්වවිද්යාලයේ වෛද් පීඨයේ වෛද් විජිත සිල්වා සහ කඩුගන්නාව දිස්තිරක් රෝහලේ වෛද් මහින්ද ලියනගේ ඇමෙරිකාවේ ඩියුක් විශ්වවිද්යාලයේ රජා සහ පවුල් සෞඛ් සේවා දෙපාර්තමේන්තුවේ දෙදෙනකු සමග කළ පර්යේෂණ වාර්තාවක් 2013 මැයි මාසයේදී‘‘අන්තර් වෘත්තීය සේවා සඟරාවෙහි’’ ^Journal of Interprofessional Care& පළ කරනු ලැබිණ. එහි සඳහන් වන්නේ 1869 දී ආරම්භ කෙරුණු සහකාර වෛද් නිලධර සේවාව ‘‘පුහුණු කිරීමේ පාඨමාලාව වෛද් පාසලෙහි වසරක පුහුණුවෙන් පසු 06 මසක සායනික පුහුණුවකින් සමන්විත විය. එහි විෂයන් වූයේ ශරීරයේ ව්යුහය හා කිරයාකාරිත්වය, පෝෂණය, ජීවවිද්යා රසායනය, ඖෂධවේදය, ශුද් ජීව විද්යාව, රජා සෞඛ්යය, ශල් වෛද්, ළමා වෛද් විද්යාව, රසව හා නාරි වෛද් වැනි විෂයන්ය’’යනුවෙනි.

 එවැනි අධ්යාපනයක් හා පුහුණුවක් සමගින් ‘‘වසර 150 පමණ කාලයක් සහකාර වෛද් නිලධරයන් ශී ලංකාවේ සෞඛ් ක්ෂේතරයෙහි අත්යවශ් සේවාවක් විය. මේ කාලය පුරා, රට පුරා පිහිටි මාතෘ නිවාස (380 පමණ) සහ බොහෝ රජයේ මධ්යම බෙහෙත් ශාලා සහකාර වෛද් නිලධාරීන් හා ලියාපදිංචි වෛද් නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලැබිණ. ඊට අමතරව, ඇතැම් රාමීය සහ පර්යන්ත රෝහල් ඔවුන් යටතේ පැවතිණි’’ යැයි එම පර්යේෂණ වාර්තාවෙහි සඳහන් වන්නේය. ඒවගේම එම වාර්තාවට අනුව, එම්.බී.බී.එස්. වෛද්යවරුන් මෙම සහකාර වෛද් නිලධරයන්ට වඩා සංඛ්යාත්මකව වැඩි වූයේ 1960 න් පසුවය.

සමඟ මෙයද කියවිය යුතුය. 2016 පළ කෙරුණු ලෝක සෞඛ් සංවිධානයේ ‘‘ශී ලංකාවේ මහජන සෞඛ් සේවාවේ සාර්ථකත්වය’’ මැයෙන් වූ වාර්තාවට අනුව, ‘‘ඉතා දියුණු පුහුණුවක් ලැබූ මහජන සෞඛ් පරීක්ෂකවරු, පවුල් සෞඛ් සේවිකාවෝ සහ රාමීය ස්වේච්ඡා කිරයාධරයෝ ඇතුළු පිරිස, පුළුල් වෛද් රතිකාර ව්යාපාර දියත් කිරීම සඳහා රජා සජීවීකරණ වැඩසටහන් ඉතා සාර්ථකව කිරයත්මක කළහ.’’ එමගින් ඔප්පු කෙරෙන්නේ, අප ඉහළ සෞඛ් තත්ත්වයක් සහතික කරගෙන ඇත්තේ මහජන සෞඛ් සේවාවේ මෙම පුහුණු සේවකයන් මගින් මිස සේවයට වාර්තා කිරීමේදී පැමිණීමේ ලේඛනයක්වත් අත්සන් නොතබා අතිකාල සේවය වෙනුවෙන්ද වැටුප් ලබන,වැඩිමනත් පෞද්ගලික වෛද් සේවයේ සහ චැනල් සේවාවේදී හමුවන වෛද්යවරුන් සමගින් නොවන බවය.

එය ඉතා හොඳින් අවබෝධ කරගත හැක්කේ, මැලේරියාව, බරවා රෝගය,පෝලියෝව වැනි වසංගත තුරන් කිරීමට අතීතයේ දායක වූ මහජන සෞඛ් පරීක්ෂකයන්, පවුල් සෞඛ් සේවිකාවන් සහ රාමීය ස්වේච්ඡා කිරයාධරයන් ඇතුළු පිරිස් අමතක කරමින් ලොකු වැදගත්කමක් සමඟින් හැදූ සියල්ල කළ හැකි යැයි සිතා සිටින එම්.බී.බී.එස්. වෛද්යවරුන් සමඟ වර්තමානයේ අප ඩෙංගු උවදුරට ගොදුරුව ඉන්නා බැව් මතක් කරගත් විටය.

එවගේම අප අද බුක්ති විඳින ඉහළ සෞඛ් තත්ත්වයට 1943 සිට කිරයාත්මක වූ ජාතික අධ්යාපනය විසින් බිහි කළ ඉහළ සාක්ෂරතාව සහිත සමාජයේ සෞඛ් හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්වීම්, පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සුලභවීම අනෙක් සාධක විය. සියල්ල රෝහල් සේවාවට පිටතින් එකතු වූ සාධනීය සාධකය.

එවැනි රජා මූලික සෞඛ් සේවාවක් සමඟ වූ සහකාර වෛද් නිලධර සේවාව චීනයේ කිරයාත්මක වූ ‘‘පා ගමන් යන’’ වෛද්යවරුන් වැනි විය. ස්පාඤ්ඤයේ සහ ඔවුන්ගේ ඇතැම් යටත්විජිත කොලනිවල පැවති ‘‘රැක්ටිකාන්තෙ’’ වෛද් සේවය වැනි විය. එම සේවා 1960 වන විට ඇමෙරිකාවේත්, මහ බිරතාන්යයේත් කැනඩාවෙත්  ඕස්ත්රේලියාවෙත් ‘‘වෛද් සහකාරීන්’’ ලෙස තව දුරටත් දියුණු කරනු ලැබිණ. එවැනි අතරමැදි වෛද් සේවාවක් දියුණු කිරීමේ තර්කය වූයේ, රජා මූලික හා රාථමික සෞඛ් සේවාවක් වෙනුවෙන් එම්.බී.බී.එස්. උපාධිලාභී වෛද්යවරුන් බිහි කිරීමට වැය කරන්නාවූ විශාල මුදල වෙනුවට එම කාර්ය අඩුවක් නැතිව ඉටුකර ගත හැකි සහකාර වෛද් නිලධරයන් බිහි කිරීම සමාජයට අතිශය වාසිදායී යන්නය. ඉහතින් උපුටා දැක්වුනු පර්යේෂණ වාර්තාව එය සනාථ කරන්නේ, ‘‘අවුරුදු 150 ක් රාමීය සමාජයට මනා සෞඛ් සේවාවක් ලබා දුන්නේත් ඒවායේ රෝහල්වල සිටි වෛද්යවරුන් වූයේත් බාහිර රෝගී සායනවල සේවය කරනු ලැබූයේත් සහකාර වෛද් නිලධරයන්’’ යැයි තබන සටහන මගින් . එම පුහුණුව සමග සහකාර වෛද් නිලධර වෘත්තිය ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග විසින් 1995 දී අවසන් කරනු ලැබූයේද වනවිට විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි සියලූ වාසි ලබන්නට උත්සාහ කළ වෛද්යවරුන්ගේ බලපෑම මතය.

පසුගිය දශක දෙකකට වැඩි කාලයක සිට වෛද්යවරුන්ගේ සංගමය සෞඛ් සේවාවේ රධාන බලධාරීන් ලෙස ඉස්මතු වන්නට පියවර ගත්තේ විවෘත වෙළඳපොළෙහි වාසිය වෙනුවෙනි. වෛද්යවරයා ‘‘මහා ජීවකයෙකු’’ ලෙස පුම්බනු ලැබූයේත් වෙනුවෙනි. විවෘත වෙළඳපොළ සමඟ රෝගියා හා වෛද්යවරයා අතර ගොඩනැඟුණු මුදල් මත සෘජුව තීන්දු වූ සම්බන්ධයද එයට දායක වූවකි. මේ විවෘත වෙළඳපොළෙහි වෛද්යවරුන් ගොඩනගා ගත් පැවැත්ම අතිශය ආත්මාර්ථකාමී,කුහක සහ වෘත්තිමය වශයෙන් සදාචාර විරෝධී පැවැත්මකි.

සයිටම් විරෝධය පරාජයවීමත් සමග මේ සියල්ල රශ්න කළ යුතු පසුබිම නිර්මාණයවී ඇත. වෙනුවෙන් මූලික කාරණා දෙකක් අවධාරණය කළ යුතුය.

පළමුවැන්න, ශී ලංකා වෛද් සභාවේ කාර්යය හා එහි සංයුතිය පිළිබඳ රශ්නය . වෛද් සභාව රතිපත්ති සකසන සභාවක් නොවේ. ජනතාව ආණ්ඩු පත් කරන්නේ රතිපත්ති සැකසීම වෙනුවෙනි. වෛද් සභාව අවශ් වන්නේ සෞඛ් සේවාවේ  ඉතා කාර්යක්ෂම නියාමන කාර්ය සඳහා පමණි. එබැවින්ම එය වෛද්යවරුන්ට පමණක් සීමා නොවිය යුතුය. ඉතා පුළුල් නියෝජනයක් සහිත වෛද් සභාවක් හැදීමට දියුණු ලෝකයේ  ඕනෑ තරම් අත්දැකීම් ඇත. දැන් වහා කළ යුත්තේ සඳහා අවශ් පරිදි සෞඛ් පනතද සංශෝධනය කර අලූත් වෛද් සභාවක් පිහිටුවීමේ කාර්යය ඉක්මන් කිරීමය.

දෙවැන්න, විශාල මුදල් නාස්තියක් සහිත එම්.බී.බී.එස්. වෛද්යවරුන් හැදීම වෙනුවට මහජන සෞඛ් සේවය මුල් කරගන්නා වෛද් අධ්යාපනයක් ගැන අලූතින් සිතීමය. යටත්විජිත සමයේ ආරම්භ කළ සහකාර වෛද් සේවාව වඩා දියුණු හා රායෝගික පුහුණුවක් සමගින් යළි ආරම්භ කිරීම ගැන වහා අවධානය යොමු කළ යුතුව ඇත. ඒවගේම මහජන සෞඛ් පරීක්ෂකයන්, පවුල් සෞඛ් සේවිකාවන් වැනි සේවා දියුණු කිරීම වෙත වැඩි අවධානයක් තිබිය යුතුය. රෝහල් වෙත පැමිණෙන රෝගීන් සංඛ්යාව අඩු කරන්නා වූ මහජන සෞඛ් සේවාවක් හැදීමට මිස, එම්.බී.බී.එස්. වෛද්යවරුන් වැඩියෙන් හැදීමේ වෛද් අධ්යාපනයක් අපට අවශ් නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress