නුගේගොඩට පැමිණියේ කවු ද?
Posted on February 20th, 2015

නලින් ද සිල්වා

පසුගියදා නුගේගොඩ පැවති රැස්වීමට පැමිණියෝ කවරහු ද? විවිධ අය ඒ සම්බන්ධයෙන් විවිධ කරුණු කියති. ඒ අතර රැස්වීම පැවැත්වීමේ ගෞරවය තම තමන් වෙත දිනාගැනීමට ඇතැම්හු කටයුතු කරති. ඒ රැ්ස්වීමට පැමිණි අය අතර අති විශාල බහුතරය මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් අය වෙති. එයට අමතර ව මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන්් පිරිසක් ද වූහ. ඒ දෙවනු කී අයගෙන් යම් පිරිසක් තමන් කළ වරද ගැන දැන් පසුතැවිලි වෙති. අපට ඔවුන්ට කීමට සිදු වී ඇත්තේ ගිය නුවණ ඇතුන් (අලින්) ලවාවත් ඇද්දවීමට බැරි බව ය. 
මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන් අයගෙන් සමහරු වෙනසක් පතා එසේ කළහ. ඒ වෙනස ඇති වී තිබේ. අද උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් ක්‍රියා කරන්නේ කොටියකු ලෙස ය. අද අලින් සහ කොටින් එකතු වී ඇත. ඔවුන් සියල්ලන් පසු පස බටහිරයෝ සිටිති. සිදු වී ඇති වෙනසක් අනුව අප කල් තබා කී පරිදි ම මාර්තු මාසයේ ජෙනීවා සමුළුවට ඉදිරිපත් කිරීමට තිබූ ඊනියා මානව හිමිකම් කඩවීමේ වාර්තාව සැප්තැම්බර් දක්වා කල්දමා ඇත. එයින් මැතිවරණයේ දී එ ජා පක්‍ෂය තම ඊනියා නිවැරදි (එනම් බටහිර හා ඉන්දීය ගැති) විදේශ ප්‍රතිපත්තිය ගැන කියවා වාසි ලබාගැනීමට උත්සාහ දරනු ඇත. එහෙත් ඔවුන් නොකියන කරුණ වනුයේ දැනට අභ්‍යන්තර පරීක්‍ෂණයකට පමණක් සීමා කරන්නේ යැයි කියන ඊනදයා මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මැතිවරණයෙන් පසු ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ලක්කෙරෙන බව ය. 
නුගේගොඩ රැස්වීමට බස්වලින් සෙනග පැමිණියේ යැයි රාජිත සේනාරත්න නම් සිංහල බෞද්ධ විරෝධී ඇමති කියයි. ජනතාව බස්වලින් පැමිණෙන්නේ නැතිව රාජිතලා ගමන් බිමන් යන ආකාරයෙන් කාර්වලින් පැමිණෙන්න ද? ජනතාවට ලංගම බස් නොලැබුණු බවට අපි මැසිවිලි නො කියමු. රාජිත දැනටමත් පරාජිත වී ඇති බව පැහැදිලි ය. 
කෙසේ වෙතත් රාජිතටත් වෙනත් එවැනි පාරාජික වූ ශ්‍රී ලංකා කාරයන්ටත් දැනගැනීම පිණිස කිව යුත්තේ නුගේගොඩට බස්වලින් පැමිණියේ රට බෙදීමට විරුද්ධ ජනතාව බව ය, රටේ ඒකීයභාවය ආරක්‍ෂා කළ යුතු යැයි කියන්නන් බව ය, දෙමළ ජාතිවාදයට විරුද්ධ අය බව ය, දෙමළ බෙදුම්වාදයට විරුද්ධ අය බව ය, දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ව පුවත්පත් නිවේදන හා පුවත්පත් සාකච්ඡාවලට පමණක් සීමා නොවී හදපත්ලෙන් ම සතුටුවන අය බව ය, පාරාජික ශ්‍රී ලංකා කාරයන් පක්‍ෂයෙන් එළවා දැමිය යුතු යැයි කියන්නන් බව ය, සිංහල බෞද්ධ විරෝධී ජනවේග කල්ලියකට තව දුරටත් ශ්‍රී ල නි පක්‍ෂයේ ඉඩ නොදිය යුතු ය කියන්නන් බව ය, දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූවන් බව ය, පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දීමට විරුද්ධ වූවන් බව ය, ඊනියා මානව හිමිකම් කඩවීම් ගැන අභ්‍යන්තර හෝ බාහිර හෝ පරීක්‍ෂණවලට විරුද්ධ වූවන් බවය, මහින්්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ හා රණවිරුවන් දංගෙඩියට යැවීමට විරුද්ධ වූවන් බව ය, රුපියල් දහදාහට කහකුඩුවලට රට පාවා නොදෙන්නවුන් බව ය, රටේ ආරක්‍ෂාව බඩේ ආරක්‍ෂාවට වඩා වැදගත යැයි සිතන්නන් බව ය, ….. .. .. .. .. .. .. .. 
නලින් ද සිල්වා
2015 පෙබරවාරි 20

8 Responses to “නුගේගොඩට පැමිණියේ කවු ද?”

  1. Indrajith Says:

    THE LEAD STORY IN YESTERDAY’S “THE ISLAND”:

    ————————————————————

    Susil: Nugegoda rally has rattled the UNP
    February 19, 2015, 9:32 pm

    by Dasun Edirisinghe

    National Organiser of the Sri Lanka Freedom Party Susil Premajayantha
    (Pic by Jude Denzil Pathiraja)

    Newly appointed National Organiser of the Sri Lanka Freedom Party Susil Premajayantha yesterday said former President Mahinda Rajapaksa had not yet made known whether he would contest a parliamentary election again though several UPFA constituents at a public rally in Nugegoda on Wednesday evening demanded that Rajapaksa be nominated the prime ministerial candidate of the alliance.

    “It is too early to nominate the Prime Ministerial Candidate, but they would always be ready to consider the opinions of the constituent parties,” he said.

    Commenting on the rally held under the theme ‘Make Mahinda PM’ jointly organised by the MEP, DLF, NFF and Pivithuru Hela Urumaya, Premajayantha said it had been a successful rally.

    Premjayantha said the Nugegoda rally had jolted the UNP and not the SLFP.

    Answering a query, Premajayantha said that the SLFP had not tried to prevent any of its MPs, Chief Ministers, Provincial Councillors or Local Government members from participating at the Nugegoda rally and there were no pos action against the participants.

    The former Minister said that he would go from electorate to electorate to organise the SLFP grassroots level organisations and strengthen the ties among constituents of the alliance in his capacity as UPFA General Secretary.

    “We will produce our own Prime Minister as already President Maithripala Sirisena is the leader of the SLFP,” Premjayantha said, adding that their party was the only strong party that had two former Presidents and two former Prime Ministers as party patrons while the incumbent President was leading it.

    Opposition Leader Nimal Siripala de Silva said that 12 committees had already been appointed to the party’s general election campaign and party leader Maithripala Sirisena would meet electoral organisers shortly.

  2. Senevirath Says:

    බස් වලින් ආවත් චාර් වලින් ආවත් ඇවිදගෙන ආවත් ඒ ආවේ රනිල් චන්ද්‍රිකා ද්‍රෝහීන්ට විරුද්ධ මහින්දට කැමතිඅ යය් අසාද්‍ය සාලිට වගේ රාජිතටත් අසාද්‍ය වෙලා

  3. Senevirath Says:

    නිවැරදි කිරීම ”’කාර් වලින් ….

  4. Dr.K Says:

    නුගේගොඩට ගලා ආ ජන ගංගාව රට පුරා දෝරේගලන, රටේ ස්වෛරී බව හා අකණ්ඩ තාව රැක ගැනීම වෙනුවෙන් පෙළගැසෙන මහා ජන ගංගාවෙන් සුළු කොටසක් බවට සැක නැත. මෙය හෑල්ලුවට ගෙන කතා කළහැක්කේ හදිසියේ නින්දෙන් අවදිවූ මොළේ කචල් අයෙකුට පමණි .

  5. Independent Says:

    නුගේගොඩට ආපු සෙනග අල්ලාගෙන , එය ලක්‍ෂ 5 ක් යයි අමූලික බොරු කියා හෝ බස් වලින් ඇද්දාය යි බොරු කියා මහින් ද ගොනාට බැඳගෙන රජවෙන්න ඉන්න කට්ටියට රැවටී එතුමා තවත් අමාරුවේ දාන්න හදන්න එපා කියන එක මගේ ඉල්ලීමයි.
    එතුමාව කිසිකලකත් දං ගෙඩි වලට යවන්න තරම් බූරුවෝ ලංකාවේ නැත​. ඇමරිකාවේ නම් ඉඳිති.

    එතුමා එක දිනක් වත් අහවලා මරන්න​, ගැණු දූෂණය කරන්න​, සුදු කොඩී අරන් එන එවුන් මරන්න කියා අණ කලේත් නැත​. එහෙම් කළා කියා කවදාවත් ඔප්පුකිරීමටත් බැරිය​.

    නලින් මහතාත් මෙවැනි බොරු තර්ක පුනපුනා කීම ඉතාම වැරදියි.

  6. mahesh fernando Says:

    Dear patriotic Sri Lankan citizens,
    Organize and get together to kick the Unpatriotic UNP out of parliament forever.

    Mahesh Fernando From CA USA

  7. ranjit Says:

    Professor,very words you are using in your articles should be read by every single person in this country specially the Sinhalese,to do that we need to print and distribute in villages,towns and cities around the country. If not we should start now itself to educate people about the danger we have to face if these UNP thugs continue to Govern this country.

    I cannot understand why the S.L.F.P. with a majority is helping this traitor Ranil and his gang when they harass all the S.L.F.P.er’s from the day one MY3 became the President. For ten years these liars didn’t support or vote on any issue during the tenure of former Govt. They never supported their development work,they never participated in any Govt sponsored activities, they always tried to sling mud and accuse them for something. People should understand their evil minds,how they acted during the war,how they sacked thousands of workers from their jobs,how they massacred thousands of innocent youths in this country,how they helped LTTE terrorist movement,who were their friends during the war and now what are their plans and with whom they are making deals etc. Is American coming to help us or destroy us? We must think all these important issues not only the stomach and about their bogus lies. Traitor Ranil thinks we are just fools in paradise to believe his chewing gum stories. If S.L.F.P. truly love this country as they say and can Govern better than UNP they must forget about their pension or other benefits and start organizing to oust this American backed Govt immediately and make them to call for a General election as soon as possible.

    If you need a leader with charisma and guts then we have to bring back the former President Mahinda Rajapksa or Gotabaya Rajapksa if not sorry S.L.F.P.won’t make it. Nimal Siripala is a puppet same like MY3 and we won’t be able to become wonder of Asia with these kind of people Governing our Motherland.

  8. NAK Says:

    Indipendant,
    Gaddafi was murdered with out proving any charge against him so was Saddam Husein. what gurantees do you have that it will not be so for Mahinda Rajapakse among these traitorous carnivores.
    We know that he has not committed any of the crimes that he is accused of but for them all they need is to get their dirty hands on him just to finish him off.
    We can not just allow that to happen.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress