රනිල් දෙමළ ජාතිවාදියෙකි
Posted on December 1st, 2015

– ලසන්ත වික්‍රමසිංහ විසිණි. උපුටා ගැන්ම හෙළබිම සිංහල පුවත්

රනිල් වික්‍රමසිංහ සමාජවාදියකු නොවේ. ඇතැමුන්ට අනුව ඔහු ලිබරල්වාදියෙකි. තවෙකෙකුට අනුව ඔහු ධනවාදියෙකි. ඔහු මේ රටේ දෙවරක්ම ඉතා බලගතු ලෙස අගමැති ධූරයට පත් විය. ඒ 2001දී සහ 2015 දීය. ඔහු භාවිතාවෙන් පෙන්වූයේ ඔහු ධනවාදියකු බව හෝ ලිබරල්වාදියෙකු බවද?

2001 දී ඔහු භාවිතාවෙන් පෙන්වූයේ ඔහු ධනවාදියෙකු හෝ ලිබරල්වාදියකු හෝ නොවන බවය. ධනවාදියෙකු නම් උත්සාහ කළ යුත්තේ මෙරට තුළ ධනවතුන් බිහි කිරීමටය. ඔවුන් උපයන අතිරික්ත ප්‍රාග්ධනය භාවිතා කොට ලෝකයේ අනෙක් රටවල සම්පත් සහ ශ්‍රමය වෙත යොමු වීමටය. රීගේනින් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරීමෙන් ගම්‍ය වන්නේ ඔහු ධනවාදියෙකු හෝ ලිබරල්වාදියෙකු හෝ වන බව නොවේ. ඇමරිකාව ඇතුළු ධනවාදී රටවලට ලංකාව කොල්ල කන්න උදවු කරන්නට සූදානම් වූ ඔවුනගේ චක්ගෝලයකු බව පමණි ඒ මඟින් පෙනෙන්නේ.

2001දී ඔහු ගැන කීමට තිබූ එකම හොඳය සෘණ ආර්ථිකයක් ධන කළ බවය. නමුත් ඇත්ත වශයෙන්ම ලංකාව වැනි රටක සෘණ ආර්ථිකයක් ධන කිරීම, ධන ආර්ථිකයක් යළි ධන කරනවාට වඩා පහසුය. එය නිතැතින්ම වාගේ සිදුවන්නකි. මහා දුර්භීක්ෂයක් නොතිබීම ඒ සඳහා හොඳටම ප්‍රමාණවත් වේ. (සෘණ ආර්ථිකයක් ලෙස එදා දේශපාලකයන් විසින් හැඳින්වූයේ ආථික වර්ධන වේගය සෘණ අගයක් ගැනීමය.)

එකල ඔහු ජනතාවට කීවේ පටි තද කර ගන්න කියාය. මෙවරද එම වචනයෙන් නොකීවද සමස්ථ අයවැයේ මුඛ්‍ය අර්ථය පටි තද කර ගනු යන්නයි. මහින්ද සමයේ තත්වය මීට හාත්පසින්ම වෙනස් විය. මහින්දගේ පණිවුඩ වූයේ ඒක පුද්ගල ආදායම වැඩි කිරීම, දිළිඳු රටක සිට මැදි ආදායම් රටක් බවට පරිවර්තනය කිරීම, සාමයේ ප්‍රතිලාභ, සහ ආසියාවේ ආශ්චර්යය වැනි ඒවායි. අප මහින්ද හා එහිදී මතවාදීව එකඟ නොවන්නෙමු. ඒ පිළිබඳ වෙනම දීර්ඝ ලෙස කතා කළ යුතුය. නමුත් මහින්දට පැහැඳිලි දිශානතියක් විය. ඒ දිශානතියට රට ගමන් කළේය. එහි අඩුපාඩු කොතෙකුත් තිබුණද මහින්දට ගමනක් තිබුනි. නමුත් රනිල්ට කුමන හෝ දිශාවකට රට ගෙනයන ආර්ථික ගමනක් නැති බව පැහැඳිලිය. අතරමංවූ සිරිසේන මහතා පාර අසා ඇත්තේ මංමුලාවූ සමනලියකගෙනි. සිරිසේන මහතා ගැන නම් මට තේරුම් ගොස් ඇත්තේ කිසිදු තේරුමක් නැති අයකු ලෙසය. ඔහු උත්සාහ කරන්නේ “පරිසරයට” මුවා වී තම නොතේරුම් කම සඟවා තබා ගැනීමටය. නමුත් පරිසරයට ඔහුව සැඟවිය නොහැකි පරිසරයක් ළඟ එන ප්‍රාදේශීය සභා මැතිවරණයත් සමඟ උදාවනු ඇත.

රනිල් වික්‍රමසිංහ ධනවාදියෙකිය යන හැඟීම යමෙකු තුළ ඇති විය හැකිය. එය සදොස් නිගමනයක් වුව එවැන්නකට කිසියම් නෑකමක් රනිල්ගේ මතවාදයේ ඇත. තේරුම් ගැනීමට අපහසු මේ මිනිසා තේරුම් ගැනීමට සිත යොමු කිරීම උචිත සහ කාලීන වැදගත්කමකින් යුතු ක්‍රියාවක් වන්නේ අපගේ මවුබිමේ ඉරණම ඒ හා ගැට ගසා තබන්නට සිදු වී ඇති බැවිනි.

සිංහල කොටි සිටියේය. ප්‍රගීත් එක්නැළිගොඩ එවැන්නෙක් බව පුවත්පත් වාර්තා කළේය. ඒ වගේම සිංහලයන් වන දෙමළ ජාතීවාදීහු ද සිටිත්. දේශපාලකයන් අතර මෙන්ම වෙනසට හඬ දුන් විකල්ප ගෝත්‍රයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර ද එවැන්නෝ වෙත්. නන්දිකඩාල් කලපුව දිගේ පාවී එන ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු සංසේචනය වී බිහිවන අළුත් පරපුරක් පතන ටියුෂන් ඇදුරෝද සිටිත්. මතවාදීව මුන්ගේ ශුක්‍රාණු හා ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු වෙනස් වන්නේ අවම සෛල ගණනකිනි. දෙගොල්ලන්ම බෝ කරන අලුත් පරපුර ඔවුන් මෙන්ම සිංහලයන්ට වෛර කරන්නෝ වෙත්.

2001දී මෙන්ම 2015දී රනිල්ගෙන් පැහැදිලි ලෙස ඉස්මතු වී පෙනෙන මතවාදය කුමක්ද?

ප්‍රභාකරන් සමග ජාතික සංවාද ඇමතිගේ සංවාදයක්..

ඔහුගේ මතවාදය හෙළි කරන එක තැනක් පමණක් ගෙනහැර දක්වන්නට අපට ඉඩ දෙන්න. ඔහු මනෝ ගනේෂන් මහතාට ලබා දෙන ඇමති කම කුමක්ද? ඒ අළුතෙන්ම තනා දුන් අපූරු ඇමතිකමේ නම “ජාතික සංවාද ඇමති” නම් වෙයි. මනෝ ගනේෂන් ප්‍රභාකරන් සමඟ එකට ප්‍රභාකරන්ට අයත් පිහිනුම් තටාකයේ දිය බුං ගැසූ බව පුවත් පත්වල එකල පළ විය. හෙතෙම එල් ටී ටී ඊ වේදිකාවල සිට එල් ටී ටී ඊ ය වෙනුවෙන් ජනතාව ආමන්ත්‍රණය කළේය. මනෝ ගනේෂන් දෙමළ ජාතිවාදියෙකි. දෙමළ ජාතිවාදියෙකුට ජාතික සංවාදය බාර දෙන්න සිත් දෙන්නේ දෙමළ ජාතිවාදියෙකුටම පමණක් නොවේද? රනිල් සිරිසේන ආණ්ඩුව පත්වූ දා සිට ත්‍රස්ත මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගන්නේ එල් ටී ටී ඊ සැක කරුවන් නොව, බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරුවන්වය. අපට අභය දුන් රණ විරුවන් ත්‍රස්තවාදීන් ලෙස පෙනෙන්නේ අන්තවාදී දෙමළ ජාතිවාදීන්ට නොවේ නම් කා හටද?

රනිල් වික්‍රමසිංහ ඉතා පැහැඳිලිවම දෙමළ ජාතිවාදියෙකි. ඔහු දෙමළ ජාතිවාදයකු වන නිසා, ඔහු බෙදුම්වාදියකුද වෙයි. ඔහු ලංකාව දෙස බලන්නේ ඔහුගේ එම දෙමළ ජාතිවාදී චින්තනයෙන් යුතුවය. ඒ උපැස් යුවලෙන් බලන ඔහුට බෙදුම්වාදයට එරෙහි වූවන් පෙනෙන්නේ ජාතිවාදීන් ලෙසය. ඔහුට අනුව මහින්ද සුළඟ යනු ජාතිවාදී සුළඟකි. දමිළ දරුවන්ගේ බෙල්ලෙන් සයනයිඩ් කරල ඉවත් කර ඔවුනගේ අතට පොත් මිටිය ලබා දුන් මහින්ද ජාතිවාදියෙකු වන්නේ අන්තවාදී දෙමළ ජාතිවාදියෙකුගේ ඇසින් මිස අන් කවර ඇසකින්ද? ආර් සම්බන්ධන්ගේ සහ රනිල් වික්‍රමසිංහගේ මතවාදයන් අතර වෙනස කල්පනා කරන්නට උත්සාහ කළහොත් මේ බව වඩාත් පැහැඳිලි වනු ඇත. සම්බන්ධන් මෙන් රනිල් දෙමළ නිජබිමක් ඇතැයි මුවින් පවසා නැත. නමුත් ඔහු ක්‍රියා කරන්නේ දෙමළ නිජබිමක් ඇතැයි යන්න පිලිගත්තෙකු ලෙස නොවේද?

සිංහලයන් රටට ද්‍රෝහි වෙමින් කොටින් බවට පත් වූයේ මුදල් ලබා ගැනීමටය. රනිල් දෙමළ ජාතිවාදියෙකු වීම නිසා ඔහුට ලැබෙන්නේ කුමන කෙං ගෙඩියක්දැයි ඇතැමෙකු අසන්නට ඉඩ ඇත. අධිරාජ්‍යවාදීන් ලංකාව දුර්වල කර සිය අණසකට යටකර තබා ගන්නේ දෙමළ ජාතිවාදය උපයෝගී කරගෙනය. ඒ නිසාම දෙමළ ජාතිවාදියෙකු වන රනිල් වික්‍රමසිංහ ඔවුනගේ අංක එකේ තෝරා ගැනීමය. පක්ෂයේ මිනිසුන් රනිල්ට එරෙහිව සිරුරට ගිනි තබා ගෙන මිය යද්දී පවා රනිල්ට ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී පක්ෂ නායකත්වය අල්ලා සිටින්නට හයියක් ලැබගන්නේ දෙමළ ජාතිවාදියෙකු වීම තුළ තමාට විදෙස් රටවලින් ලැබෙන අනුග්‍රහය ගැන විශ්වාසය තබන නිසා විය නොහැකිද? කිනම් හෝ මොහොතක බටහිර බලවතුන් විසින් තමා බලයට ගෙන එන බව ඔහු විශ්වාස කළ නිසා නොවේද? මහින්ද පරදවන්නට තමා ඇමරිකාවට ගොස් ටියුෂන් ගත් බව ඔහු පැවසුවේ කිසිදු පැකිළීමකින් තොරවය.

ජනාධිපතිවරණයකින් පත් වූ ලෝකයේ එකම අගමැති ලෙස රනිල් අගමැති ධූරයේ ජනවාරි 9 දා ව්‍යවස්ථා විරෝධී ලෙස දිවුරුම් දීමට වාසනාව ලැබ ගන්නේ දෙමළ ජාතිවාදියෙකු වීම නිසාය. ඔහුට ඉදිරියටත් යමක් ලැබෙනවා නම් ලැබෙන්නේ දෙමළ ජාතිවාදී මතවාදයට අනුකූලව රට ගෙනයමින් සිංහලත්වය පරාජය කරමින් රට තුළ සංහිඳියාවේ නාමයෙන්ම අසමඟිය හා සැකය වපුරවමින් රට බෙදුම්වාදය කරා රැගෙන යාමට ඔහු කෙතරම් දක්ෂ සහ සූක්ෂම වන්නේද යන කාරණය මත පදනම්වය. බටහිරයන් විසින් රනිල්ගේ කාර්ය සාධන ඇගයීම සකසන්නේ දෙමළ ජාතිවාදී මතවාදය බලවත් ලෙස ඔසවා තබමින් සිංහලත්වය මරා දැමීමට ඔහුට ඇති දක්ෂතාවයට අනුවය. ඒ නිසා රනිල්ට පැවතිය හැක්කේ ඔහු දෙමළ ජාතිවාදියෙකු වන තුරු පමණි. ඔහුට නොපවතින්නට වුවමනාවක් ඇතැයි නොසිතමි.

-ලසන්ත වික්‍රමසිංහ

2 Responses to “රනිල් දෙමළ ජාතිවාදියෙකි”

  1. Ramanie Says:

    Absolutely spot on! Even at Colombo University at the tender age of his teens (may be 20!) he never showed any emotion other than utter contempt for the Sinhala masses and his best buddies were ALL Tamil!!!

  2. Ancient Sinhalaya Says:

    Catholic traitor chief pol pot ponil is a murderous thug. He knows he is untouchable. Why?
    Because catholic west always going to protect him. Batalande butcher knows he is above the law in Sri Lanka.
    He was not troubled by Batalande report where his and his catholic police buddies torture and murder of Buddhist
    youth proven beyond anybody’s doubt. But no missing persons commissions, no UN (selective justice), no AI (selective
    justice) for them because they were Buddhists. His involvement in central bank’s robbery of 5000 billion again proven
    beyond anybody’s doubt. Punishment? What punishment? He was made the pm of the country by fooling the
    masses by catholic-run media. That’s how absurd the plight of the Sinhalese is. He knows it. So he has only one thing for
    the UNPatriotic supporting Sinhalese. Contempt!

    He is anti Sinhalese, anti Buddhist, anti Sri Lanka. But he is a crafty and murderous fox, like his murderous, crafty
    uncle alugosu jr. UNPatriotic party is good at only few things.
    Killing Buddhists
    destroying Sinhalese race
    destroying Sri Lanka
    appeasing tamils and mussies.
    But there are a lot of Sinhalese modayas. Murderous UNPatriotic party knows it.
    So they don’t have to build any motorways, or win a war etc. etc. Just lies, murders and robberies.
    Sinhala modayin will be over the moon!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress