හිරු CIA අනාවරණයෙන් පසු කළබල වූ රාජ්‍ය නිලධාරීන්
Posted on August 16th, 2019

උපුටා ගැන්ම – හිරු පුවත්

මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ කඩොලාන විනාශයක් පිළිබඳව හිරු සී.අයි.ඒ. හරහා පසුගිය 14 වැනිදා අනාවරණයක් සිදුකළා. <br /><br />එම ප්‍රදේශයේ කළ හෙළි පෙහෙළි කිරීම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා පොලිසිය ලබාදුන් උපදෙස් මත සිදුකළ බවයි ඉඩමේ හිමිකම වෙනුවෙන් පෙනී සිටි කාන්තාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව සතු වැදගත්ම නාගරික තෙත්බිම් කලාපය වන්නේ මුතුරාජවෙල තෙත් භූමියයි.

කොළඹ නගරයට වරින්වර ඇතිවන ගංවතුර තර්ජනය පාලනය කරනා මුතුරාජවෙල කඩොලාන පරිසරය පසුගියදා යෙදුනු රජයේ නිවාඩු දින කිහිපයේදී සංවිධානාත්මක පිරිසක් යාන්ත්‍රික කියත් උපයෝගී කරගෙන සුනුවිසුනු කරන බව අප හිරු සී.අයි.ඒ. හරහා හෙළි කළා.

අපගේ අනාවරණයත් සමග ගම්පහ අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එම කඩොලාන විනාශය නිරීක්ෂණයට ඊයේ පැමිණියා.

ඒ වනවිටත් වටිනා කඩොලාන පරිසරයේ අක්කර ගණනාවක් වන සංහාරකයින් විසින් විනාශ කර අවසන්.

මෙම හෙළිපෙහෙළි කිරීම් සදහා අනුබල දුන් කාන්තාවක් වන නිලධාරීන් හමුවේ අදහස් දක්වද්දී වත්තල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආර්. විජයකුමාර් නම් මහතා පැමිණ ප්‍රකාශ කලේ දින 10 ක් තුල මෙම හෙළිකිරීම් සිදුකර අවසන් කිරීමට අවසර ලබාගෙන ඇති බවයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress