ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීම.
Posted on April 22nd, 2015

රියර් අද්මිරාල් ආචාර්ය සරත් පී. වීරසේකර VSV, RWP, USP, Ndc(India), Psc(USA), DISS (Hawaii).

2015/04/10

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

 අතිගරු ජනාධිපතිතුමනි,

 ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීම.

යොමුව – අද දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අතිගරු ජනාධිපතිතුමා සමඟ කළ සාකච්ඡාව.

(1.)       උක්ත සාකච්ඡාවේදී ඔබතුමාදුන් උපදෙස් අනුව මීළඟ ආරක්ෂක මණ්ඩලයේ දී සාකච්ඡා කිරීම සඳහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කරුණු මේ සමඟ ඉදිරිපත් කරමි.

            (i). රජය විසින් ටැමිල්නෙට් වෙබ් අඩවිය නිදහස් කිරීම.

                        මෙම වෙබ් අඩවිය එල්ටිටීඊ ත්‍රස්ථවාදී සංවිධානයේ ත්‍රස්ථ කටයුතු  සාධාරනීය කළ වෙනම ඊලාම්  රාජ්‍යයක් ගොඩනැගීමට උත්සාහ කළ වෙබ් අඩවියකි. මෙයට පනවා තිබූ තහනම ඉවත් කිරීම තුළින් නැවත උතුරේ දෙමළ තරුණ තරුණියන්ගේ සිත් දුෂ්‍ය කරවන, සිංහල ජනතාව/ හමුදාව කෙරෙහි වෛරයක් ඇතිකරවන ව්‍යයාමය නැවත පනගැන්වී ඇති අතර, එය ජාතික සමගිය/සංහිඳියාවට මහත් වූ තර්ජනයකි. ( අද දින  වෙබ් අඩවියේ ඇත්තේ  ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් විසින් උතුරේ සිදු වූ දෙමළ සංහාරය”  පිළිබඳ වාර්ථාව යාපනයේ දී එක්සත් ජාතීන්ගේ සංගමයේ නිළධාරියෙකුට භාරදුන් බවයි.) එබැවින් ටැමිල් නෙට් වෙබ් අඩවිය, ආරක්ෂක අමාත්‍යාංශය විසින් පත් කරන ලද බුද්ධි කණ්ඩායමක් විසින් ඉතා හොඳින් නිරීක්ෂණය කොට එමගින් රාජ්‍යවිරෝධී සහ ජාතික සංහිඳියාව බිඳෙන අයුරින් අදහස් ප්‍රකාශ කරන්නේනම් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කරමින් ව්‍යවස්ථාවේ (6) වන සංශෝධනයට අනුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම යෝජනා කරමි 

(අද දින තමිල්නාඩුවේ (වෙන්තර්) රූපවාහිනි නාලිකාවේ ප්‍රභාකරන්ගේ පුතාගේ කථාව ඇතුලත් පුලිපාර්වේයි නැමති චිත්‍රපටය විකාශනය කරන ලද අතර, එය යාපනයේ ද ඩයලොග් ටීවී හරහා විකාශනය විය. මෙවැනි විකාශන උතුරේ දෙමළ ජනතාවගේ සිත්සතන් දූෂ්‍ය කරන අතර, ජාතික සංහිඳියාවට ඉතාමත් අහිතකර ලෙස බලපාන සාධක වේ.)

            (ii). එල්.ටී.ටී.ඊ හිතවාදී පුද්ගලික / රාජ්‍ය නොවන සංවිධාන  තහනම සහ උතුරේ සංචාරක

තහනම ඉවත් කිරීම

            පසුගිය රජය විසින් උක්ත තහනම පැනවූයේ අන්තර්ජාතිකව තවදුරටත් එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ට උතුරේ තවදුරටත් ඔවුන්ගේ බෙදුම්වාදී ක්‍රියාවන්හි යෙදීමට ඇති අවස්ථා අවම කිරීමටය. මෙම රජය විසින් එම තහනම ඉවත් කළ හෙයින් එවන් පුද්ගලයින්ගේ/සංවිධානවල උතුරේ ක්‍රියාකාරිකම් දැඩිව නිරීක්ෂණය කිරීමට ඉහත (i) අනුව  කණ්ඩායමක් පත් කළ යුතු අතර, ඔවුන් විසින් බෙදුම්වාදී අදහස් ප්‍රචාරය කරන බවට තහවුරු වුවහොත් ඉහත සඳහන් අයුරින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට යෝජනා කරමි. 

(iii). ද්විත්ව පුරවැසිකම ලබාදීම

           රජය විසින් ද්විත්ව පුරවැසිකම ලබාගැනීම සඳහා තිබූ සීමාවන් ඉවත් කර ඇතැයි දැනගැනීමට ලැබී තිබේ. විශේෂයෙන්ම රජය / එක්සත් ජාතීන්ගේ සංගමය හෝ වෙනත් රටක් විසින් තහනම් කොට ඇති ත්‍රස්ථ සංවිධාන සමඟ කිසිම අයුරකින් හෝ සම්බන්ධයක් ඇති අයට සහ ආරක්ෂක අමාත්‍යංශය විසින් ත්‍රස්ථවාදී සහ බෙදුම්වාදී කණ්ඩායම් වලට ඍජුව සහ වක්‍රව සම්බන්ධ යැයි තහවුරු කර තිබෙන කිසිවෙකුටත් මාතෘ භූමියේ නාමයෙන් ද්විත්ව පුරවැසිකම් ලබා නොදියයුතු යැයි නිර්දේශ කරමි.

අයදුම් කරන්නා විසින් පසුගිය කාලවලදී තම මාතෘභූමිය වෙනුවෙන් කරන ලද සේවය. ඥාතීන්ට එවන ලද මුදල්, මාතෘභූමියේ භෞමික අඛන්ඩතාවය සුරක්ෂිත කිරීමට තමන් දැනට ජීවත් වන රට තුළ දී දැක්වූ ආකල්ප, පසුගිය කාලය තුලදී ලංකාවට පැමිණි වාර ගණන යනාදිය ද ද්විත්වපුරවැසිකම ලබා දීම සඳහා සැළකියයුතු කරුණු වේ. 

මාතෘභූමියට කිසිම ලැදියාවකින් තොරව, ද්විත්ව පුරවැසිකම ලබාගන්නේ හුදෙක් මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමට පමණක් නම් එවන් පිරිසක් රටේ නායකත්වය තෝරාගැනීමේ මැතිවරණයකදී  තීරණාත්මක සාධකයක් නොවිය යුතු අතර, වෙනත් රටවල් ද්විත්ව පුරවැසිකම ලබාදෙන කොන්දේසි ද අධ්‍යනය කිරීම ද යෝජනා කෙරේ. 

(iv).     අධිආරක්ෂක කලාපයේ ඉඩම් නැවත ලබාදීම

           මෙම රජය විසින් අධිආරක්ෂක කලාපයේ ඉඩම් නැවත පදිංචිය සඳහා දෙනු ලැබේ. එසේ ඉඩම් සාමන්‍ය ජනතාවගේ පදිංචිය සඳහා ලබාදෙන විට නැවත කලබලකාරි” තත්ත්වයක් ඇති වුවහොත් ආරක්ෂක හමුදාවන්ගේ ආරක්ෂාවට හානිදායක නොවන අයුරින් එසේ කිරීම නිර්දේශ කරමි. උදා (i) පලාලි ගුවන්තොටුපල අවට ජනතාව පදිංචි කළහොත් හදිසි අවස්ථාවක දී ගුවන් හමුදා යානයක් ගොඩබැසීමේදී ආර්.පී.ජී./මොටාර් තර්ජනයකට භාජනය විය හැක. උදා (ii) ත්‍රිකුණාමලයේ සාම්පූර් නාවික හමුදා කඳවුර සහ ඒ අවට ඇති නාවික අනුඛන්ඩ මගින් වරායට අවතීර්ණ වන නෞකා/යාත්‍රා නිරීක්ෂණය කරන අතර, සැකසහිත යාත්‍රා පරීක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගනි. එමගින් ත්‍රිකුණාමල වරායේ ආරක්ෂාව තහවුරු වේ. එසේම අවතැන් වූ ජනතාව යලි පදිංචි කිරීම ද රජයේ ප්‍රධාන වගකීමක් වේ.  එම කඳවුරු ඉවත් කිරීම / එහිම වෙනත් තැනක ස්ථාපිත කිරීම සහ එම ස්ථාන වල සිවිල් වැසියන් පදිංචි කිරීම තුළින්, මතු ඇතිවිය හැකි කලබලකාරී තත්වයන් තුල වරායේ ආරක්ෂාවට එය කෙසේ බලපාන්නේ දැයි නාවික හමුදාවෙන් වාර්තාවක් ගෙන එම නිර්දේශ අනුව කටයුතු කළ යුතු යැයි යෝජනා කරමි. අවතැන් වූ පුද්ගලයන් හට තමන් ජීවත් වූ ස්ථානම නොව ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබාදීමෙන් මෙම ප්‍රශ්නය නිරාකරණය වේ. කඩිනම් මහවැලි ව්‍යාපෘතියේ දී තෙල්දෙණිය අවට පාරම්පරිකව ජීවත් වූ  දහස් ගණන් ජනතාව වෙනත් ස්ථාන වල පදිංචි කළ හැටි අපේ මතකයට නැගේ. එසේම පනාගොඩ යුදහමුදා කඳවුර ස්ථාපිත කරන විට ද එම භූමියේ ජීවත් වූ ජනතාවද වෙත් ස්ථාන වල පදිංචි කළ බවද අප දනිමු. ජාතික ආරක්ෂාව සහ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විවිධ අවස්ථා වල ජනතාව කැපවීම් කළේ  ඒ අයුරිනි.

(v). තමිල්නාඩු අනවසර සංක්‍රමණිකයින්

    සීපා ගිවිසුම අත්සන් කරන්නේනම් පුහුණු / නුපුහුණු ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවෙන් පමණක් ලබාගත යුතු බව සහ වෘත්තීමය සේවකයින් අවශ්‍යනම් පමණක් ඉන්දියාවෙන් ගෙන්වාගත හැකි බව ගිවිසුමේ සඳහන් කළ යුතු බව යෝජනා කරමි. එසේ නොවුවහොත් ඉතා ලාභ/සුළු මුදලකට ඉන්දීය තැමිල්නාදු දෙමළ සේවකයින් පැමිණීම හේතුවෙන් ලංකාවේ තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා අහිමිවී මතුවට විශාල සමාජ ප්‍රශ්ණයක් ද මතුවීමට ඉඩ ඇත. තවද මෙසේ පැමිණෙන ඉන්දීයයන් පෙර කල වතු කම්කරුවන්සේ රටේ පදිංචි වී පුරවැසි කම පවා ඉල්ලා සිටීමට ඉඩ ඇති අතර, සමස්ථයක් වශයෙන් ගත් කල වෘත්තිකයන් මෙන් නොව තමිල්නාදු සාමාන්‍ය ශ්‍රමිකයන් මෙහි පැමිණීම රටේ ආරක්ෂාවට ද තර්ජනයක් වීමට ඉඩ තිබේ.(යාපනයේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව කොපමන දැයි සංගණනයක් කළ යුතුව ඇත. තමිල් චෙල්වම් වරෙක එල්.ටී.ටී.ඊ කණ්ඩායමේ 35%ක් තමිල්නාදු දෙමළ තරුණයන් යැයි පවසා ඇත. ඔවුන්ගේ මරණ සංඛ්‍යාව කොපමණ දැයි තේරුම් ගත නොහැක්කේ එබැවිනි.)  

(vi). ඉන්දීය ගල්අඟුරු බලාගාරය – සාම්පූර්

           මෙම ගිවිසුම අත්සන් කරන්නේ විදුලිබල මණ්ඩලය සහ ඉන්දීය පුද්ගලික සමාගමකි. සාම්පූර්හි ඉන්දීයයන් ගැවසීම ත්‍රිකුණාමල වරායට ඇතිවන්නාවූ බරපතල තර්ජනයකි. එය එසේ දැයි නාවික හමුදාවෙන් වාර්තාවක් ගතයුතු යැයි යෝජනා කරන අතර, කිසිම විදේශීය සමාගමකට කිසිම ව්‍යාපාරයක් ත්‍රිකුණාමලය වරාය අවට ආරම්භ කිරීමට අවසර නොදියයුතු යැයි යෝජනා කරමි.

(02).                අතිගරු ජනාධිපතිතුමනි, දශක 30ක යුද්ධය නිමා වුවද එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ඔවුන්ට හිතවාදී දේශිය/විදේශිය බලවේග  තව දුරටත් ක්‍රියාත්මක වන අතර, ඔවුන් උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අදහස අත්හැර නොමැත. තමන්ට ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම් වලින් ලබාගැනීමට නොහැකි වු දේ කුමන්ත්‍රණකාරී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලියන් තුලින් ලබාගන්නේ නම් එය අප ලබන පරාජයකි. එබැවින් ඔවුන් තමන්ගේ අවසාන අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා එසේ ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වනවාද යන්න නිරතුරුවම විමසිලිමත්ව සිටිය යුතු කරුණකි.

(03).                ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 7 වන වගන්තිය උල්ලංඝනය කරමින් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීමට අනුමැතිය ඉල්ලීම  උක්ත කුමන්ත්‍රණයේ එක් අංගයක් සේ මා දකිමි. ( දෙමළ පරිවර්ථන ව්‍යවස්ථාව අනුව දෙමළ භාෂාවෙන් ගැයීමට අවසරය ඇතත් එයින් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින් එවන් අනනුකූලතාවයක”දී සිංහල ව්‍යවස්ථාව අනුව ක්‍රියාකළ යුතු බව ව්‍යවස්ථාවේ 23.1 වගන්තියෙන් පැහැදිලි කර ඇත).

ශ්‍රී ලංකා මාතා” යන ජාතික ගීය දෙමළ පරිවර්ථන ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙන අයුරු පිළිබඳව පාර්ලිමේන්තුවේ කථානායක තුමාගෙන් වාර්තාවක් ලබාගෙන පාර්ලිමේන්තුවට අවශ්‍යනම් ව්‍යවස්ථානුකූලව එය 2/3 ඡන්දයෙන් අනුමත කොට ජනමත විචාරණයකින් පසු පමණක් ක්‍රියාත්මක කරන්නේනම් රටේ කිසිවෙක් මේ සම්බන්ධයෙන් දොස් නොපවරනු ඇත. මන්ද වර්ථමාන තත්වය තුළ ශ්‍රී ලංකා තායේ” යනුවෙන් ජාතික ගීය ගායනා කරන සෑම වාරයක් පාසාම ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 7 වන වගන්තිය උල්ලංඝණය වන බැවිනි. 

                       ව්‍යවස්ථාවද උල්ලංඝනය කොට දෙමළ බසින් ජාතික ගීය ගැයීමට ඉඩ දීම රටේ භෞමික  අඛන්ඩතාවයට එල්ල වන තර්ජනයක් ලෙස මා දකිමි. එවන් වෙනස් ජාතික ගීයක් ගයන්නේ තිස්වසරක් යුද්ධ කොට මුදාගත් වෙනම පාලනයක් තිබූ උතුරු ප්‍රදේශයේ බැවිනි. එය උතුර මුදාගැනීමට දිවිදුන්/ආබාධිත වූ රණවිරුවන්ට කෙරෙන අගෞරවයක් මෙන්ම වර්තමානයේ සේවය කරන හමුදා සාමාජිකයන්ගේ ද  කනස්සල්ලට  හේතුවක් වී ඇත.

එබැවින් මේ සම්බන්ධයෙන් ද ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් පී. වීරසේකර VSV, RWP, USP, Ndc(India), Psc(USA), DISS (Hawaii).

(පාර්ලිමේන්තු මන්ත්‍රී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය)

6 Responses to “ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීම.”

  1. Independent Says:

    ඉතාම කාලෝචිත ලිපියක්. ඔබතුමාට ස්තූතියි.

    යම් යම් සැක පහලවී තිබුනත් සිංහල ජනයා මෙතුමා ජනපති කිරීමට චන් දය දුන්නේ මේවා කිරීමට නොවේ. දූෂකයන්ට අච්චුකර යහපාලනයකට සිහිනමවමිනි. එය සිනයක්ම පමනක් කර​, එකවාරයක් පමණක් මට රජු උනාම ඇතියයි කියමින් මෙවඇනි ව්‍යසන කොට මෙතුමාට සැනසිල්ලේ මිය​ඈදීමට නොහැකිවනු ඇත​.

  2. Senevirath Says:

    සරත් වීරසේකර තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ රට ජාතිය බේරාගැනීමේ සටනටයඔහු ගේ ජනප්‍රිය භාවය දැනගත් මහින්ද සරත් ව පාර්ලිමේන්තු අසුනකට ඉදිරිපත් කර තම ගොඩ වැඩිකර ගත්තා මිස ඔහුගේ දැනුමෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නැත රට බෙදන ෆෙඩරල් ජී එල් රාජිත දිලාන් වැනි උන් ලොකු ඇමතිකම් කරන විට සරත් ලා ට වුයේ නිකම් බලා ගැන ඉන්නටය එහෙත් ඔහු චිත්‍රපට කවි හා දේශනා මගින්ද සිංහල ජනතාව වෙනුවෙන් නොකඩවා වැඩ කළේය මහින්ද දැන්වත් ජාති හිත්ය්ශීන් කවුදය් දන ගෙන වැඩ කිරීමට ඉටා ගත යුතුය
    සරත් අප වෙනුවෙන් ඉදිරියටම යන්න

  3. Indrajith Says:

    Senevi, as I remember, closer to the end of his second term, MR made Dr. Sarath Weerasekera the deputy minister of labour. Sarath is a true patriot! I can still remember how he wrote criticising Vimukthi Jayasekera’s Sulanga Enu Pinisa which was produced targeting international awards at the cost of SL forces good image.

  4. Jag Says:

    Fully agree with Mr.Senevirathne and Indrajith. Dr. Weerasekera is a true son of the land, a real patriot, an inspiration to all of us. As Mr.Senevirathne said, MR should listen to patriots like Dr.Weerasekera without further messing up. My heartiest wishes to Dr. Weerasekera. May the Blessings of the Triple Gem always be with you.!

  5. Senevirath Says:

    ඉන්ද්‍ර
    ඇත්ත අන්තිමේ දී නියෝජ්‍ය ඇමතිකමක් දුන්නා තමය් . නමුත් මම කියන්නේ ඊට වඩා පුළුල් දෙයක් කවදාවත් මහින්ද සරත් ගේ ජාතික වාදී අදහස් ගැන සැලකුවේ නැහැ මහින්ද ක්‍රියාත්මක කලේ ජී එල් දිලාන් රාජිත වාගේ අයගේ අදහස් තම ජීවිතයට තර්ජනයක් ගෙන එන ත්‍රස්තයන් විනාශ කළා තමය සරත් කලේ පුද්ගලිකව මහන්සිවෙමින් අම්පාර පැත්තේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් වැඩ කිරීමය් ඇත්තටම සරත් ඔහුගේ පවුලේ අනිත් යටත් වඩා දේශ මාමකයෙක් . සරත් මහින්දගේ ලංගම උපදේශකයෙක් විය යුතුමය් අඩුගනනේ ඊළඟ වතාවෙවත් .

  6. Independent Says:

    සරත්ලාට කුඩම්මාගේ සැලකිලිවල වෙනසක් කවදාවත් ඔබේ දෙවියා යටතේ සිදුනොවෙනු ඇත​.
    ජාතිකත්ව ගීය ගයාගෙන් බටහිරනැටුම් නටන්න තමයි ඔය සූදානම​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress