යෝජනා වැදගත් වූවත් කි්‍රයාවට නැගීමේදී ජනතා විශ්වාසය අත්‍යාවශ්‍යයයි
Posted on October 6th, 2015

මාධ්‍ය නිවේදනය ශිෂ්ටලංකා2015

2015 ඔක්තෝම්බර 06 වන දින

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙවර සැසි වාරය සඳහා ඉදිරිපත් කළ ශී්‍ර ලංකාව සම්බන්ධ වාර්තාවෙහි ප්‍රධානම හා මූලික නිර්දේශය වූයේ වාර්තාවෙන් සනාථ කෙරුණු යුධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජාත්‍යන්තර නීති උල්ලංඝණය අධිකරණමය කි්‍රයාවලියකට බඳුන් කිරීම සඳහා zzවිශේෂ දෙමුහුන් පරීක්ෂණ යාන්ත්‍රණයක්ZZ පිහිටු විය යුතු බවය. ශී්‍ර ලංකා ආණ්ඩුව ඊට එක`ග නොවන බව මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. zzදේශීය යාන්ත්‍රණයක්ZZ පිහිටුවන බව ආණ්ඩුව කියන්නේය. ඇමෙරිකා එක්සත් ජනපදය ශී්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඔවුනගේ සිව්වන යෝජනාවට ශී්‍ර ලංකා ආණ්ඩුවද හවුල් වන්නේ දේශීය පරීක්ෂණයකට ඉන් අවස්ථාව සළසන්නේය යන තර්කය මතය.

ඒ සම්බන්ධව මේ වන විට විවිධ අර්ථකතන ඇත. එහෙත් මේ පරීක්ෂණ යාන්ත්‍රණය හඳුන්වන ලේබලයට වඩා අපට වැදගත් වන්නේ සමස්ථ පරීක්ෂණ කි්‍රයාවලිය ආරම්භයේ සිට අවසානය දක්වා අගතියට පත් ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි ආකාරයෙන් ස්ථාපිත කෙරෙනු ඇතිද යන්නය. යුද්ධයෙන් ඇතිවූ බරපතල තුවාල සඳහා අවුරුදු 06 ට වැඩි කාලයක් තිස්සේ විසඳුම් ඉල්ලා සිටින මෙරට දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගත හැකි කි්‍රයාවලියක් වන්නේද යන්න ය. එය ආණ්ඩුවේ පහසුව සඳහා දෙමළ ජාතික සන්ධානයේ කැමැත්තට හා ප්‍රකාශ වලට පමණක් ලඝු නොවිය යුතු බවද අපි අවධාරණය කරමු.

ඒ වෙනුවෙන් මූලික කාරණා කිහිපයක් වෙත ආණ්ඩුව ඇතුලූ සියලූ පාර්ශවයන්ගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු. යෝජනා සම්මත කෙරුනු හා ශී්‍ර ලංකා ආණ්ඩුව පොරොන්දු වන ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීමට දැනට මේ රටේ පවතින නීති ප්‍රමාණවත් නොවන බව සැවොම පිළිගත්තකි. ඒ සඳහා අවශ්‍ය නීති සාංශෝධනය කරන්නට හා පැනවීමට ආණ්ඩුව සූදානම් බවද ප්‍රකාශ විය. එහෙත් අප අවධාරණය කරනුයේ සමස්ථ අධිකරණ කි්‍රයාවලිය සඳහා යොදා ගැනෙන රාජ්‍ය ආයතන වෙතය. සාමාන්‍ය අපරාධයක් සම්බන්ධයෙන් හෝ යහපත් අපක්ෂපතී පරීක්ෂණ පවත්වා නඩු පවරා මෙහෙයවීමට හැකි ආයතන පද්ධතියක් අප රටේ ඉතිරිව නැති බව පළමුවෙන්ම කිව යුතුව ඇත. අනෙකුත් සියලූ රාජ්‍ය ආයතන මෙන්ම පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලූ එම ආයතනද මේ වනවිට අතිශය දූෂිත, අකාර්යක්ෂම හා පක්ෂග්‍රාහී ආයතන බවට පත්ව ඇත. පොලිස් අත් අඩංගුවේ මිය ගිය සංඛ්‍යාව හා ඒ සම්බන්ධව පිළිගත හැකි පරීක්ෂණ නොපැවැත්වීමත් පොලීස් වධ බන්ධන වලට ගොදුරුවූ අය අතුරෙන් මූලික අයිතිවාසිකම් පෙතත්සම් ගොනු කළ අයට එල්ල වන හිරිහැර, තර්ජන සහ වත්තල ජෙරල්ඩ් පෙරේරා ඝාතනය කරනු ලැබීම දක්වා සියල්ලත් එවැනි සාධක වේ. ආසන්නම සිදුවීමක් ලෙස පස් වියැති ළදැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සතු අතිශය අපරිණත අවුල්සහගත ස්වාභාවය සියල්ල කියා පාන්නකි.

පසුගිය ආණ්ඩුව යටතේ සිදුවූයේ යැයි චෝදනා නැගෙන අපරාධ සම්බන්ධ පරීක්ෂණ හා නඩු පැවරීම් සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති කලකිරීම්, නුරුස්නාවන් හා විරෝධයන් විසින් ඔප්පු කෙරෙන්නේද එයම ය. හිටපු ජනාධිපතිනි කුමාරතුංග මහත්මිය ඝාතනයට තැත් කිරීම සම්බන්ධ නඩුව අවසන් කිරීමට අවුරුදු 15 ක් ගත වීම අහඹු හුදකලා සිදුවීමක් නොවන අතර එවැනි දීර්ග පමාවීම් හේතුවෙන් වසර ගණන් රඳවා සිටින සැකකරුවන් අවසානයේ් නිදොස්කර නිදහස් කෙරෙන අවස්ථාවද තිබිණ. එවැනි අතිශය අවාසනාවන්ත සිදුවීම් නිතර වාර්තා වන්නේය. ඒවා සමස්ථ අධිකරණ කි්‍රයාවලිය පිළිබඳ සමාජ විශ්වාසය බිඳ වැටීමේ තවත් සාධකය.

එවගේම බහුතර සිංහලවාදී මතවාදයකට යටත්ව දසක ගණනාවක් පුරා කි්‍රයාත්මක වන රාජ්‍ය ආයතන සතු වාර්ගික පක්ෂග්‍රාහිත්වයක් ඇත. එයට එකතුවන එක් හේතුවක් වන්නේ ඒවා බහුතර වශයෙන් සුළු වාර්ගික නියෝජනයකින් තොර වීමය. ඒ සමග 1971 කැරැල්ලෙන් පසු මෙතෙක් දීර්ග කාලයක් හදිසි නීතිය යටතේ කි්‍රයාත්මක වන්නට පුරුදු පුහුණු වූ සහ යුද සමයේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන්ද යොදා ගනු ලැබූ පොලීසිය පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රධාන ආයතනයක් ලෙස යොදා ගැනීමට සිදුවන විට දෙමළ ජනතාවට සිදුවිය හැකි අසාධාරණය හා අගතිය අපි කල්තියා ආණ්ඩුවේ අවධානයට යොමු කරන්නෙමු.

යෝජිත දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය පිළිබඳව දෙමළ සමාජයෙහි ඇති මූලික අකමැත්ත හා විරෝධය පදනම් වන්නේ එම කාරණා හේතුවෙනි. සමස්ථ අධිකරණ කි්‍රයාවලිය පිළිබඳව දකුණේ සිංහල සමාජයේ ඇති බරපතල අවිශ්වාසය හා විරෝධයද ඊට එකතු වන්නකි.

ජාතික විසඳුම් පිළිබඳව තවමත් වාර්ගික හා ආගමික වශයෙන් වෙන් වෙන්ව සිතන්නට හා සංවිධානය වන්නට පොළඹවා ඇති අපගේ සමාජයෙහි මෙැවනි අතිශය වැදගත් හා භාරදුර කි්‍රයාවලියක් සඳහා පොදු සමාජ හා දේශපාලන සම්මුතියක් තිබීම අතිශය වැදගත් බව අපි අවධාරණය කරමු. එවැන්නක් ලබාගත හැකි ව්‍යවස්ථාපිත ආයතනය පාර්ලිමේන්තුව ය. එහෙත් එයම සමාජ සම්මුතියකට ප්‍රමණවත් නොවේ යැයි අපි කියමු. ජාතික සංහිඳියා කි්‍රයාවලියක් බලාපොරොත්තුවෙන් පැවැත්වෙන යුධ අපරාධ පිළිබඳ පරීක්ෂණයකදී විපතට හා අගතියට පත්වූවන් සඳහා සාධාරණයක් ඉටු විය යුතු බව රටක් වශයෙන් පිළිගැනීම අත්‍යාවශ්‍ය හෙයිනි. යුද්ධය හේතුවෙන් අසීමිත ඛේදවාචක ඔස්සේ වසර 06 ට වැඩි කාලයක් සාධාරණ විසඳුම් ඉල්ලා සිටින උතුරු නැනෙහිර ජනතාවට සාධාරණයක් ඉටු කරදීමේ වගකීම බාර ගැනීමට සමාජයක් ලෙස අප සූදානම් විය යුතුව ඇත.

ඒ වෙනුවෙන් වහා සිදුවිය යුත්තේ පරීක්ෂණ ඇතුලූ සමස්ථ අධිකරණ කි්‍රයාවලිය දැඩි විනයක් ඇති ස්වාධීන, කාර්යක්ෂම ආයතන පද්ධතියක් සමගින් පිළිසකර කිරීමය. එය පහසු නොවන බව අප දන්නා නමුත් එවැන්නකින් තොරව ආණ්ඩුව බාර ගෙන ඇති දේශීය යුද පරීක්ෂණ කි්‍රයාවලිය ආරම්භ කළ නොහැකි බව අපි අවධාරණය කරමු. එනිසා අඩුපාඩු ඇතිවමුත් පිහිටුවා ඇති ව්‍යවස්ථා මණ්ඩලය විසින් සමාජ විශ්වාසයක් දිනා ගෙන සිටින දැනුම් තේරුම් ඇති පුද්ගලයන්ගෙන් සමන්විත ස්වාධීන කොමිසම් පිහිටුවීම ආණ්ඩුව වහා බාරගත යුතු අනිවාර්ය මූලික කොන්දේසියක් යැයි අපි කියමු.

ඊට සාධනීය ලෙස දායක වන්නට දසක හයකට වැඩි කලක් වාර්ගික වශයෙන් හා ආගමික වශයෙන් ඉතා අවාසනාවන්ත ලෙස ඛෙදා වෙන් කෙරුනු ලාංකීය සමාජය පොදු සම්මුතියකට ගෙන ඒමේ වගකීම මේ මොහොතේ ආණ්ඩුව පමණක් නොව රටේ සියලූ ජනමාධ්‍ය විසින්ද කර්තෘවරුන් හා ජනමාධ්‍යවේදීන් විසින්ද බාරගත යුතු සමාජ වගකීමක් යැයි අපි අවධාරණයෙන් යුතුව කියමු. එනිසාම උගතුන් හා බුද්ධිමතුන්, වෘත්තිකයන්, සමාජ කි්‍රයාධරයන්, සාහිත්‍ය හා කලාකරුවන් සහ වෘත්තීය සමිති නායකයන්ද සාධාරණ ශිෂ්ට සමාජයක් තහවුරු කිරීමේ එම වගකීම බාරගත යුතු යැයි අවසන් වශයෙන් අපි කියමු.

අත්සන් කළේ –
නීතිඥ නෙවිල් ආනන්ද
නීතිඥ සුජීව දහනායක
සමාජ කි්‍රයාධර මුදිත කරුණාමුනි
මාධ්‍යවේදී කුසල් පෙරේරා
වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස්
නීතිඥ ශී්‍රනාත් පෙරේරා
සම්බන්ධීකරණය –
නීතිඥ නෙවිල් ආනන්ද – 0777876811
නීතිඥ සුජීව දහනායක – 0777324062

2 Responses to “යෝජනා වැදගත් වූවත් කි්‍රයාවට නැගීමේදී ජනතා විශ්වාසය අත්‍යාවශ්‍යයයි”

  1. Independent Says:

    “එවගේම බහුතර සිංහලවාදී මතවාදයකට යටත්ව දසක ගණනාවක් පුරා කි්‍රයාත්මක වන රාජ්‍ය ආයතන සතු වාර්ගික පක්ෂග්‍රාහිත්වයක් ඇත. එයට එකතුවන එක් හේතුවක් වන්නේ ඒවා බහුතර වශයෙන් සුළු වාර්ගික නියෝජනයකින් තොර වීමය”

    -මෙය සත්‍යයක් නොවේ. මෙය මෙසේම් අවුරුදු ගනණාවක් දෙමල ජාතිවාදීන් ගෙන යැමේ හේතුවෙන්, දැන් සාධාරණයට කිට්ටුවෙනවිට ( තවමත් ඉටූවීනැත​) මෙසේ පෙනේ.

  2. Senevirath Says:

    සිංහලවාදී මතවාදයක් යටතේ අනෙක් වර්ගයන්ට තැනක් නැත . මුස්ලිම් රටක අනෙක් යට ත් එනක නැත . දෙමල මුස්ලිම් ඉල්ලීම් අසාධාරණ නැත්නම් ඔවුන්ට කරදරයක් නැත සිංහල රටේ උතුරේ 75% සිංහලයන් පදිංචි කිරීමට ඉඩදී දෙමලු සාශාරන් වූ විට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress