Dr WIjeyadasa reveals the truth විජයදාස රාජපක්ෂ බොරුවේ රෙදි ගලවයි
Posted on September 5th, 2017
|
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Tuesday, September 5th, 2017.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress
September 5th, 2017 at 9:07 pm
This talk itself proves corruption (taken as normal). He says his “businesmen” ( or Vyaparakayo) gave 100 million to Fonseka. He also says altogether they collected 2000 million for Fonseka.
We know very well such monies are collected in other countries as well for electons. But in our ocuntry with people dying without 100000 rupees for surgeries, these politicians think they deserve this ? Rajitha took 10 million for Presidient’s funds and proud of it.
Wait until you die. You will have to pay back with the supervision of Yama Rajjuruwo.
September 6th, 2017 at 2:44 am
Pal Horu ! With 2000 million you can build a 6 lane expressway to this poor village. Fonseka is in charge of village development ? Wijedasa Lawyer in charge of Senadhipathy develpment ?
ජීවිතය පුරාම කඳුළට උරුමකම් කියන උඩගල දෙබොක්‌කේ මිනිස්‌සු විදුලියත් නෑ පාරක් නෑ ගෙවලුත් නෑ!!!
කන්දකැටිය – ජී. චතුරංග
“ගමට එන්න පාරක් නැහැ. ඉන්න ගෙයක් දොරක් නැහැ. ජීවත්වෙන්න ක්‍රමේකුත් නැහැ. හරියට ළිඳේ වැටුණු ගෙම්බෝ වගේ මේ කැලේම ඉපදිලා මේ කැලේම ලෙඩ හැදිලා මැරෙනවා ඇරෙන්න අපට වෙන කරන්න දේකුත් නැහැ!” යෑයි සුන්දර නකල්ස් කඳු වැටියට මායිම්ව පිහිටි උඩගල දෙබොක්‌ක ගම්මානයේ ජනතාව හැඬු කඳුළින් කියා සිටිති.
උඩගල දෙබොක්‌ක මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් ලෝකයාගෙන් වසන්ව පිහිටි තවත් අතිශය දුෂ්කර ගම්පියසකි.
නිර්ව්‍යාජ ගැමිකමත් ගම්මානයටම උරුම වූ සුන්දරත්වයත් හැරුණු විට බලයට පත්වූ කිසිදු රජයක අවධානය යොමු නොවීම හේතුවෙන් උඩගල දෙබොක්‌කේ ගම්මු අදටත් ගෙවන්නේ අතිශය දුක්ත දිවිපෙවතකි.
හසලක – හෙට්‌ටිපොල මාර්ගයේ උඩවෙල හංදියෙන් හැරී උඩත්තව, පමුණුපුර මාර්ගයේ පල්ලේගල දෙබොක්‌ක ගම දක්‌වා වාහනයකින් පැමිණ ඉන් අනතුරුව අලි ඇතුන් ගැවසෙන මහ වනය මැදින් ගලින් ගලට නඟිමින් කිලෝමීටර් හයක පමණ අති දුෂ්කර මාර්ගයක් ඔස්‌සේ පැමිණීමෙන් මෙම ගම්මානය වෙත ළඟා වීමට පුළුවන්.
විශාල ගල් පර්වතයක් හා ගල් දෙබොක්‌කාවක් මැද හුදකලාව පිහිටීම නිසා මෙම ගම්මානයට ගල්දෙබොක්‌ක යනුවෙන් අතීතයේ සිටම ව්‍යවහාර වූ බව ගමේ පැරැන්නෝ කියති.
මේ වන විට මෙම ගම්මානයේ පවුල් 41 ක් පමණ ජීවත් වන අතර ජනගහනය 174 කි. ගමේ සියල්ලෝම ජීවත්වෙන්නේ ගොවිතැන් කිරීමෙන්ය.
සොබාදහමේ අපූර්වත්වය තවමත් අඩුවක් නැතිව විඳිය හැකි මෙම ගම්මානයේ ආරම්භය පරම්පරා ගණනාවක් ඈතට විහිදී යයි. යහන්ගලේ මුත්තා සහ බණ්‌ඩාරේ මුත්තා යන පරම්පරාවලින් මේ ගමේ ජනතාව පැවැතගෙන එන බවට ජනප්‍රවාදයක්‌ද මේ ගම්මු අතර පවතින බව පසුගියදා මෙම ගමේ කළ සංචාරයකදී අපට අසන්නට ලැබිණි.
වයි. එම්. මුදියන්සේ මහතා –
මේක බොහෝම පැරණි ගමක්. හේන් කොටන්න ආව ආදි පිරිසකගෙන් තමා මේ ගම පැවතගෙන එන්නේ. මේක හරිම සුන්දර සරුසාර ඉඩකඩම්වලින් අඩුවක් නැති ගම්මානයක්.
හැබැයි ගම සරු වුණාට මේ රටේ අනෙක් ගම්වල මිනිස්‌සුන්ට තියෙන කිසිම පොදු පහසුකමක් මේ ගමට නැහැ. හරියට ගෙයක් දොරක්, වැසිකිළියක් නැති මිනිස්‌සු තමා මේ ගමේ හුග දෙනෙක් ඉන්නේ.
කේ. පී. ජී. හීන්බණ්‌ඩා මහතා –
අපේ ගමට යන්න එන්න හරි හමන් පාරක් නැති එක තමා ලොකුම ගැටලුව.
හසලක ටවුමේ ඉඳලා පමුණුපුර ගමට එනකම් බස් එකක් වැඩ කරනවා. එතන ඉඳලා ඔය පුංචි ලොරියක් හරි ත්‍රීවිල් එකකින් හරි පල්ලේගල දෙබොක්‌ක ගමට එන්ටත් පුළුවන්. අපේ ගමට එන්ට එතන ඉඳලා කිලෝමීටර් හයක් විතර ගස් ගල් උඩින් වැටුණු අඩි පාරේ එන්න ඕනි.
ගමට එනවා නම් උදේ 9 ත් හැන්දෑවේ 4 ත් අතර කාලේ එන්න ඕනි. ඊට පස්‌සේ ආවොත් ඉතින් අලියගෙන් මැරුම් කන්න තමා වෙන්නේ. දවල්ට පවා සමහර වෙලාවට අලි එනවා.
සාමාන්‍යයෙන් මේ පාරේ යනවා නම් තුන් හතර දෙනෙක් එකතු වෙලයි අපි ගමන් කරන්නේ.
ගමේ කෙනෙකුට ලෙඩක් දුකක් හැදුනම ලණු ඇඳක හෝ පුටුවක තියලා බැදලා දෝලාවක් ඇරගෙන යනවා වගේ කර මතින් තමා අරන් යන්න ඕනි.
ගමේ කාටවත් ස්‌ථීර ආදායම් මාර්ග නැහැ. හැමෝම කරන්නේ ගොවිතැන. ගොවිතැන් කරලා අස්‌වැන්නක් ගත්තත් ඒවා නගරෙට ගෙනිහින් විකුණ ගන්න පුළුවන් කමක් නැහැ.
ගමේ කාටවත් හරියට ගෙයක් දොරක් නැහැ. කිසි කෙනෙකුගේ ගෙදරකට විදුලිය නැහැ. අපිට ඉතින් කුප්පි ලාම්පුවේ පිහිට විතරයි.
ගමේ දිය කදුරුවල අපවිත්‍ර ජලය තමා අපි බොන්නේ. කදුරු උඩහට වෙන්න සත්තු ජරා කරනවා. ගස්‌වල කොළ වැටිලා කුණු වෙනවා. මේවා තමා අපි බොන්නේ.
යූ. ජී. හීන්මැණිකා මහත්මිය –
ගමේ ඉස්‌කෝලයක් තියෙනවා. ගුරුවරුන් දෙන්නෙක් ඉන්නවා. ළමයි 16 ක් ඉන්නවා . පහේ පන්තියෙන් පස්‌සේ මේ දරුවන්ට යන්න පාසලක් නැහැ. දරුවෝ අම්මලා තාත්තලා වගේම ඊට පස්‌සේ හේනක් කොටාගෙන පවුලක් පන්සලක් වෙලා පැලක් අටවගෙන ජීවත් වෙනවා.
වෙනත් ඉස්‌කෝලේකට යනවා නම් ඉතිං උඩත්තවට හරි උඩවෙලට හරි යන්න ඕන. ගමේ ඉඳලා උඩත්තව ගමට කිලෝමීටර් 09 ක් විතර තියෙනවා. උඩවෙලට කිලෝමීටර් 12 ක් විතර තියෙනවා. ගමේ ඉඳලා පමුණුපුර ගමට ඇවිල්ලා බස් එකක ඉතිරි දුර යන්න ඕන. සමහර දවස්‌වලට බස් එකත් නැහැ. ගමේ ඉඳලා පාන්දරම මහ කැලේ මැදින් පුංචි එවුන්ට එන්ටත් බෑනේ.
යූ. ජි. නිමල්සිරි බණ්‌ඩාර මහතා –
ගමේ රැකියා කරන අය නැහැ .හැබැයි පිට පළාත්වලට ගිහිල්ලා හොඳට ඉගෙනගෙන හොඳ හොඳ රස්‌සා කරන අයත් ඉන්නවා. පණ්‌ඩිත හාමුදුරුවරුනුත් ඉන්නවා. හැබැයි ඒ අය ගමෙන් ගියාම ආයේ ගමට නම් එන්නේ නැහැ.
මේ ගම බොහෝම සුන්දර ගමක්. ඒවාගේම සශ්‍රීක එකක්. අපේ අය කන්නේ වස විෂ නැති ආහාර. හොඳ වාතාශ්‍රයක් තියෙනවා. බෝවෙන ලෙඩ රෝග නැහැ. හැදුණොත් උණක්, බඩේ අමාරුවක්, කොන්දේ අමාරුවක් තමයි. ඒකට ගමේ වෙදරාලගෙන් නූලක් මැතිරිමකින් හරි බෙහෙත් ගුලියෙන් හරි ලෙඩේ තීන්දුයි.
වයි. එම්. යූ. ජී. රංබණ්‌ඩා මහතා –
අතීතයේ ඉඳලා මේ ගම්මු ජීවත් වුණේ හේනක් කොටාගෙන. ඒත් දැන් අපිට ඒ අපේ හේන් අහිමිවෙලා. අපි ඉන්න වසම නකලස් දැඩි රක්‌ෂිතයට අයිතියි කියලා මායිම් දාලා වෙන් කරලා නිසා අපිට වනාන්තරය හෙළි කිරීම, ගිනි තැබීම තහනම්. එහෙම කළොත් වන සංරක්‌ෂණ එකෙන් නඩු දානවා. දැන් අපිට එදා තිබුණු ආදායම් නැහැ. ගෙවත්තේ පුංචි ලදු කැලෑවක් ශුද්ධ කරලා මොනවා හරි ටිකක් එදිනෙදා පාචිච්චියට හදා ගන්නවා. මේවායෙන් ලැබෙන ආදායම අපේ දරු පවුල් ජීවත් කරවන්ට මදි. අපිට කුලියක්‌වත් කරන්න පහසුකම් නැහැ. කුලියක් කරනවා නම් හසලකට හරි මහියංගනයට හරි කොළොංගොඩට හරි යන්න ඕන.
ඒ නිසා අපේ හේන් වගාවට අපිට යම් කොටසක් හරි වෙන් කරලා දෙනවා නම් ලොකු පිනක්. අපි මහා ඉල්ලීම් කරන්නේ නැහැ . ගමට එන පාරයි , වවන්න ඉඩම්වල අයිතියයි, දරුවන්ට ඉගෙන ගන්න ක්‍රමයකුයි හදලා දෙන්න කියලයි අපි කියන්නේ.
වයි. එම්. කිරිබණ්‌ඩා මහතා –
අඩුම තරමේ මේ ගමේ මිනිහෙක් ලෙඩ වුණාම රෝහලකට ගෙනියන්න පුළුවන් විදිහට පාරක් හදලා ගමේ ගෙවල් ටික හදාගන්න මොකක් හරි උදව්වක් කරලා දෙන්න කියලා තමා අපි ඉල්ලන්නේ.