පය බරවායට පිටකර බෙහෙත් බැඳීම නොහොත් විද්‍යාත්මක කැබිනට් සංශෝධනය.
Posted on April 26th, 2018
වෛද්‍ය වසන්ත දේවසිරි යුතුකම සංවාද කවය
රාජ්‍ය කරනවා යැ යි කියන හවුල් ආණ්ඩුවේ පාර්ශව කරුවන් පෙබරවාරි මාසයේ ප්‍රාදේශීය සභා නගර සභා ඡන්දයේ දී අන්ත පරාජයකට මුහුණ දුන්නේ ය. කුකුළා ගේ කරමල මෙන් උදේ හවස රූප පෙට්ටිවල දුටු හවුල් ආණ්ඩුවේ නායකයින් දෙපොළ දැක ගැනීම හාවා හඳ දැකීම වැනි දුර්ලභ දෙයක් විය. ඔවුන් රටේ සිටින බව පවා ජනතාව පසක් කර ගත්තේ හොලිවුඩ් පාතාළ චිත්‍රපටයක මෙන් සැප කාර් වලින් නායකයින් දෙපොළගේ මන්දිර වලට ඇදෙන ඉන් පිටවෙන ගෝල බාලයින් දවසේ තිස්සේ රූප පෙට්ටි වලින් දුටු බැවිනි.දිගින් දිගටම සාකච්ඡා කළ ඔවු හු පය බරවායට පිටකර බෙහෙත් බඳින්නා වැනි වූ කදිම විසඳුමක් ඉදිරිපත් කළ හ. ඒ දැනෙන වෙනසක් එනම් කැබිනට් සංශෝධනයක් ගෙන ඒමට යි.
කැබිනට් සංශෝධනයක් බලයට කෑදර ඇමතිවරුන්ට ම මිස පොදු ජනතාවට වැදගත් නො වන බව ඔවුනට කියා දීමට තරම් බුද්ධිමතෙක් බලයට ම කෑදර ඔවුන් අතර නො සිටිය හ. කෙසේ වුව ද සමගියෙන් රැස් වන, සමගියෙන් තීරණ ගන්නා, සමගියෙන් විසිර යන ලිච්ඡවි රජ දරුවන්ගෙන් කොටසක් වෙන ම රැස් වී ඇමතිකම් කීපයක් තමන් අතර ම යළි බෙදා ගත් හ. ලිච්ඡවින් ගේ ඉතිරි කොටස එසේ ඇමතිකම් යළි බෙදා හදා නො ගත්තේ එසේ කළහොත් සමගිව විසර යෑමේ ලිච්ඡවි සම්ප්රදාය රැක ගැනීමට ඔවුන් අසමත් වනු ඇති බැවින් විය යුතු ය.
කොරේ පිටට මරේ කීවාක් මෙන් ඔය අවු අස්සේ ම අගමැතිවරයාට විරුද්ධ ව විශ්වාස භංග යෝජනාවක් එල්ල විය. ජනතා අභිලාෂයන් වෙනුවෙන් නොව ලිච්ඡවි සම්ප්රදාය රැක ගැනීම පමණක් ම ප්‍රතිපත්තිය කරගත් රාජ්‍ය නායකයෝ සමගිව රැස් වී අගමැතිවරයා රැක ගෙන සමගි ව විසිර ගිය හ.යළිත් වරක් ජනතා අභිලාෂයන් ට විරුද්ධව යමින් රජය හා අගමැතිවරයා රැකගත් යහපාලනය මිස දේශපාලනය නොදන්නා ඊනියා නායකයන්ට ජනතාවට දීමට ඉතිරි ව ඇත්තේ තවත් කැබිනට් සංශෝධනයක් ම පමණෙකි. එකම වෙනස මෙවර ඔවුහු ‘දැනෙන’ කැබිනට් සංශෝධනයක් වෙනුවට ‘විද්‍යාත්මක’ කැබිනට් සංශෝධනයක් ගෙන ඒමට සැරසීම පමණ්කි. කෙසේ බෙතත් ‘දැනෙන කැබිනට් සංශෝධනයට මෙන් ම ‘විද්‍යාත්මක කැබිනට් සංශෝධනය’ට ද මේ වන විටත් බාලගිරි දෝෂය වැළඳී ඇති දැ යි යන සැකය ඇති වේ. කෙසේ වුවත් මෙය ජනතාවට එතරම් වැදගත් නො වන්නේ මෙය බඩජාරී දේපාලකයන්ගේ ප්‍රශ්නයක් මිස ජනතාව ගේ ප්‍රශ්නයක් නොවන බැවිනි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ රජය වෙනස් වීමක් මිස ඇමති මණ්ඩල වෙනස් වීමක් නම් නොවේ. ඔවුනට අවශ්‍ය වන්නේ රට රැක ගත හැකි ආණ්ඩුවක් මිස ආණ්ඩුව රැක ගත හැකි ආණ්ඩුවක් නො වේ.
Leave a Reply
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Thursday, April 26th, 2018.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.