පුරා දින 1031 ක් බැදුම්කර වංචාව ගැන මා කියූ දේ රටට වාර්තා කළ ජනමාධ්‍යයට ස්තුතියි!
Posted on January 3rd, 2018

රජිත් කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය හිටපු උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් මා මුලින්ම කථා කළේ අදට දවස් 1031 ට පෙර, 2015 මාර්තු 9 වන දින යි. එම අනාවරණයට මා යෙදු වදන ‘භාණ්ඩාගාර බිල්පත්‘ මිස බැදුම්කරය නොවේ. 

එම අනාවරණය මේ සමග අමුණා ඇත.  අප එදා කියූ දේ සියල්ල වැකියෙන් වැකිය නිවැරදි බව, අකුරටම නිවැරදි බව එය කියවා බලන ඔබ හට වැටහෙනු ඇත. 

අප බැදුම්කර වංචාවට සම්බන්ධ සියලු පාර්ශවයන් හෙළි කිරීම පමණක් නොව ඔවුන් වංචනිකව උපයාගත් මුදල් නැවත ජනතාවට ලබාදීම සදහා වන සමාජ වගකීම අප හමුවේ ඉතිරිව ඇත.  

ඒ ගමනේ දී ආණ්ඩුවේ ඉහළම දේශපාලනඥයින්ගේ කෝපයට ලක්වීමට මටත් දුෂණ විරෝධී පෙරමුණ, කැෆේ සංවිධානය අතුළු මා නියෝජනය කළ ආයතනයන්ටත් සිදු විය.  අප පූර්ණ රාජ්‍ය අනුග්‍ර‍හය යටතේ සිදු වූ, රජය සැලසුම් සහගත ලෙස සගවා ගැනීමට උත්සහ දරන ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාවක් ජන අවධානයෙන් ගිලිහි නොයන ලෙස රදවා ගන්නට උත්සහ කළෙමු. ඒ සදහා මට සහාය වූ පිරිස අති විශාලය.

අප අද සීමිත ජයග්‍ර‍හණයක්  පමණක් ලබා ඇත.

බැදුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනා අනාවරණය වන්නේ බැදුම්කර කොමිෂන් සභාවේ වාර්තාව පූර්ණ ලෙස ජනතාවට දැන ගැනීම සදහා අවස්ථාව සැලසීමෙන් පමණී.   එය වහා, අනිවාර්යයෙන්ම සිදු විය යුතුය.  

ගෙවී ගිය දින 1031 ක් අප කථා කළෙමු. විරෝධතා ව්‍යාපාර පැවැත්වීමු.  නඩු පැවරීමු. කළ හැකි දේ සියල්ල කළෙමු.  අද බැදුම්කර වංචාවේ නම කියවුණු එක් දේශපාලනඥයෙකු වන රවී කරුණානායක මහතා පමණක් ප්‍ර‍ති-අනාවරණයක් සිදු කර ඇති අතර එයට සම්බන්ධ ක්‍රියාකාරී දේශපාලනයේ සිටින තවත් බොහෝ අය සගවා ඇති බව පැහැදිලිය. බැදුම්කර වංචාව එක් දේශපාලනඥයෙකුගේ කාර්යයක් නොව සාමූහික, සැලසුම් සහගත ක්‍රියාවලියකි.  එයට තවත් බොහෝ අය සෘජුව හා වක්‍ර‍ව සම්බන්ධව සිටී.

බැදුම්කර වංචාව පිළිබද සිදුවූ පසුව එය ජනතාවට තේරුම් කර දීම අභියෝගයක් වූවේය.  ඒ සදහා ජනමාධ්‍ය දැක්වූ දායකත්වය මම අගයමි.  එම තේරුම්කර දීම පැහැදිලි කිරීම නොවන්නට බැදුම්කර වංචාව තවත් එක් මුල්‍ය වංචාවක් ලෙස සැගවී යන්නට ඉඩ තිබුණි.   ගෙවී ගිය දින 1031 තුල මා විසින් පුවත්පත් සාකච්ඡා 63 ක් හෝ එයට වැඩි අවස්ථා ගණනාවක දී බැදුම්කර වංචාව ගැන කථා කර ඇත. ගණන් කළ නොහැකි තරම් ‘සාකච්ඡා, සංවාද, විවාද සදහා දායක වී ඇත.  ඒ සම්බන්ධයෙන් ලංකාවේ මුද්‍රිත මාධ්‍ය මා උපුටා දක්වමින් පළ කළ ප්‍ර‍වෘත්ති, විශේෂාංග, ලිපි හයසීයකට වැඩි සංඛ්‍යාවකි. විද්‍යුත් මාධ්‍ය මගින් විකාශයනය කරන ලද වාර්තා ගණන ද එවැනිම විය යුතුය.

බැදුම්කර වංචාව හෙළි කිරීමට මා වෙත ඉඩ ලබාදුන් සියලු ජනමාධ්‍ය ආයතන වෙත මම මාගේ පුද්ගලික ස්තුතිය පළ කරමි.  ඔබ නොවන්නට මේ මතවාදය ජනගත නොවන්නට තිබුණි! 

සමාජ මාධ්‍ය ද එහි දී ඉටු කළ මෙහෙය විශාලය.  විශේෂයෙන්ම බැදුම්කර වංචාව හෙළි කළ දින සිට අද දක්වා මාගේ අදහස්වලට ප්‍ර‍තිවිරුද්ධ අදහස් දැරූ පිරිසට මම ස්තුතිවන්ත වෙමි. දින 1031 ක් මෙම කාර්යයෙහි නිරත වන්නට අවශ්‍ය දෛනික උක්තේජනය සැපයූවේ ඔබයි.

ස්තුතියි,

අපි මේ රු. බිලියන 11 ට වැඩි ඔබේ, මගේ අප සැමගේ මුදල් නැවත මේ රටේ ජනතාවට හිමි විය යුතුය.  හෙටින් ඇරඹෙන්නේ ගජ මිතුරන් කිහිප දෙනෙකු සොරාගත් දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමේ ඇති එම මුදල්වලින් කොටසක් හෝ නැවත ජනතාවට ලබාදීම සදහා ජනතාව වෙත නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීමේ වගකීමයි.  ඒ සදහා සියලු ජනමාධ්‍ය ආයතනයන් හි ද, ජනමාධ්‍යවේදීන්ගේ ද සහාය තීරණාත්මකය.

රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

හිටපු උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ

3 Responses to “පුරා දින 1031 ක් බැදුම්කර වංචාව ගැන මා කියූ දේ රටට වාර්තා කළ ජනමාධ්‍යයට ස්තුතියි!”

  1. Christie Says:

    Christie Says:
    January 3rd, 2018 at 4:52 pm
    මහෙන්ද්‍රන් බඩකරපු එකා අවුරුදු දෙකකට පස්සෙ දැම්මෙ බෙට්ටක්?
    මේක මුන් සුදනන් වෙන්න කරපු ලොකු ප්‍රෝඩාවක්.
    අලුත්ම චන්ද ගුන්ඩුවක්.
    හැබැයි මේ ගූ ගොඩ (මේ ආන්ඩුව) මහෙන්ද්‍රන් ඇතුලු ඉන්දියන් පරපෝසිත්යන් වදපු බෙටිනෙ.
    Christie Says:
    January 3rd, 2018 at 5:02 pm
    “(Monitory Law Act)”. India has its own monitory law acts to monitor Hon President and his government.
    Our Ordinances and laws are pretty good an adequate to claw back the 11 billion Rs. unlawfully taken away from the country.
    Will the Commission report lead us to recover the money?

  2. NAK Says:

    This report makes me sad in that two honourable respected judges today got their names somewhat tainted by serving political masters wishes instead of doing their sacred duty that the whole world was waiting for.

  3. Senerath Says:

    ජනතාවගේ මුදල්වලින් සංවර්ධන කටයුතු කර දේශපාලකයන්ගේ නම් දැමීම සුදුසු නැහැ – මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි

    රුපියල් කෝටි ගණන් වැය කර දේශපාලකයන් සංවර්ධන කටයුතු කරන්නේ දේශපාලකයන්ගේ මුදල් වලින් නොව, ජනතාවගේ මුදලින් බැවින් සංවර්ධනවලට දේශපාලකයන්ගේ නම් යොදාගැනීම තරම් සුදුසු ක්‍රියාවක්‌ නොවේ යෑයි යටිනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය විවෘත කිරීමේ අවස්‌ථාවකදී අනුශාසනයක්‌ කළ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවැසූහ.

    ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයට තෙවසරක්‌ පිරීම නිමිති කොට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණෝ එසේ ප්‍රකාශ කළහ.

    ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයේ රථගාල ඇතුළු ව්‍යාපෘති කීපයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සඳුදා (01 දා) පස්‌වරුවේ විවෘත විය.

    නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් කෝටි තිස්‌පහක රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලද බව මෙහිදී ප්‍රකාශ විය.

    මල්වතු මහා විහාරය වෙනුවෙන් අනුශාසනයක්‌ කළ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ මහජනතාවගේ මුදල් විශාල වශයෙන් වැයවන ඇතැම් ව්‍යාපෘති නිර්මාණය කළ යුතු නොවන බව ද පැවැසූහ.

    එවැනි ව්‍යාපෘති සඳහා වැය කෙරෙන මුදල් ජනතාවගේ යහපත සඳහා වැය කිරීම වඩා සුදුසු යෑයි අනුනායක හිමිපාණෝ පැවැසූහ.

    මේ රටේ ගොවි පුත්‍රයකු ලෙස රටේ ඉහළම තත්ත්වයකට පත් වූ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සිදුවන සේවාවන් අගය කරන බව ද අනුනායක හිමිපාණෝ පැවැසූහ.

    නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය මගින් මේ රටේ බෞද්ධ ජනතාවට විපුල සේවයක්‌ සිදුවනු ඇතැයි තමන් වහන්සේ විශ්වාස කරන බවත්, බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්‌වාමීන් වහන්සේගේ කැපවීමත් අගය කරන බව ද අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවැසූහ.

    අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික රන්ගිරි දඹුලු රාජමහා විහාරාධිපති මහනුවර පලිපාන ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයාධිපති පූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අනුශාසනයක්‌ කරමින් තමන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක්‌ වූ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්‌වාමීන් වහන්සේ බෞද්ධ මධ්‍යස්‌ථානය නිර්මාණය කිරීම සඳහා සිදුකළ කැපවීම අගය කරන බව පැවැසූහ.

    එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වු පූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේත් සම්බුද්ධ ශාසනයේත් උන්නතිය සඳහා මල්වතු අස්‌ගිරි උභය පාර්ශ්වයේ මහත් කැපවීමකින් හා උනන්දුවකින් කටයුතු කළ බව අතීතය හා වර්තමානය ද සැලකිල්ලට ගැනීමේදී ඉතා පැහැදිලි යෑයි පැවැසූහ.

    පෙර රාජ්‍ය නායකයන් දිවයිනේ ගම් නියම්ගම් ඇතුළු ප්‍රදේශවලට යන අවස්‌ථාවලදී ජනතාව විසින් ඉතා සුවිශේෂී ලෙස පිළිගැනීමට ලක්‌ වූ බවත් පොලොන්නරුව රාජධානිය කැර ගත් නිශ්ශංක මල්ල රජු එලෙස යම් යම් ප්‍රදේශවලට ගමන් කළ අවස්‌ථාවලදී එම ප්‍රදේශවල ජනතාව ඉතා උසස්‌ අන්දමින් පිළිගත් බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.

    මෙම තත්ත්වය වර්තමානයේදී වෙනස්‌ වී තිබෙන බව පැවසූ පූජ්‍ය ආචාර්ය මංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ තමාට ඡන්දය ලබාගත් දේශපාලකයන් දැන් ගමේ ජනතාව වෙත යැමට ආරක්‍ෂාව අවශ්‍ය වී තිබෙන බව ද පැවැසූහ.

    බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්‌වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනයක්‌ කළහ.

    මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල, මහනුවර දිස්‌ත්‍රික්‌ ලේකම් එච්. එම්. පී. හිටිසේකර, ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන යන මහත්වරු සහ නාවුක හා ගුවන් හමුදාපතිවරුන් ඇතුළු පිරිසක්‌ ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

    සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්තී වීරසේකර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress