සම්බන්‌ධන් මහතා ඉල්ලන “ඔක්කොම එකතුවෙන්න පුළුවන් හොඳ තීන්‌දුව”
Posted on September 9th, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

(ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්/මන්ත්‍රිණීන්ගේ අවධානය පිණිස ලියනු ලබන ශාස්ත්‍රීය ලිපි පෙළක 1 කොටස)

ඉහතින් උපුටා දැක්‌වෙන්නේ ආර් සම්බන්‌ධන් මහතා විපක්‍ෂනායක ධූරය ලැබුණු වහාම බීබීසී සිංහල සේවයට සිංහලෙන් කල ප්‍රකාශයේ කොටසකි. 1921 දී පොන්නම්බලම් අරුණාචලම් මහතා විසින් මැඩ්‍රාස් ප්‍රොවින්ස් එකේ හින්දු විරෝධී කොටස් ලන්ඩන් වලින් වෙනම රටක් ඉල්ලා සිටි කාලයේම, දෙමළ බෙදුම්වාදය නමැති විෂ බීජය, සුදු පාලකයින්ගේ ව්‍යංග හා රහස් අනුමැතිය ඇතිව ලංකාවේ රෝපණය කලායින් පසු, “රට බෙදන එකට අපි විරුද්ධයි, රට බෙදන්න දෙන්නේ නෑ” යයි ලොකු දෙමළ දේශපාලන නායකයෙක් සිංහලෙන්ම කිව්වේ 2015 සැප්තැම්බර් මාසයේය. අවුරුදු 82 ක් වයසැති ඔහු මේ කියන කතාව සද්භාවයෙන් භාර ගැනීම හෝ නොගැනීම නිල්, කොළ හෝ රතු පක්‍ෂ කණ්ණාඩියකින් තොරව කලයුතු දෙයකි.

ඔහු විසින් පමණක් නොව දැන් රටේ බලය ලබාගෙන ඉන්නා ජනාධිපති හා අගමැති විසින් කරණ කතාද ඔවුන්ගේ ක්‍රියා සමඟ සසඳා කිරා බැලිය යුතුය. ඔවුන් විසින් (1) සම්මුතිවාදී දේශපාලනය, (2) ලිච්චවි ක්‍රමය, (3) ග්‍රාම රාජ්‍ය පාලන ක්‍රමය මෙන්ම (4) ඒකීය රාජ්‍ය සංකල්පය ගැනද ප්‍රකාශ නිකුත් කර ඇත. ට්‍ර‌ැත් නතින් බට් ද හෝල් ට්‍ර‌ැත් එසේත් නැත්නම් ද ගුඩ්, ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි යන ආකාරයේ හැසිරීමක් නූතන කුහක හා වංක දේශපාලන ක්‍රමය තුල බලාපොරොත්තු විය නොහැකි වුවත්, සම්‍යක් ප්‍රයෝග නැතිව නහයට උඩින් වතුර ගලා ඒම වළක්වා ගත නොහැකි වුවත්, බලයේ ඉන්නා අනිත් පහල දේශපාලකයින් කෙසේ වෙතත් ජනාධිපතිගේ හා අගමැතිගේ ක්‍රියාකලාපය ගැන මාළු ටැංකියේ ඉන්නා මාළුන් දෙස මෙන් මහජනයා ඇස් ඇරගෙන බලා ඉන්නා බව නම් නිසැකය.

විශේෂයෙන්ම අමතක නොකළයුතු කැරුණක් වන්නේ පෙඩරල් ක්‍රමයට ප්‍රසිද්ධියේම ආවඩන හා “මේ යුද්ධය නම් කවදාවත්ම දිනන්නට බෑ” කියූ නිලධාරීන්, මන්ත්‍රීන්, ඇමතිවරු, පැරදුන දේශපාලකයින් හා සෙසු පිරිස් අද නැවත මෙම රජයේ වැදගත්, බලවත් තනතුරු වලට දමා තිබෙන බවය. උදාහරණ දෙකක් පමණක් දෙනවා නම්, මාක්ස්වාදී ලැයිස්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න හා ලංකාවට නැවත ඇවිත් ඉන්නා ප්‍රේමදාස ජනාධිපති යුගයේ පාස්කරලිංගම් යන නම් සඳහන් කල හැකිය. රාජිත සේනාරත්න ඇමති ලංකාවේ පෙඩරල් සීයා නම් මෙම රජයේ තිරය පිටුපසින් ඉන්නා චන්ද්‍රිකා මැතිණිය පෙඩරල් ආච්චීය. ඇගේ පසුගිය චෙල්වනායගම් අනුස්මරණ කතාව ඇත්තවශයෙන්ම ඇය ඇගේ පියාට දුන් දේශනයක් වැනිය.

එකම තැනැත්තාම වරින් වර කරණ එකිනෙකට පටහැනි කතාත්, යමෙකුගේ කතාව හා ක්‍රියාව අතර තිබිය හැකි පරස්පරයත් සම්බන්දයෙන් සිතන විට ඒ ගැන විශාල වගකීමක් සම්බන්‌ධන් මහතා මත පැටවේ. මෙය කැපී පෙනෙන්නේ මඩකලපුවේ අරුන් තම්බිමුත්තු වැනි පිරිසිදු, සිංහල-දෙමළ සම්බන්ධතා ගැන අව්‍යාජ අදහස් ඍජුව ප්‍රකාශ කරණ තරුණ දෙමළ දේශපාලකයෙකු සමඟ සසඳනවිටය. සම්බන්‌ධන් මහතාගේ පක්‍ෂයේත්, ඊට සම්බන්ද ඒබ්‍රහම් සුමන්තිරන් වැනි අය කරණ කතාවල උඩින් පෙනෙන හා යටින් සැඟවෙන අර්‍ථ නිසාත්, විග්නේෂ්වරන් භුමිකාව නිසාත්, අපක්‍ෂපාතී හා රටට ආදරය ඇති අයෙකුගේ සිතේ යම් ආතතියක් ඇතිවීම වැළැක්‌විය නොහැකිය. මීට එක් හේතුවක් නම් ලිට්ල් නව් ඇන්ඩ් මෝර් ලේටර් යන උපක්‍රමය රේල් පාරේ හෙමින් පහළට ඇදී යන කෝච්චියක් මෙන් පෙඩරල් පක්‍ෂය 1949 සිටම ප්‍රසිද්ධියේම ප්‍රකාශකර දියත්කල නිසාය. අඩු තරමින් පක්‍ෂයේ නමේ දෙමළ තේරුම හා ඉංග්‍රීසි තේරුම වත් එකම තේරුම නොවීය!

සම්බන්‌ධන් මහතා විසින් පැහැදිලි කලයුතු, මුහුණ දියයුතු හෝ ජය ගතයුතු අභියෝග රැසක්ම ඇත. එකක් නම් අයි.ටී.ඒ.කේ යන පක්‍ෂයේ නමය. දෙවන කරුණ නම් සිවාජිලිංගම් නම් පලාත් සභා මන්ත්‍රී කියන ඒකීය රාජ්‍යයකට නොව, ප්‍රාන්ත 3-5 ක් සහිත එක්සත් ලංකාවකට පමණක් ටී එන් ඒ එකට එකඟවිය හැකිය යන කරුණය. ලෝකයේ දෙමළ ජනතාවට වෙනම රටක් ලෝක සිතියමේ තිබිය යුතුය යන්න සාධාරණ ඉල්ලීමකි. එය ෆිජි දූපතේ, මැලේසියාවේ හෝ සිංගප්පුරුවේ හෝ ඉන්දියාවේ පිහිටුවා ගැනීමේ උත්සාහ ව්‍යාර්‍ථ විය. ෆිජි දූපතේ යුද හමුදා කුමන්ත්‍රණයක්ද සිදුවිය. උගන්ඩාවේ ඉඩි අමින් දැඩි තීරණයක් ගෙන හැම ඉන්දියානු ජාතිකයෙක්ම රටින් පිට කලේය.

ලංකාවේ නිල්-කොළ-රතු එකිනෙකා මරාගන්නා සිංහල දේශපාලනය ඉදිරියේ, ලංකාවේ එය පිහිටුවා ගත හැකිද යන බලාපොරොත්තුව වැඩිවී තිබීම ගැන සම්බන්‌ධන් මහතාට කෙළින්ම කළහැකි දෙයක් නැත. ඒ සඳහා ලංකාණ්ඩුවටද කෙළින්ම කළ හැකි දෙයක් නැත. නමුත් ඉන්දියාව විසින් චීන-ඉන්දියා යුද්ධයෙන් මතුවුන බලවත් දේශානුරාගය ඉදිරියේ දී කලාමෙන් (16 වන සංශොධනය, 1963), ඔහුටත්, ලංකාණ්ඩුවටත් මේ ලංකා ඊළම් සිහිනය බොඳකර දැමීමට හවුලේ කලහැකි බොහෝදේ ඇත.  එනම් එවැනි සිහිනයකට ඔක්සිජන් සපයන කාරණා ඉවත්කර දැමීමය. මෙයට එකඟ වනවාද නැද්ද යන්න උඩ සම්බන්‌ධන් මහතාගේ රටට ඇති ආදරය කරුණාව ප්‍රත්‍යක්‍ෂ වනු ඇත. ඔහු දෙමළ ජනයාගේ විපක්‍ෂනායකයාද නැත්නම් රටේ විපක්‍ෂනායකයාද යන්න මින් තීරණයවනු ඇත.  ඔහු තවත් අමිර්‌තලිංගම් කෙනෙක් නොවනු ඇත යන්න දැන් මුළු රටේම පැතුමය.

ඉතාම සරලව බලනවා නම් සිංහල හා දෙමළ භාෂා දෙක පාසැල් ළමයින්ට ඉගැන්වීමෙන් එක පරම්පරාවක් ඇතුලත (අවුරුදු 10-15 ක් තුල) මේ දෙවර්‍ගයේ සැක සංකා, පූර්‍වනිගමන (ප්‍රිජුඩිසස්) බොහෝසෙයින්ම ඉවත්‌වෙනු නිසැකය. මේ වෙනුවට ඉංග්‍රීසි භාෂාව මැදට දමන්නට අවශ්‍ය නැත. කුඩා කාලයේ සිටම සිංහල ජනයා සමඟ ජීවත්‌වූ, තමන්ගේ දුවලා දෙන්නාටම සිංහල බෑණාලා සිටින, බොහෝ ධනවත් සිංහලයින්ට හිමිනොවන වරප්‍රසාද භුක්තිවිඳි, සිංහල නොව දෙමළ විත්තිකරුවන් ඔහු ඉදිරියේ පෙනී සිටීමට පවා අධික භීතියකින් සිටියා කියා පැවසෙන ව්ග්නේශ්වරන් මහතා, දැන් රෑට කොළඹට එමින් දවල්ට යාපනයට යන ගමන් කියන, 1949 සිටම ලංකාවේ දෙමළ වාර්ගිකයින් සමූලඝාතනය කෙරෙමින් යනවා යන කතාවෙන් පෙනීයන්නේ යමෙක් සිංහල හා දෙමළ ඉගෙනගත්තාට පමණක් නොසෑහෙන බවය.

මේ හැමදේටම වඩා බලවත් බාධකයක් වන්නේ 1976 වඩුක්කෝඩෙයි ප්‍රකාශය හෝ තිම්පු ප්‍රකාශය හෝ ඔස්ලෝ සම්මුතිය, ෂුනාමි යාන්ත්‍රණය හෝ නොව 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සම්බන්‌ධන් මහතාගේ පක්‍ෂය ඉදිරිපත්කල චන්ද මැනිෆෙස්ටෝ එකේ කියා ඇති මූලික කරුණු හතරය.  ඒවා නම් (1) දෙමළ ජනතාවට ස්වයංපාලන අයිතිය ඇත (2) උතුරු නැඟෙනහිර පලාත් දෙක එක් කල යුතුය (3) ඒකීය වෙනුවට පෙඩරල් ක්‍රමයක් ඇතිකල යුතුය (4) යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්‍ශනයක් කල යුතුය යන කුළුණු හතරය. මවායි සේනාධිරාජා විසින් ඉහත අංක 4 පැහැදිලි කලේ දැන් විමර්‍ශන අවසාන නිසා දැන් අවශ්‍ය ජාත්‍යන්තර උසාවියක් ස්ථාපනය කිරීමය යනුවෙනි.  මෙවැනි දේට අමතරව සුමන්තිරන් මහතා ඉල්ලන්නේ ආපසු ගන්නට බැරි දේවල් දෙන ලෙසය. මෙවැනි පසුබිමක් යටතේ රටේ ජනාධිපති හා අගමැති විශාල අමාරුවකට වැටෙන්නේ, ආණ්ඩුවෙන් ගන්නා සෑම සාම පියවරක්ම ටූ වේ නොව වන් වේ ගමනක් සේ සිංහල ජනයාට පෙනී යාමය. අත් දෙකම නැතිව අත්පුඩි ගැසිය නොහැක යන කියමනට වඩා බැරෑරුම් තත්වයක් මෙහි ඇත්තේ ලංකා ව්‍යවස්ථාව තමන් පිලි නොගන්නා බව උතුරු පලාත් සභාවේ විග්නේශ්වරන් මහතා ඔහුගේ වින්නඹුව වූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට ඒ කාලයේම කියා තිබෙන නිසාය.

මෙම ලිපියේ ඉතාමත් කෙටියෙන් මෙවැනි කරුණු කීපයක් සඳහන් කලේ අතීතය හාරා අවුස්සා ප්‍රශ්න මතුකිරීමට නොව මේ දීගය කනවානම් කන්නට පුළුවන් වන්නේ වචන හරඹ, කෙස් පැලෙන හෝ නොපැලෙන අර්‍ථ නිරූපණ ආදිය දීමෙන් නොව සද්භාවයෙන් තමන්ගේ වැරදි, අඩුපාඩු හා නොමගයෑම් නිවැරදි කර ගැනීමෙනි. වෙනත් වචන වලින් කියනවානම් යථාර්‍ථය වටහා ගැනීමෙනි.

විපක්‍ෂ නායක, අගමැති හා ජනාධිපති යන තුන් දෙනා විසින් තේරුම් ගතයුතු දෙයක් නම් ලංකාවේ උතුරු හා නැඟෙනහිර පළාත් දෙක නැවත එකතු කිරීමට තැත්කිරීම රට පුරා ඉතා අමිහිරි ක්‍රියාවලට හේතුවිය හැකි බවය. මේ නිසා ඒකීය රාජ්‍යය, ලිච්චවි පාලනය හෝ දස රාජ ධර්‍මය ගැන කියමින් මහජනයාට ජේ ආර් යුගයේ ධර්මිෂ්ඨ සමාජය යළි යළිත් මතක් කර දෙනවා වෙනුවට, ලංකාවේ වෙන කිසිවෙකු නොව මේ තුන් දෙනා විසින් කලයුතු දේ නම් සම්මුති දේශපාලනය නම් සංකල්පයට විද්‍යාත්මක පදනමක් දී මේ දිවයින කැබළිකිරීමට හැකියයි යම් කොටසකට සිතීමට රුකුල් දෙන සාධක මකා ඉවත් කර දැමීමය. මෙහිදී උපකාර වන්නේ භූගෝල විද්‍යාත්මක, ස්වභාවික පරිසරය (ඉකොලොජි) හා බුද්ධාගමේ මූලික හරය වන මධ්‍යම ප්‍රතිපදාවය. මෙම හරය, නූතන බටහිර ලෝකයේ ප්‍රචලිත රීසනබල්නස් නමැති සංකල්පයමය. මෙම සංකල්පය ඉන්දියාවේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ හා මැලේසියාවේ ක්‍රියාත්මක වන අන්දම ඩිස්ක්‍රිමිනේෂන් විත් රීසන් (1997) යනුවෙන් ආචාර්ය උපාධි නිබන්ධනයක් ලියූ දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන දේවනේසන් නේසයියා විසින් පෙන්වාදී ඇත.

මෙම විද්‍යාත්මක පදනමක් ලබාදීමේදී අදට ඉතාමත් වැදගත් කරුණක් නම් 1832 දී යුදමය හා යටත් විජිතය ගසා කෑමේ අරමුණින් 1832 දී කෝල්බ්‍ර‌ැක් සාමි විසින් කල පලාත් බෙදීමේ  අනිසි යෝජනාවය. ඒ අනුව කඳුකරයේ සිට රට වටේට ගලා බසිනා මේ දූපත කෘතිම කොටස් පහකට කඩන ලදී. එහි මූලිකම අරමුණවූයේ කන්ද උඩරට නිලමේලාගේ කොන්ද කැඩීමය. මධ්‍යම පලාත හීන් කෙට්ටු පඹයෙක් වැනි ස්වරූපයක් ගත්තේය.  ඉන්පසුව දුරස්ථභාවය සළකා තවත් පලාත් හරක් එකතු කරණ ලදී.

මෙම බෙදීම වෙනස් කලයුතුය කියා සිතීමටවත් කෙනෙකු 1948 න් පසුව වත් ලංකාවේ සිටියේ නැත. ඒ ගැන පර්යේෂණ කිරීමේ වගකීම සහජයෙන්ම භාරවන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කේ කුලරත්නම් හෝ ඔහුට පසුව ආ තම්බයියාපිලේ ක්‍රියා කලේ නැත. අවසානයේ 1990 දශකයේදී මහාචාර්ය මද්දුමබණ්ඩාර විසින් පලාත් නවය වෙනුවට රට ගංඟා ද්‍රෝණි හතකට බෙදීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. ගංඟා ද්‍රෝණි 103 ක් ඇති මේ කුඩා දිවයින ඒ අනුව දේශපාලන ඒකකවලට බෙදීම ලංකාව මුහුණපා සිටින දේශපාලන මෙන්ම පරිසර, දේශගුණික හා ආපදා අර්බුද වලටද විසඳුමක් වන්නේය.

1948 න් පසුව ලංකාවේ නිල්, කොළ, රතු දේශපාලකයින් රටට කර ඇති හානි විවිධ පැතිකඩ සහිතය. පහත දැක්වෙන කෙටි ලැයිස්තුව දෙස බලන්න.

(1) ඔවුන් ලංකාවේ ව්‍යුහාත්මක ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කලේය. 1947 ව්‍යවස්ථාව හොඳම එක වුනත් එහි අංග කොටස් කපා දමා එය විහිළුවක් කලේය. උදාහරණයක් වශයෙන් සෙනේට් සභාවේ අරමුණට පටහැනිව යමින් චන්දෙන් පැරදුන අය ඊට පත් කලේය. අන්තිමේ කනවෝ කනවෝ කියමින් එය අහෝසි කර දැම්මේය. පත් කල මන්ත්‍රීන් හය දෙනා ගැනද වුනේ මේ දේය. එය රටට සේවයක් කල හා සුළු ජනවාර්ගික කොටස් සඳහා වුවත් එම අරමුණ ඉටු නොවීය.

(2) ඔවුන් ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය විනාශ කලේය. ජයා පතිරණ නම් කුරුණෑගල දේශපාලකයාව ෆිලික්ත් ඩයස් විසින් උසාවියට පත් කලේය.

(3) ඔවුන් ලංකාවේ රාජ්‍ය සේවය මන්ත්‍රීන්ලාගේ සේවයක් බවට පෙරළුවේය. රාජ්‍ය සේවය බල්ලාටම ගියේය.

(4) ඔවුන් ලංකාවේ භූමිමය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය විනාශකලා පමණක් නොව එය බලු මනාප පොරයක් බවට පෙරළුවේය. මිනිසුන්ට තම චන්ද කොට්ඨාශයට නියෝජිතයෙක් තෝරා ගැනීමට ඇති අයිතිය නැතිකර, කොළඹ පක්‍ෂ කාර්‍ය්‍යාලයේ ලැයිස්තුවකට තම චන්දය දීමට බල කලේය. මේ නිසා ඇතිව ඇති බලවත් හානිය කියා නිමකල නොහැකිය.

(5) ඔවුන් ලංකාවේ පහලම සිවිල් පාලන ඒකකය වන ග්‍රාම සේවක වසම 4,000 සිට 14,000 දක්වා වැඩිකර රාජ්‍ය බලය චරපුරුෂ සේවයක් කරගත හැකි මට්ටමට ඔසවා ගත්තේය. මෙසේ නිලධාරීන් සංඛ්‍යාව වැඩිකරගත් රටක් ලෝකයේ වෙන නැත. මේ නිසා මහජනයාට ලැබෙන සේවයේ ගුණාත්මක වැඩිවීමක් තිබේද යන්න වෙනම කරුණකි.

(6) කිසි ජාතික සැලැස්මක් නැතිව හා හිතුමතේට ඇරඹූ මහා පරිමාන ව්‍යාපාර හරහා පරිසරයට හානි කලේය. මේ නිසා අද ගංවතුර, නායයාම්, කිඳා බැසීම්, නියං, සැඬ සුළං, අධික රස්ණය යානාදී ආපදාවලින් ලංකාව පිරිලාය.

(7) 1948 සිට සිදුවූ මේ විනාශකාරී ක්‍රියානිසා අද ඇත්තේ විනයක් නැති, සදාචාරයක් නැති, දූෂණයෙන් පිරුණු තමන් දුක් විඳින බව දන්නා හා නොදන්නා විශාල සමාජයක් හා  විශේෂයෙන් 1978 න් පසු ධනය හා බලය ලබාගත් කුඩා කොටසකුත් ය.

මේ සඳහා විසඳුමක් ඇත.  අළුත් කැබිනට් මණ්ඩයේ විෂය පථ බලන විට සිතා හෝ නොසිතා මේ ආණ්ඩුව 1832 සිට එන කෝල්බ්‍ර‌ැක් ක්‍රමය නැතිකරන්නට හදනවා සේ පෙනේ. මීලඟ කොටසින් එය සළකා බලමු.

චන්ද්‍රසිරි විජයවික්‍රම

5 Responses to “සම්බන්‌ධන් මහතා ඉල්ලන “ඔක්කොම එකතුවෙන්න පුළුවන් හොඳ තීන්‌දුව””

  1. Independent Says:

    “එය ෆිජි දූපතේ, මැලේසියාවේ හෝ සිංගප්පුරුවේ හෝ ඉන්දියාවේ පිහිටුවා ගැනීමේ උත්සාහ ව්‍යාර්‍ථ විය. ෆිජි දූපතේ යුද හමුදා කුමන්ත්‍රණයක්ද සිදුවිය. ”

    This is wrong. Please do not add inaccurate information on a serious document.

    When did you here about setting up Tamil Nadu in Malaysia or Singapore ? Which “brainless” attempts to set up Tamil Nadu in Singapore ? JB Jeyaratnam ?

    Fiji has very few Tamils. 90% of FIJI Indians speak Hindi. There was an attempt by India (probably) but not by Tamils.

  2. Independent Says:

    What you said 1 to 7 are perfect. I am sure all sons of our glorious motherland will approve it. Thank you.
    We should stop loving ALL POLITIKKOS. THEY ARE SUPPOSED TO BE OUR SERVANTS and are paid heftily for that service , so they are not GODS to do VANDANA.

  3. Independent Says:

    “ඉතාම සරලව බලනවා නම් සිංහල හා දෙමළ භාෂා දෙක පාසැල් ළමයින්ට ඉගැන්වීමෙන් එක පරම්පරාවක් ඇතුලත (අවුරුදු 10-15 ක් තුල) මේ දෙවර්‍ගයේ සැක සංකා, පූර්‍වනිගමන (ප්‍රිජුඩිසස්) බොහෝසෙයින්ම ඉවත්‌වෙනු නිසැකය. ”

    “මේ වෙනුවට ඉංග්‍රීසි භාෂාව මැදට දමන්නට අවශ්‍ය නැත. කුඩා කාලයේ සිටම සිංහල ජනයා සමඟ ජීවත්‌වූ, තමන්ගේ දුවලා දෙන්නාටම සිංහල බෑණාලා සිටින, බොහෝ ධනවත් සිංහලයින්ට හිමිනොවන වරප්‍රසාද භුක්තිවිඳි, සිංහල නොව දෙමළ විත්තිකරුවන් ඔහු ඉදිරියේ පෙනී සිටීමට පවා අධික භීතියකින් සිටියා කියා පැවසෙන ව්ග්නේශ්වරන් මහතා, දැන් රෑට කොළඹට එමින් දවල්ට යාපනයට යන ගමන් කියන, 1949 සිටම ලංකාවේ දෙමළ වාර්ගිකයින් සමූලඝාතනය කෙරෙමින් යනවා යන කතාවෙන් පෙනීයන්නේ යමෙක් සිංහල හා දෙමළ ඉගෙනගත්තාට පමණක් නොසෑහෙන බවය.”

    I think these two statements are contradictory.

  4. cwije Says:

    Independent

    1. Pl read carefully, I said prejudices would almost vanish. Then I gave an example that language itself is not sufficient.
    2. Thanks for the correction Fiji native army’s revolt against Indian the Indian attempt
    3. I saw in writings that SJVC and others decided to come to Ceylon because they were warned by Malay Bhuumiputra movement.
    4. Also I knew that Malay or Singapore leader told Tamils that if they start demonstrations they will be pushed into the sea.
    5. The number seven can be 22 if the unit is at the level of present-day district.

    Thank you and please note I will never lie knowingly. This essay went to each MP who has an e-mail at Parliament.

    wije

  5. Independent Says:

    Cwije,
    Only recently (around 2008 or so) there were some Indian riots in Malaysia. Strangely I was not aware of that statement ( from who Tunku ?).
    But Singapore is a completely different story. There were Malay-Chinese riots in early sixties in whole of Malaya ( Singapore was a federal state of Malaya those days). If Singaproe + Malaysia is take together, migrant Chinese population becomes more than 50% those days. Therefore Tunku (then Malaya PM) kicked Singapore out to be under ethnic Chinese leader LKY. Tamils (powerful were the Ceylon Tamils) supported LKY. The rest is history.

    If you were to compare Sinhale and Malaya, Sinhala = Malays (Bhumiputras) and Tamils = Chinese. That is how British set up the admin. They promoted Chinese. Obviously Chinese people are not like Tamils, they don’t suicide for nothing they want to do business and prosper. They don’t compare your plate and my plate and cry , they work hard and our smart you to make his plate bigger.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress