“පූර්ව මැතිවරණ සමය සාපේක්ෂව සාමකාමීයි – ප්‍රචණ්ඩ ක්‍රියාවල සාහසික බව අඩුයි. දේපළ හානි කිරීමේ පරිමාව පහළ මට්ටමක“
Posted on February 9th, 2018

– කැෆේ  සංවිධානය

2018 පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත්  කැෆේ සංවිධානය දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මැතිවරණ නිරීක්ෂකයින් 5000 කට අධික පිරිසක් පෙබරවාරි 9 සහ 10 දිනවල යෙදවීමට නියමිත ය.   නව මැතිවරණ ක්‍රමයට අනුව ස්ථාපිත කෙරෙන ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ද මැතිවරණ නිරීක්ෂණ කටයුතු  සඳහා  කැෆේ සංවිධානය කටයුතු යොදා ඇත. 

අපේක්ෂකයින් 52000 කට අධික පිරිසක් ඉදිරිපත්ව  සිටින මෙවර මැතිවරණය, ලංකා ඉතිහාසයේ විශාලතම මැතිවරණයයි.  පළාත් පාලන ආයතන 340 ක ට ඡන්ද විමසීම පැවැත්වේ.  2012 අංක 22 දරණ සංශෝධිත පනත් සංශෝධනය මඟින් මෙම නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. මෙම ක්‍රමය යටතේ සමස්ත ආසන සංඛ්‍යාවෙන් 60% ක්  එනම් ආසන 5092 ක්  සඳහා කොට්ඨාස  ක්‍රමය යටතේ තෝරා ගන්නා අතර ඉතිරි 40% එනම් ආසන 3394 ක් සඳහා නියෝජිතයින් තෝරා ගැනීම සමානුපාතික ක්‍රමය යටතේ සිදුවෙයි. මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 15,760,867 කි. එයින් 48.6% ක් පිරිමි වන අතර 51.4% ක් කාන්තාවන්  වෙයි.

මෑත ලංකා ඉතිහාසයේ පැවති වඩාත්ම සමකාමී ඡන්ද විමසීම මෙය වෙයි.  ප්‍ර‍චණ්ඩක්‍රියාවන් හි ස්වරූපය හා දේපල හානිවීම් ඉතාමත් පහත මට්ටමක පැවතුණි.  මේ වන විට ප්‍ර‍චණ්ඩ ක්‍රියා සදහා සම්බන්ධ වූ පුද්ගලයින් 56 කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. නීතිය ක්‍රියාත්මකවීම ඉහළ මට්ටමින් පැවතීම තුල මැතිවරණ නීති ආරක්ෂා වී ඇත. 

මේ දක්වා වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ නැගෙනහිර පළාතෙනි. එයින් බහුතරයක් සංවිධානාත්මක නොවන හුදෙකලා සිදුවීම් වීම විශේෂත්වයකි.   

ප්‍රචාරණයේ නිහඩ කාලය තුල ඊයේ සහ අද ලංකාවේ ස්ථාන 6 කින් සිදුවීම් වාර්තා වී ඇත.  මේ දක්වා කැෆේ සංවිධානය වෙත පැමිණිලි 345 ක් වාර්තා වී ඇත. 

Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress