Exclusive : වැලිකඩ යන්න බෑ.. මට ලංකා හොස්පිටල් ඉන්න හදල දෙන්න හාමුදුරුවනේ… රාජිත බලන්න ගිය ආනන්ද හිමි ලග හඬා වැටේ.. කතාව ගොතගැසී බියෙන් වෙවුලයි..
Posted on December 29th, 2019
lanka C news

තමනට තවදුරටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ නැවතී සිටීමට පහසුකම් සලසා දෙන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉල්ලීම කර ඇත්තේ අද පස්වරුවේ ඔහු බැලීමට එම රෝහලට ගිය නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමගිනි.
ඉතා හැඟුම්බර හිමියන්ගේ මෙම ඉල්ලීම කර ඇති හිටපු ඇමැතිවරයා පවසා ඇත්තේ පසුගිය රජය යටතේ ද බොහෝ පුද්ගලයන් බන්ධනාගාර ගතකළ පසු රෝහල් ගතව සිටීමට අවස්ථාව හිමි වූ බවයි.
එම අවස්ථාව තමනටද කෙසේ හෝ සලසා දෙන්නැයි ද ඔහු ඉල්ලා ඇත.
හිටපු ඇමැතිවරයා ඒ වනවිට අතිශය ලෙස බියපත් වී සිටි බවත් ඔහුගේ හඬ පවා නෑසෙන මට්ටමේ දුර්වල තත්ත්වයක සිටි බවත් ආනන්ද හිමියන් සමග සමඟ කතාබහ කිරීමේ දී කටහඬ දැඩි ලෙස වෙව්ලන තත්වයක තිබූ බවත් වැඩි දුරටත් වාර්තා වේ.