සෝමවංශ හා ජ වි පෙ වෙස්මුහුණ
Posted on April 18th, 2015

නලින් ද සිල්වා

සෝමවංශ ජ වි පෙරමුණෙන් ඉවත්වීම මෙරට දේශපාලනයට බලපාන කරුණක් නොවන නමුත් ඒ හේතුවෙන් ජ වි පෙ තවදුරටත් හෙළිදරවු වීම අප නොසලකා හැරිය යුතු නො වේ. ඒ සම්බන්ධයෙන් ජ වි පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමීන් කියන්නේ ජ වි පෙරමුණේ අද ඇත්තේ දකුණ හා දකුන අතර අරගලයක් බව ය. ඔවුන්ගේ තඹ දොයිතුවකටවත් වැඩක් නැති මාක්ස්වාදය අනුව ජ වි පෙරමුණේ ජාතිවාදී දකුණ හා ලිබරල්වාදී දකුණ අතර අරගලයක් ඇති වී තිබේ. ඔවුන්ට අමතක වන කරුණ නම් වමක් යනුවෙන් අද ඉතිරි වී ඇත්තේ ඇමරිකාවේ ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්‍ෂය හා එංගලන්තයේ එඩ් මිලිබෑන්ඩ්ගේ කම්කරු පක්‍ෂයත් බටහිර රටවල එවැනි රෝස සමාජවාදීනුත් පමණක් බව ය. එහෙත් ඒ පක්‍ෂ සියල්ල ධනවාදී මිස සමාජවාදී පක්‍ෂ නො වේ.  

කසිකබල් මාක්ස්වාදය යල්පැන ඇතැයි මම නො කියමි. එය කිසි දිනෙක වලංගු නොවූ පට්ටපල් බොරුවක් පමණකි. මා මෙහි දී පට්ටපල් බොරු යන්න යොදා ගන්නේ බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද සම්බන්ධයෙන් ඒ වචන යොදා ගන්නා ආකාරයට ය. කාල් මාක්ස් සමාජ විකාශය තේරුම් කිරීම සඳහා වියුක්ත පංති සංකල්පයක් සහිත ව පංති අරගලය යන වියුක්ත ප්‍රවාදය හෙවත් කතන්දරය නිර්මාණය කළේ ය. එය කිසි දිනෙක වලංගු නොවූ නමුත් සාර් පාලනය පහ කිරීම සඳහා ලෙනින් මාක්ස්වාදී සංකල්ප මතුපිටින් යොදා ගත්තේ ය. එහෙත් රුසියාවේ මාක්ස්වාදයක් ජයග්‍රහණය නො කළේ ය. එය එසේ වී නම් රුසියාවේ බිහි වූ මාක්ස්වාදියා වූ ලියොන් ට්‍රොට්ස්කි බලයෙන් පහ නොකෙරෙනු ඇත. රුසියාවේ ඊනියා කම්කරු පංතියක් බලයට පත් නො වී ය. ලෙනින් මාක්ස්ගේ අර්ථයෙන් මාක්ස්වාදියකු වී යැයි කිව නො හැකි ය. 

ජ වි පෙ මුල සිට ම ඔවුන්ට ම ආවේණික වූ මාක්ස්වාදයක් මත පදනම් විය. එය කිසිසේත් ම මාක්ස් ට්‍රොට්ස්කිවාදය නොවේ. එය ලෙනින් ස්ටැලින්වාදයේ (මාක්ස්වාදයේ දරිද්‍රතාව කියවන්න) මාඕ ප්‍රභේදයෙන් ෂන්මුගදාසන් උකහාගත් ප්‍රවාදයක් විය. විජේවීර එය අවස්ථාවාදී ව ජතිකත්වයක් සමග මිශ්‍ර කළේ ය. එහෙත් එහි බර තිබුණේ ජ වි පෙරමුණට ආවේණික වූ මාක්ස්වාදයට ය. ජ වි පෙ තම මාක්ස්වාදය හා ව්‍යාජ ජාතිකත්වයක් අතර දෝලනය වූයේ වැඩි බර මාක්ස්වාදයට එක්වන අයුරෙන් ය. 

සෝමවංශ අමරසිංහ ලංකාවේ හෝ පිටරට හෝ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා ඇතැයි නො සිතමි. එසේ ඉගෙනුමක් ලබා නැත්නම් එය ඔහුගේ යහපතට හේතු විය. විජේවීරගේ සිට ජ වි පෙ නායකයෝ බොහෝ විට විශ්වවිද්‍යාල උගත්තු වූහ. අද ද ජ වි පෙරමුණට මෙන් ම පෙරටුගාමීන්ට ද නායකත්වය සැපයෙන්නේ විශ්වවිද්‍යාල මගිනි. විශ්වවිද්‍යාල උගත්තු බොහෝ විට සිංහල බෞද්ධ විරෝධී බටහිර අධ්‍යාපනයකින් ඔළුව කුරුවල් කර ගත්තෝ වෙති. ඔවුන් ගමෙන් පැමිණියත් ගැමි උගත්තු නො වෙති. ඔවුන්ට නගරයෙන් පැමිණි අයට ද වඩා හීනමානයක් ඇත. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට මේ කොයි කවුරුත් කුපිත වෙති. ඔවුන්ට බටහිර දැනුම අම්ම අප්පගෙන් ලැබුණු බූදලයක් මෙනි. 

සෝමවංශ අමරසිංහ ජ වි පෙරමුණෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් මත යැයි පෙන්වීමට ජ වි පෙ නායකයෝ අසාර්ථක උත්සාහයක යෙදෙති. මෙහි ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකි. සෝමවංශ හෙළිදරවු කරන්නේ ජ වි පෙරමුණේ ව්‍යාජ ජාතිකත්වය ය. අනුර කුමාර දිසානායක යටතේ ජ වි පෙ අද එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය බවට පත් වී ඇත. (එහි නායකයන් තරුණ නොවීම වෙන ම ප්‍රශ්නයකි.) ඔවුන්ගේ ජාතිකත්වය හා රවි කරුණානායකගේ හා රනිල්ගේ ජාතිකත්වය අතර විශාල වෙනසක් නැත.

පොල්තෙල් පහන පත්තු කරන විට පන්සිල් ගන්නා විට ජ වි පෙ නායකයන් කැමරාවට පසුපස හරවා ගන්නේ යැයි සෝමවංශ කියන්නේ ජ වි පෙරමුණේ ව්‍යාජ ජාතිකත්වය හෙළිදරවු කරමිනි. ජ වි පෙ නායකයන් සෝමවංශට බිය වන්නේ තම හිනමානය ඔහු අතින් හෙළිදරවු වන බැවිනි.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 18

8 Responses to “සෝමවංශ හා ජ වි පෙ වෙස්මුහුණ”

  1. Geeth Says:

    Dr Nalin,
    “සෝමවංශ අමරසිංහ ජ වි පෙරමුණෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් මත යැයි පෙන්වීමට ජ වි පෙ නායකයෝ අසාර්ථක උත්සාහයක යෙදෙති.”
    ඒ විතරක් නෙවේ, අද අනුර කුමාරට චරිත සහතික දීමට ඉදිරිපත්වී ඇත්තේ වෙනින් කවුරුත් නොව, යු ඇන් පී එකේ ලෙනින් මොරායස් වන චන්ඩි ජොං ගොයිය හෙවත්, රනිල් ගේ පස්ස ඉඹින වත්තල පච්ච ජොං ය. අනේ අනිච්චන් අනුරට ගිය කළ! අනුර ජවිපෙ පොදු පෙරමුණ සන්දානයෙන් කඩාගෙන යන්න පෙරමුණේ හිටපු පණු න්‍යාය වාදියෙක්. මිනිහගෙ මුණ බැලුවම චරිතේ මොකද්ද කියල කියන්න පුළුවන්. අවුරුදු ගානකට ඉස්සෙල්ල ජවිපෙ ගැන මම ඇඳපු කාටූන් එක අදටත් ගැලපෙනවා.

  2. Geeth Says:

    Please see this cartoon.

    http://www.lankaweb.com/news/items/2010/04/19/nelli-kaley/

  3. Hiranthe Says:

    I think this is a part of the West’s plan. If MR comes up with the idea of scrapping 13A, there will be a huge flood of positive response from the voters for him. To share a part of that, Somawansa will declare that he will abolish the PC system and scrap 13A.. JVP will support him in the election as a separate party.

    SLFP votes and patriotic votes which are supposed to go to MR will get divided again when JVP say “Hora… Hora ” on top of their voices. Finally UNP will come to power. JVP is planning from now on. I strongly feel that this is a part of the Yahapalanaya plot by the West. JVP and Somawansa are doing exactly what their pay masters advised them to do… nothing else, nothing more..

  4. Geeth Says:

    Hiranthe,
    To find out if JVP and Somavansa actually planing a plot designed by the west to divide MR’s votes, what MR should do is to invite Somavansa for a coalition to abolish 13th and defeat the colonial trap together. If Somavansa says no, then we can assume that Somavansa is a part of a grand conspiracy as you have explained.

    My3’s revelation of the pressure creates more ripples. It has proved all previous allegations that earlier thought to be just speculations. Now all these speculations have proven to be true and real because the words have come from the horse’s mouth. I know how western diplomats feel about My3 after this revelation. From their point of view, this is utterly uncalled-for. They must be thinking that the guy is much stupider than they thought.

    So this is the best time for a new coalition of rebel JVP and rebel SLFP to get together. If Somavansa wants to repay the damages he has caused to the nation for last few decades, this is the best time for him to join hands with MR and do the same like what they did in 2005 and save the nation before he dies.

  5. AnuD Says:

    If you read western philosophy it shows how the theory of socialist Communist theory is evolving. Finally, Karl Marx was German and did Lenin was england when he read it ?

    IF the west stopped bashing Communism it would have eventually degraded on it’s own. Now, they do the same thing with Islam.

  6. Independent Says:

    Australia is the biggest socialist country in the world.

  7. Independent Says:

    කෙසේ වෙතත් හොඳ මිනිසුන් ටිකදෙනාගේ චරිත ඝාතනය කිරීමේ ව්‍යාපාරයක් අබෞද්ධ බලවේGඅ දියත් කොට​ඇත​. මෙය ජාතිකත්වයේ මුවාවෙන් සිදුවෙයි.
    සෝමවංශ නම් මිනීමරුවා පවා අද සමහර සිංහල බෞද්ධ සටන්කාමියන්ට හොඳ අයෙක් වී ඇත​.

  8. Hiranthe Says:

    Geeth,

    Your suggestion is marvellous. It must be the best thing which can happen if Somawansa joins hand with MR to counter the JVP’s unfounded blames and attacks. True patriots within JVP cadres will join force with the rest of the patriots.

    I would love to see My3 be impeached and MR becomes the President again before 19A comes into ratification.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress