ඡන්දය නිම වන තෙක් මෛත‍්‍රි අස්වී මහින්දට ශ‍්‍රිලනිප නායකත්වය දී ඉන් පසු යලි ගන්න කතා..
Posted on January 25th, 2016

lanka C news

ඡන්දය නිම වන තෙක් මෛත‍්‍රි අස්වී මහින්දට ශ‍්‍රිලනිප නායකත්වය දී ඉන් පසු යලි ගන්න කතා..ඉදිරි පළාත් පාලන මැතිවණය අවසන් වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීම සඳහා වන උපක‍්‍රමික සැලැස්මක් ක‍්‍රියාත්මක කල යුතු බවට ශ‍්‍රිලනිප මෛත‍්‍රී හිදවාදී පිලේ ඇමතිවරුන් පිරිසක් සාකච්චා පවත්වා තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප නායකත්වයෙන් ඉල්ලා අස්වී හෝ මහින්ද රාජපපක්‍ෂ මහතාට පක්‍ෂ නායකත්වය ලබා දී මැතිවණය අවසන් වූ පසු යලි මධ්‍යම කාරක සභාව හරහා නායකත්වයට පත්විය හැකි යයි කොළඹ පිහිටි ඇමති නිවසකදී සිදු කර ඇති මෙම සාකච්චාවේදී අවධාරණය වී තිබේ.

හිටපු ජනාධිපතිවරයා නව දේශපාලන සන්ධානයකට සහාය දුනහොත් බිම් මට්ටමින් ශ‍්‍රිලනිප පාක්‍ෂියකයින් ඔහු වටා එක් වීම නිසා ශ‍්‍රීලනිපයට තුන්වන හෝ සිසුවන ස්ථානය දක්වා පල්ලම් බැසීමට සිදුවනු ඇති බවත් එසේ වීම ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරුපයට ඉතා දැඩිව බලපානු ඇති බවත් මෙහිදී තවදුරටත් අවධානයට ලක් කර ඇත.

ජනාධිපතිවරවෙකු නායකත්වය දරුණු ලබන පක්‍ෂය මැතිවණයකින් පරාජය වීම ඔහුගේ දේශපානයට ඉතා අහිතකර බැවින් කෙටි කාලයකට දේශපාලන උපක‍්‍රමයක් ලෙස ජනාදිපතිවරයා නායකත්වයෙන් ඉල්ලා අස්වී හිටපු ජනාධිපතිවරයාට ශ‍්‍රිලනිප නායකත්වය ලබා දිය යුතු බව මෙහිදී අවසාන වශයෙන් සාකච්චා වී ඇති අතර ඉදිරි දින කිහිපය තුල මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී ඔහු එකඟකරවා ගැනී මෙම පිරිස සූදානමින් සිටී.

One Response to “ඡන්දය නිම වන තෙක් මෛත‍්‍රි අස්වී මහින්දට ශ‍්‍රිලනිප නායකත්වය දී ඉන් පසු යලි ගන්න කතා..”

  1. NAK Says:

    Tikiri katha………Bolanda katha…..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress